උපතින්ම දෑත් අහිමි දැරියක පහේ ශිෂ්‍යත්වය සමත්ව සිටින්නීය. දැරණියගල දෙල්ඔළුව රෂ්මි නිමාෂා ගුණවර්ධන එම දැරියයි. ඇය ලකුණු 153ක් හිමිකරගත්තාය. ශිෂ්‍යත්ව කඩඉම ලකුණු 152 කි.
‘විභාගය ලේසියි. ඒත් වේගය මදි නිසා ලකුණු අඩු වෙන්න ඇති‘ යනුවෙන් ඇය කීවාය. විභාගය සමත් වී ජනාධිපතිතුමාගෙන් තෑගි ගැනීමේ ආසාවක් තිබූ බව ද ඇය සඳහන් කරන්නීය. එම ආශාව නැතිවේයැයි ඇය කනස්සල්ලද පලකරන්නීය.
ඇගේ දකුණු පාදය ද උපතින්ම නැත. එහෙත් වෙනත් දරුවන් මෙන් සියලු ක්‍රියාකාරකම්වලට දක්ෂ නිමාෂා වම් කකුලෙන් ලස්සන අකුරු ලියයි. ඇගේ මව සංගීත ගුරුවරියකි. පියා ද ගුරුවරයෙකි. ඇයගේ ලිපිනය
72/6, ජනසළු මාවත, මාදෙළ, අවිස්සාවේල්ල
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු ලෝ වැසියන්ගේම කාරුණික අවධානය මේ දැරිවිය වෙත යොමු වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... ගිනස් පොතට ඇතුළු විය හැකිදැයි සොයා බලන්න.. ගරු ජානාධිපතිතුමාගේත් පාර්ලිමේන්තුවෙත් අවධානය යොමු වේවා..! (නු)
අනේ දුවේ ඔබට උණුසුම් සුභ පැතුම්.. මම ජීවිතේ පළමු වතාවට තමයි ඇහුවේ.. ඔයාට හොදට ඉදිරි වැඩත් කරගන්න ධෛර්ය ආශිර්වාදය වාසනාව ලැබේවා.! (නු)
දුවගේ ධෛර්ය අපිට ආදර්ශයක්. තුණුරුවන් සරණයි! (නු)
සුභ පැතුම්.. මේ දරුවා ඇත්තටම හොද උදාහරණයක් දෑත දෙපය ඉතා හොදි ඇති තවමත් පාරේ සිගා කන අයට.. මේ කොහොද කොහොමද මම මේ අයට උදව් කිරීමට අවස්ථාවක් සළසා ගන්නේ..! (නු)
පුංචි තාරකාවිය වාසනා වේවා ඔබ දිවි මග.. මේ දරුවාට උදව් කිරීමට සම්බන්ධ කළ හැකි ආකාරයක් දක්වන්න..! (නු)
ඔබට ජාතියේ ප්‍රණාමය ඔබ වැනි දියණියන් අනෙක් දරැවන්ට ආදර්ශයක් ඔබ ඉගෙනීමේ ඉහලටම යන්න ඔබට එය කරන්න පුලුවන් තෙරැවන් සරණයි... (නු)
මේ දරුවාගේ ලිපිනය හෝ සම්බන්ධකළ හැකි ආකාරයක් ඇත්නම් දන්වන්න...! (නු)
ගොඩක් අගය කරනවා..(ස)
ගොඩක් හොදයි..සන්තෝෂයි දුවේ..! (නු)
දුවේ ඔබට සුභ අනාගතයක්... ජනාධිපතිතුමනි මේ දැරිවියේග් බලාපොරොත්තුන් සපල කර දෙන මෙන් ඉල්ලමි..! (නු)
දුවේ ඔබට සුභ පැතුම්.. කියවන කොට හරිම සතුටුයි.. අත පය තියෙන අපිට වඩා ඔබේ හිත හයියයි..! (නු)
දිරිය දියණියනි, ඔබ අත් පා හොදින් පිහිටා ඇති සියළු දෙනාට ලබා දී ඇත්තෙ මහගු ආදර්ශයකි. ඔබගේ අනාගතය සාර්ථකම වේවා! (ස)
මේ වගේ ළමයින්ට වෙනම පහසුකම් සැපයිය යුතුයි. අපේ සමහර අය තමන් තරම් ආගමට ලැදි කෙනෙක් තවත් නැති බව පෙන්නන්න නාස්ති කරන සල්ලි වලින් ඒ වගේවත් දෙයක් කරනවා නම් ඒක කොච්චර දෙයක්ද. (නු)
දුකයි සතුටයි දෙකම.. සුභ අනාගතයක් තෙරුවන් සරණයි..! (නු)
දුවේ ඔබට ජය..! බුදුසරණයි..! (නු)
අපගේ පුංචි දියණියට මගේ උණුසුම් සුබපැතුම් !!! (නු)
හරිම සතුටුයි රත්තරං දුවේ. ලකුණු අඩුයි කියලා හිතන්න එපා. ඔයා ඔය වයසට අනිත් යාළුවො මුහුණ දුන් අභියෝගයට වඩා විශාල අභියෝගයකටයි මුහුණ දුන්නෙ.ඔයාගෙ මුහුණෙන්ම ඒ එඩිතර බව පේනවා පුතේ. ඔයා රටේ හැමෝටම ආදර්ශයක්. තවත් හොදින් ඉගෙන ගන්න ඔයාට ශක්තිය ලැබේවා! (නු)
රටටත් ලෝකයටත් හොද ආදර්ශයක් දුවේ ඔබ.. ජයවේවා..! (නු)
මේ දුවට තව තවත් ශක්තිය ලැබේවා(ස)
මෙවැනි දරුවන්ට විභාග වලදී කාලය වැඩිපුර දීමට හෝ ක්‍රමවේදයක් සකස් කල හැකිද?(ස)
ගොඩක් හොද දෙයක් . (නු)
ඔබට ජය සතුට සහ ධෛරය්‍ය ප්‍රාර්ථනා කරමි.............. (නු)
දුවේ ඔබට සුභ අනාගතයක් (ස)
දුවේ ඔයා හරි දක්ෂයි .අනාගතයේදී ඔයාට අත් දෙකක්ම ලැබෙයි ලෝකය දියුණු නිසා...ඔයාට මගෙන් සුබ පැතුම් (ස)
https://www.facebook.com/pages/බෞද්ධයා-The-Buddhist/145864752175814?ref=hl
තමන්ගෙ ලමයි අනාගත අධ‍්‍යාපන ඇමති කරන්න හදන අයගේ ඇස් මෙ වගේ ළමයි දිහාට හැර වෙන්නේ නැති වෙයිද? (නු)
ඔබේ දිවි මග වාසානාවන් ....... .සුවහසක් මල් පිපේවා..... අපේ ජනාධිපති තුමා ඔබව අගයාවී දුවේ .(ස)
සියලු දෙනාගේම අවධානය යොමුවිය යුතු දුවෙක්..(ස)
දුවේ සුබ පැතුම්....(ස)
විශ්වාස කරන්නත් අමාරුයි
මේ දියණිය මගේ පාසලේ ඉගනුම ලබන දැරියක්.. දරාගත නොහැකි සතුටක්.. (නු)
මේ දරුවා පිරිමි දරැවෙකු වූවා නම් දුක සමනය කර ගැනීමට තිබුනා. ඇයගේ අනාගතයට දැඩි පිටිවහලක් අවශ්‍ය වේවි. ඔබට ශක්තිය ලැබේවා. (නු)
දියුණු රටවල මේ වගේ දරුවන්ට විභාග වලදි වැඩිපුර වෙලාවක් ලබා දෙනවා.. එහෙම දෙයක් නොකලා නම් ඇත්තටම අසාධාරණයක් කරලා තියෙන්නේ.. මේ වගේ දරුවන් රටට ආඩම්බරයක්.. බුදුසරණයි..! (නු)
හද පිරි සුභ පැතුම් දුවේ (ස)
අත් පා හතරම ඇති අයට දුව මහත් ආශිර්වාදයක් , ඔබට නීරෝගී සුවය ලැබේවා (ස)
හදවතින්ම සුබ පතනවා ....... දුවේ (ස)
දුවේ ඔබට ලස්සන අනාගතයක් පතමි.. ඔබ අනෙක් අයට හොද ආදර්ශයක්..! (නු)
මට ලියන්න වචන නෑ දුවේ ඔයාට සුබ පැතුම් (ස)
තෙරුවන් සරණයි චූටි දුවේ..! (නු)
ලක්බිමට පිපුණ සුවඳ මලක්! ඔබේ සුවඳින් ලක්මවම සුවඳවත්වේවා! හැකිනම් ඇයගේ සියලු විස්තර සමඟ වෛද්‍ය වාර්තාවක් ඉංගී‍්‍රසියෙන් ලියා එවන්න. ඇයට කෘතිම දෑතක් ලබා දීමට හැකිදැයි උත්සාහ කර බලන්නම්. පොරොන්දුවිය නොහැක. උත්සාහ කරමි. (ස)
දයාබර දුවේ ,ඔබට ලොකු අනාගතයක් දුවේ.(ස)
මේවට තමයි ආශ්චර්‍යන් කියන්නේ. කරුණාකර මේ දියණියගේ පියාගේ දුරකතන අංකය ලබා දෙන්න පුලුවන්ද? (ස)
ශිෂ්‍යත්වයක් දෙන්න වටිනවා
මගෙනුත් සුබ පැතුම්..බුදු සරණයි දුවේ. (ස)
බාධක මැදින් හොඳ ප්‍රතිඵල ගෙන දුන්න ලදැරිය ඔබගෙ ධෛර්ය්‍ය මා අගයන්න අත් පා ලබා අන්සතු දේ නැති කරන මැරවර පිරිස මෙය උපදේසෙට ගන්න (ස)
අපේ දෑස්වලට සතුටු සහ දුක් කදුළු එකට එක්කරන මොහොතක්....දෑතම අහිමි මේ පුංචි ධෛර්‍යවන්තියට අපගේ සුභපැතුම් කුමක් හෝ මේ දැරිය වෙනුවෙන් කරනවා නම් අපටත් විස්තර කියන්න....ජනපතිදුනි ඔබට කළහැකි උපරිම උපකාරයක් මේ දැරියට ලබාදෙන්න...මෙවැනි දැයේ දිරිය දරුවන් වෙනුවෙන් යමක් කිරීම මහා පුණ්‍ය කර්මයකි. (ස)
අපේ අත් දෙකම තිබ්බත් වැඩක් නැහැ
සුභපැතුම් ඔබට මගෙන්
සුබ පැතුම් දුවේ..(ස)
දක්ෂ වැඩක්
දුවේ, ඔබට අල්ලා දෙවියන්ගේ පිහිටයි. (නි)
ජයවේව ඔබට
තෙරුවන් සරණයි
ඔබට දෙවි පිහිටයි
පුංචි දුවේ, ඔයා ගැන අහන, දකින හැම කෙනෙකුගේම ආශීර්වාදය ඔයාට ලැබේවා. තෙරුවන් සරණයි ! දුවේ.(ස)
වසරේ දිරිය දියණිය
ඔබේ සියලු පැතුම් ඉටුවී වාසනාවන්ත අනාගතයක් උදාවේවා! (නි)
අපි කැමතියි ඔබට උදවු කරන්න
ඔබ ආදර්ශයක් ලෝකෙටම
රශ්මි නිමාෂා. ඔබ ගැන අපට ගොඩක් ආඩම්බරයි. සතුටුයි ඒ වගේම දුකයි , මෙයාට රජයේ අවදානය යොමු වෙනවානම් ගොඩක් හොඳයි (ස)
තෙරුවන් සරණයි ,,සියලු දේ සාර්ථක වේවා !! (ස)
දුවේ .... ඔයාට ජය වේවා !!! තව තවත් හොඳින් වැඩ කරන්න . බුදු සරණයි !!! (ස)
දිරිය දියණියට සුභ අනාගතයකට සුභ පැතුම්! (නි)
ඔබේ පැතුම් වාසනාවන්..(ස)
මෙවැනි අයට විභාගයට වැඩිපුර කාලයක් ලබාදිය යුතුයි. බුදු සරණයි දුවේ! (නි)
දුවේ, ඔයා ගැන අහන, දකින හැම කෙනෙකුගේම ආශීර්වාදය ඔයාට ලැබේවා.මේ දරුවාට උදව් කිරීමට සම්බන්ධ කළ හැකි ආකාරයක් දක්වන්න තෙරුවන් සරණයි (ස)
ඔයා හරිම ධෛර්යමත් දුවෙක් .වාසනාවන්ත අනාගතයක් දුවේ !!!!!!!! බලධාරීන්ගේ අවධානය යොමු වේවා !!!!!!!!(ස)
නියමයි !! (ස)
දුවේ, ඔයා මුලු ලෝකයටම දුන්නේ මහත් ආදර්ශයක්. (නි)
එලකිරිනේ..(ස)
දක්ෂයා දිනනවා
සුබ පැතුම් නංගී (ස)
ඔයාට සුබ අනාගතයක් (ස)
රෂ්මි නිමාෂා , සුභ පැතුම් සුදු දුවේ ! බුදු සරණයි ඔයාට (ස)
චුටි දුවේ සියලුම ප්‍රාර්ථනා සඵල වෙන රත්තරං අනාගතයක් උදා වේවා.මම නම් හිතන්නේ දුවේ නුඹ තමයි ලංකාවෙන් පළවෙනියා විභාගයෙන් සමත්.අත්පය හොදට තියෙන ළමයි එක්ක තරග කරලා ඔබ සමත් වෙලා තියෙන්නෙ.එම ළමයින්ට වඩා ඉදිරියෙන්ම.ලකුණු අඩුයි කියලා දුක් වෙන්න එපා ඔබ වගේ ළමයෙක්ට එම ලකුණු 200/200ම ගත්තා හා සමානයි.ඔබට සුභ අනාගතයක් දුවේ.බළධාරින්ගේ ඇස් මේ වගේ දක්ෂ ළමයි වෙත යොමු වේවා.(ස)
දුවේ ඔබ මිණි පහනක්ව ලොවම හෙට ජය ගන්න අහිමි දේට වඩා ඔබගේ ධෛර්‍යය වටින්නේය............... දෙමාපිය පැතුම් ඉටු කර ලොවම හෙට ජයගන්න දියණියේ දයාබර ..........(ස)
දුවේ ඔබ අපිට ඉන්න දක්ෂම දරුවා, පිහිටවිය හැකි අයට පිහිට වීමට ඔබගේ තොරතුරු දන්වන්න.. ඔබට අපේ සුභ පැතුම් (ස)
කරුණාකර එම දුවගේ විස්තර ලබාදෙන්න (නි)
දුවේ ඔබට හොඳ අනාගතයක් තියෙනවා..(ස)
මෙවැනි දරුවන්ගේ විභාග කාලය සාමාන්‍ය දරුවන්ගේ කාලයට වඩා වැඩිකිරීම හොදයි නේද? (නි)
අනාගතය ඉතාමත් වාසනාවන්ත වේවා ! (ස)
දුවේ ඔබට උණුසුම් සුභ පැතුම්..වාසනාවන්ත අනාගතයක්!!!!!!!!(ස)
හිතේ සවිය ඇත්නම් කළ නොහැක්කක් නොමැත. බුදු සරණයි! (නි)
දුවේ , ඔයාට ජය වේවා ! තව තවත් හොඳින් වැඩ කරන්න. බුදු සරණයි ! (නි)
ආසයි දුකයි. (නි)
පුංචි දුවේ, ඔබ ලැබූ ජය අති උසස් බව මට දැනේ. දෙවිදුන් මැවූ අප සැවොම සුවිශේෂී බව ඔබත් අද ඔප්පුකර ඇත. ඔබගේ සමත් බවට අතහිත දුන් හැමටත් දෙවි පිහිට පතමි. (නි)
ඔබට ජය.. දිණුවත් පැරදුණත් ජනාධිපති තුමා ඔබ සදහා කරුණාවෙන් බලනු ඇත..(නු)
චූටි දෝණිට මගෙන් උනුසුම් සුභ පැතුම්.. ජයම වේවා...(නු)
දුවේ ඔයාට සුභ අනාගතයක් රත්තරං දුවේ..!(නු)
චූටි නංගියෝ, ඔයයි ලංකාවෙන්ම පළවෙනි කියලයි මම හිතන්නේ. දෑත්, දෙපා ඇති ළමයි එක්ක එක කකුලකින් පමණක් තරඟ කර ඔබ ලැබූ ජයග්‍රහණය ඉතාමත් ප්‍රසංශනීයයි. ඔබගේ ධෛර්යය අප සැමට ආදර්ශයක්. නංගියෝ ඔයාගේ අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! (නි)
ඔබ දිරිය දුවෙක්
ඔයා හරිම ධෛර්යමත් දුවෙක්, ජයම වේවා! (නි)
සූදූ දුවේ, ඔයා ලැබූ ජයග්‍රහණය අතිශයින් ප්‍රශංශනීයයි. ඔයාගේ දක්ෂතාවය අත්පා තියෙන අයටත් ආදර්ශයක්. ගරු ජනාධිපති තුමා, ඔයාගේ පැතුම ඉටූ කරාවි. ඔයාට ජයෙන් ජයම වේවා! (නි)
තුනුරුවනේ ආශිර්වාදය! (නි)
අතපය තියෙන උනන්දුව නැති දරුවන්ට හොද ආදර්ශයක්. (නි)
ඔයාගේ පැතුම අනිවාර්‍යයෙන්ම ජනපතිතුමා ඉටුකරාවි දුවේ..(ස)
දුවේ, ඔබේ සියලු පැතුම් ඉටුවී වාසනාවන්ත අනාගතයක් උදාවේවා!(ස)
ඉස්සරහට හොඳින් ඉගෙන ගන්න...දැරණියගලට ආඩම්බරයක් වෙන්න..(ස)
හරිම පුද්මයි
ආදරණීය දුවේ ඔයාට සුභ පැතුම් (ස)
නියමයි. ඔබේ අනාගතයට මම සුභ පතනවා. (ස)
දෙවි පිහිටයි. (නි)
දුවේ, ඔබට සුභ අනාගතයක්! (නි)
ඔබට ලස්සන අනාගතයක් ලැබේවා! බුදු සරණයි! (නි)
ඔබ වත්මක් ළමා ලෝකයටම දුන් ආදර්ශය මා ඉතාමත් අගය කරනවා.(නදී)
උසස් ලමයෙක්.(නදී)
ගරු ජනාධිපති තුමනි මේ රත්තරං වටිනා දුවගේ අහිංසක බලාපොරොත්තුව ඉටු කර දෙන්න. මගේ රත්තරං දුවේ නුඹට තුනුරුවන් සරණයි. (ස)
ඇයගේ දෙමවුපියන්ගේ දුරකතන අංකයක් ලබා දීමට හැකි නම් මැනවි. (නි)
පුංචි දුවේ ඔයා අනිත් දුවා දරුවන්ට හොද ආදර්ශයක්..! (නි)
අපිට ආඩම්බරයි දුවේ. සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා! (නි)
චූටි දුවට තෙරුවන් සරණයි. (නි)
සුභ පැතුම් දුවේ. අපි දෙසැම්බරයේ හමුවෙමු.
දුවේ, සරත් මාමා තමයි හොද. ඔයාට ජය වේවා! (නි)
පිපෙත් දස අත සොදුරු මල් කැන් මෙවන් මල් නම් වාසනාවන්... සිතට දිරි ගන් නැගණියේ නුඹ නුඹයි මේ ලොව කිරුළ මිහිපිට... සුබ පැතුම් නිමාෂා නැගණියේ...(නු)
දුවේ, ඔබට සියලු ශක්තිය, ධෛර්යය නොඅඩුව ලැබේවා! අනෙක් සියලු විභාගත් මෙලෙස ජය ගන්නට හැකිවේවා! (නි)
දුවේ ඔයාට තෙරුවන්ගෙ අනන්ත ගුණ බලෙන් තවතවත් වාසනාව උදාවේවා ඔයා පෙර පිංන් කරලා තියනවා කිර්තිය ලබන්න මට හරිම සතුටුයි ඔයා ගැන ඔයාට බුදු සරණයි .(අ)
දුවේ, ඔබට සියලු ශක්තිය, ධෛර්යය නොඅඩුව ලැබේවා! අනෙක් සියලු විභාගත් මෙලෙස ජය ගන්නට හැකිවේවා! (ම)
හදවතින්ම සුභ පතනවා දුවේ ඔබට! ඉදිරි අනාගතය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි! (බ)
දුවේ, ඔබට සියලු ශක්තිය, ධෛර්යය නොඅඩුව ලැබේවා! අනෙක් සියලු විභාගත් මෙලෙස ජය ගන්නට හැකි වේවා! (ර)
ඔබට වරදින්න විදිහක් නෑ. ඔබ ගැන දෙවියෝ බලනවා. එහෙම නොබැලුවොත් දෙවියෝ දෙගොල්ලක්. ඔබට සුබ අනාගතයක් (බ)
බොහොම හොඳයි (බ)
දක්ෂතා ඇති ළමයෙක්.(හේ)
මම සුබ පතනවා ඔබගේ ඉදිරි අනාගතේට. (ර)