ඉතාලියේ වෙරෝනා නුවර පාරේ බලි ඇද කුරුටු ගා කුනු බක්කි කිහිපයක් ගිනි තැබූ බව කියන ශ්‍රී ලාංකිකයෝ තිදෙනෙක් ඉතාලි පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූහ.
මොවුන් වයස අවුරදු 14 හා 22 අතර අය බවත් පොලිසිය කියයි.
ඉතාලියේ වෙරෝනා නුවර පාරේ බලි ඇද කුරුටු ගා කුනු බක්කි කිහිපයක් ගිනි තැබූ බව කියන ශ්‍රී ලාංකිකයෝ තිදෙනෙක් ඉතාලි පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූහ.
මොවුන් වයස අවුරදු 14 හා 22 අතර අය බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුදුරු අනාගතයේදීම ශ්‍රී ලාංකිකයන්ට ඉතාලියට ඇතුලුවීම ප්‍රතික්ෂේප කරාවි. ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ගෙන් සියයට 90 න් හොද අධ්‍යාපනයක් නැති අය.(නදී)
මෙයාලගේ තාත්තලා තමා සමහරක් දවස් වලට ලිප්ටන් වටරවුමේ ඉන්නේ (නදී)
සෙන්තිල් තමා නුගත් කියල ප්‍රදර්ශනය කරන්න එපා (දිල්)
නරි රජ වාසලට ගියත් උපතින් උරුම වූ නරි වැඩමයි උන් කරන්නේ. (නදී)
මට හිතෙන්නෙ නැහැ මේක හරියි කියලා. එහෙම වෙන්න බෑ අපේ අය හොද ගුන යහපත් අය, මේක සත්‍ය නම් මහ අයටයි දඩුවම් දෙන්න ඕනෙ.(නදී)
රතු මල්ලි ඔයාල මේකට වග කියන්න ඕනා.(නදී)
චමින්ද ඔබගේ අදහසට මා හොඳින්ම එකඟයි. නමුත් ඉතාලියේ ශ්‍රී ලංකා උපකුලකය ඔස්ට්‍රේලියාවත් සමග සංසන්දනය නොකළ යුතුයි. මන්ද, ඉතාලි භූමියට පය ගහන ඕනෑම කෙනෙකුට මෙහි රැඳෙන්න අවසරයක් ලබාදෙන්න තරම් ඉතාලිය කාරුණික නිසා.. ඒ නිසා මෙහි පොහොසත්, දුප්පත්, උගත් සහ නුගත් ශ්‍රී ලාංකිකයන්ගේ මිශ්‍රණයක් මෙහි සිටින්නේ. මෙහි සිටින ශ්‍රී ලංකික ළමයි ඉතාමත්ම දක්ෂයි. යුරෝපයේ ඉහලම රැකියාවන් කරන ළමයි ගොඩක් සිටිනවා. අහඹු ලෙස හෝ වරදක් නොකරන්නේ නම් එම ළමයි පරිපුර්නද නැත.(නදී)
පිටිගල මිලානෝ බොරු කයිවාරු එපා සහෝදරයා.. මම දකින සෑම පුවතක්ම ඉතාලිය ගැන දකින්නේ වල් බුරු වැඩ කරන . නුගත් ලාංකිකයන් පිරුන රටක් හැටියටයි.(නදී)
මේ රටවල මහජන බදු මුදල් වලින් තමයි නගරය පිරිසුදුව තබා ගැනීමට හැකිවී තිබෙන්නේ. එනිසා මෙවැනි ක්‍රියාවන්ට මහජනාවගේ දැඩි පිලකුලක් ඇති වන අතර විදේශිකයන්ට එරෙහිව නැගී සිටිවී. ශ්‍රී ලාංකිකයන් හැටියට, අභිමානය විනාශ නොකළ යුතුය. දරුවන් ගැන නිතරම සෙවිල්ලෙන් සිටිය යුතුය. මේ රටවල මහජන බදුමුදල් වලින් තමයි නගරය පිරිසුදුව තබා ගැනීමට හැකිවී තිබෙන්නේ. එනිසා මෙවැනි ක්‍රියාවන්ට මහජනාවගේ දැඩි පිලකුලක් ඇති වන අතර විදේශිකයන්ට එරෙහිව නැගී සිටිවී. ශ්‍රී ලාංකිකයන් හැටියට, අභිමානය විනශ නොකළ යුතුය. දරුවන් ගැන නිතරම සෙවිල්ලෙන් සිටිය යුතුය. (නදී)
පිටිගල මිලානෝ, ඔබ කියනා කරුණු වලට මාද එකග වෙනවා කිසිම පැකිලීමක් නොමැතිව. වරදක් නොකළ දරුවෙක් මේ ලෝකයේ නොමැත. නමුත් මේ දරුවන් තිදෙනා කල දේවල් නම් පමණ ඉක්මවා යාමකි. මාගේ අදහස නම් මොවුන්ගේ දෙමව්පියන් මීට වඩා මේ දරුවන් ගැන සැලකිලිමත් විය යුතුයි. අපි දරුවන් පාලනය කිරීම පුංචි කාලයේ සිට කල යුතුයි මාගේ හැගීම. අපේ දෙමවුපියන් අපිව කුඩා, කාලයේ සිට පාලනය කල නිසයි, අද අපි මේ තත්වයේ ඉන්නේ. අවුරුදු 14 අවුරුදු 22 අතර කාලය දරුවන් පාලනය කිරීමට කාලය නොවේ. එම වයස් සීමාව පරක්කු වුවා වැඩිය, බටහිර රටවල් වල ජීවත් වන හා ඉපදුනු ශ්‍රී ලාංකික ළමයි විශේෂයෙන්ම .(නදී)
මන්සිල් මහත්තයෝ බලන්න නෙදර්ලන්තේ ඉන්න උගත් ශ්‍රී ලාංකිකයෝ , ඉන්න රටේ හරි ලංකාවට හරි කරපු හොඳක් තියනවා නම් පෙන්වන්න.(නදී)
පිටිගල මහත්තයා, ඔයා දන්නා දේට වැඩිය නොදන්නා දේ වැඩියි. ඔබ දන්නේ හැමදාම ලංකාවේ ජනයාගේ වැරදී කියන්නයි. මොකටත් කලින් ඔයාගේ වැරදී හදාගන්න බලන්න. අර ඕස්ට්‍රේලියාවේ ඉදන් සුද්දගේ දේ පසුපස යන සිංහල සුද්දත් දන්නේ එහෙ ඉන්න දරුවන් ගැන අපිට කියලා දෙන්නයි. මේ වගේ පොඩි දේකට ඔයාල ලොකුවට තම ජාතිය සුද්දට විකුනන්න එපා ලොක්කා. ඔයා හරියටම දැකලා තියනවද ලංකික ළමයි ඕස්ට්‍රේලියාවේ පාසැල් වල ඉගෙන ගන්නවට අමතරව වෙන මොන මොන සෙල්ලන් දානවද කියලා? ඔය ඒකත් හොදට හොයල බලන්න. (නදී)
පාප් වහන්සේ ගේ මනුස්ස කම හින්දම ජේසුගේ කීමට අනුව ඉතාලි භූමියට පය ගහන ඕනෑම කෙනෙකුට මෙහි රැඳෙන්න අවසරයක් ලබාදෙන්න තරම් ඉතාලිය කාරුණිකයි . ඒකෙන් ප්‍රොයෝජන ගන්නේ අහක එන්න හිවල්ලු වෙන්නප්පුවේ මිගමුවේ ඉදලා මෙහෙට අපු හැමෝම අද ඉතාලිය කාලා තියෙන්නේ .හැමෝම හොරට තමුන්ගේ විසා එක විකුණලා හොර කොන්ත්‍රාත් ගහලා ලංකාවේ අයව මෙහෙට පටෝනවා. (නදී)
පිටිගල මිලානෝ ඔබගේ දෙවෙනි අදහසට මමත් එකගයි,.. මන්සිල්,..ඔයා හිතන විදිය තත්වයක් ඉතාලියේ නෑ. උගත් නුගත් පන්ති දෙක ඕනෑම රටක තියෙනවා. ඔයා ජීවත්වෙන නෙදර්ලන්තයේත් ඔයා පන්ති දෙක තියෙනවා හොදට ඇස් ඇරලා බලන්න ඔයා වගේ ශ්‍රී ලාංකිකයයන් ගැන අපිට බොහෝම කනගාටුයි.(නදී)
ඉතාලිය අපට මෙහි රෙඳි රැකියාවක් කර ගැනිමට ඉඩදී තිබෙන්නේ. ඉතාලියේ මිනිසුන් ගැහැනුන් නොකරන වැඩ වලට අපව යොදා ගෙන ඔවුන්ගේ ආර්ථිකයට වාසියක් ලබා ගැනීමටය. අප ඉන්නේ ඉතාලියේ උනත් රැකියාව අතින් මැද පෙරදිග රටවලට සමානය. ගනු ලබන වැටුප ටිකක් ඉහලයි. . එය අපේ රට සුද්දන්ට යටත් කාලයේ ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වූවා සේය. සියලුම ලාංකිකයන් මෙහි පැමිණ සිටින්නේ ආර්ථික හේතුන් මතය. සමහරු එන්නේ තිබෙන ඉඩ කඩම් සියලුම දේ විකුණා දමාය. මෙහි පැමිණියාට පසු සමහරුන්ට තමන් ආ මුලික හේතුන් අමතකවී යුරෝ වලින් මත් වී තමන් ලංකාවේ ගතකල ජිවිත අමතකවී අමුතුම ජිවිත වලට යති. සමහරු මෙම රටටත් තමන් උපන් රටටත් නින්දා ගෙන දෙන වෙඩ කරති . මා දන්නා ආකාරයට මෙහි සිටින්නේ සියයට 90 කම නුගත් සමහරු අවම අධ්‍යාපනයත් නොලැබු අයයි . දැනටම මෙම රටට විදේශිකයන් එපා වන තරමට ඔවුන්ගේ වැඩ කටයුතු සිදුවේ වැඩි කල් නොගොස් ඉතාලියටත් ලකාවේ අයට දොර වැසේ . ඔය මෙහි ප්‍රතිචාර දමන බොහෝ දෙනෙකු පිටිගල මිලානෝ ඇතුළුව සියල්ලන් එකම බෝට්ටුවක කොටසකි . මා පුද්ගලකිවම මෙහි ප්‍රතිචාර දමනා බොහෝ දෙනෙක් ව දනිමි.(නදී)
මෙහි ලංකාවෙ සිට අදහස් දක්වා ඇති බොහෝ අයට ඉතාලි සංස්කෘතිය පිළිබද අවබෝදයක් නැති බවයි පෙන්නේ. ඉතාලියේ පාසල් යන බොහෝ තරුණ ළමයි මෙවෙනි දේවල් කරනවා. ලාංකික සම්භවයක් ඇති දරුවන්ද හුරු පුරුදුවන්නේ ඉතාලි සංස්කෘතිය බැවින් මෙවැනි දේවල් වෙනවා . හැබැයි ඉන් අදහස් කරන්නේ එය අනුමත කරනවා යන්න නොවෙයි .(නදී)
නූගත් අය ගිය තැන තමන්ගේ තත්වය ප්‍රදර්ශනය කරනවා.(නදී)
රැල්ලට ගිය වැල්ලේ පුත්තු නාට්‍යයේ එක ජවනිකාවක් රූගත කරලා වගේ. (නදී)
සෙන්තිල් හිතන්නේ දෙමළ අයට විතරක් ඉතාලියේ ස්ථිර පදිංචිය දෙන්න ඕන කියලද?(නදී)
මේ ගණන් ගන්න තරම් දේවල් නෙමෙයි මම නම් හිතන විදියට... (දිල්)
අනිල්,..ඔය කතාව කන්නාඩියක් ඉස්සරහට ගිහින් කියන්න ,හේතුව ඔයා කියල තියෙනදේ කියල තියෙන්නේ ඔයාටම නිසා ..... සජිනි ... ඔයාගේ අදහස් දැක්වීම ගැන කණගාටුයි.(නදී) .
වැරදි කරන අය ලෝකයේ හැම රටකම හැම නගරයකම ඉන්නවා ඉතාලියේ විතරක් නෙමේ (නදී)
කතා දෙකක් නෑ මේ අපේ රටේ කලින් ඡන්ද වලට වැඩ කල දෙන්නෙක්.(නදී)
වෙදගත් සිංහල පවුල් වල ළමයින් මෙහෙම පාරට බහින්නේ නැහැ . දෙමව්පියන් එයට ඉඩ දෙන්නෙත් නැහැ . නිතරම පාරේ සිටින්නේ ගෙදර ඉන්න ඉඩ කඩ මදි කම තිබෙන ඒ අයගේ ළමයින් . මොකද මුළු පවුලම ජිවත් වන්නේ සමහරවිට එකම කාමරයක කැම උයන්නේ . නාන්න වැසිකිලි යෑමට නිදා ගන්නට සිදුවී තිබෙන්නේ මෙවැනි පරිසරයක ඉතාලි සිටින බහුතරයට . එනිසා සිදුවන විපාක මේවා . උදේට වැඩට දෙමව් පියන් නැවත ගෙදර එන්නේ මහා රෑට . ඒ අතරේ ළමයින් පාරේ ගැවසිම රස්තිදු වීම මත කුඩු භාවිතයට . පහත පෙලේ වැඩ කිරීමට පෙලෙබිම අරුමයක් නොවේ . මා දන්නවා මෙයට අනික් අය දමන ප්‍රති චාර . කමක් නැහැ මට බනින්න . එහෙත් මෙය තමා සත්‍යය . ඇත්ත සෑම විටම තිත්තය (අ)
ෂෙහාන් නමැති කවි කාරය දුකට කවි කියයි. ඔවැනි ඉරිසියාකාර , කුහක කවි කාරයෝ බොහෝ අපි මීට කලින් දැක ඇත. මේ කවි කාරයාට ඕස්ට්‍රේලියාවේ පදිංචිය දුන්නානම් මෙවැනි මිහිරි කවි අපිට අසන්නට ලැබෙන්නේ නැත. මේ හිටිවන කවිත් අපි මේ කනින් අසා අනිත් කනින් පිට කරමු. ලබන ආත්මේ වත් ඉරිසියාව ,කුහක කම නැති කලොත් සමහර විට ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට පුළුවන. ජයවේවා. (අ)
ලංකාවේ ඔය කුරුටුගාන අය ඇල්ලුවොත් නම් පොලිසියේ කූඩු ඉඩ මදිවෙනවා.ඇල්ලුවොත් කියයි රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ කියලා, මානව හිමිකම් වලට යයි. (නි)
මේ රටේ නිදහස දුටුගමන් ලංකාව අමතක වෙනවා (නි)
දෙවියන්ට තුති කරන්න ඕනේ චමින්ද මහත්තයෝ. ඔයා වගේ කෙනෙකුව බෝට්ටුවේ හරි ඕස්ට්‍රේලියාවට යවල වෙනත් ලෝකයක් පෙන්නලා දුන්නට. එහෙම ගියත් කමක් නැහැ හැබැයි ඔය තමුන්ගේ අනිත් රටවල ඉන්න ජාතිකයින් ලෙස කතා කරන්න ඉගෙන ගන්න එපා. එතනින්ම තේරෙනවා කොච්චර නුගතෙක් එක්කද ලබන ආත්මේ මට හමු වෙන්න එන්න කියන්නේ කියලා. (ස)
ෂෙහාන්, ඔබලා වැනි පුද්ගලයන් අනිත් අයට බත් පතක් කෑමට ලැබුනොත්, කෙසේ හෝ බලන්නේ එයට වැලි ටිකක් දැමීමටය.ඒ බත් පත පසුව ඔහෙලාටද කෑමට බැරි බව හොදාකාරවම දනිති. එයට කමක් නැත. "අනිකාට කෑමට නොලැබේ නම් මා බඩගින්නේ මලත් කම් නැත". එය ඔහෙලාගේ පැතුමයි! ඔහෙලාට ඊට වඩා ආතල් එකකුත්, සොමියකුත්, ත්‍රිල් එකකුත් තවත් නැත. ඒ ඔහේලාගේ ජන්ම ගතියයි. (ස)
ෂෙහාන්, බෝට්ටු වලින් ආපු අයට සිංහල බැහැ කියලා දන්නේ නැද්ද? මට නම් හොඳට සිංහල පුළුවන් .ඒකෙන්ම හිතා ගත හැකි නේද මම ආපු විදිය කොහොමද කියලා. (ස)
සිඩ්නි 'කින්ස් ක්‍රොස්' පැත්තේ ක්ලබ් වලට එන ලංකාවේ ගැහැණු ළමයි බීමතින් තම සගයා සමග එය පිටුපසට ගොස් මහා රෑ කරන කියන දේවල් මම ඇස් දෙකෙන් දැකලා තිබෙනවා. ඒවා ප්‍රසිද්ධ මාධ්‍යයකට ප්‍රචාරය කරන්නත් අමාරුයි. මම ඕස්ට්‍රේලියාවේ ඉගෙනගන්න කාලේ ඒවායේ වේටර් කෙනෙක් විදියට වැඩ කළ නිසයි දන්නේ. (නි)
නියමයි දිනේෂ් ලින්ෆිඑල්ඩ් , අපි කොහේ හිටියත් ඇත්ත කතා කරමු. මෙහෙත් වැරදි තිබෙනවා. අපි කාගේත් වැරදි තිබෙනවා. කොහෙත් වැරදි තිබෙනවා. එහෙත් වැඩේ කියන්නේ ඒවා සමහරුන්ට පෙනෙන්නේ නැති එකයි. (නි)
ක්‍රිස්, ඔයාගේ ජන්ම ගතිය නේද අනිත් මිනිස්සුන්ට අපහාස කරන එක? ඒ අතින් බලද්දී වෙන්නප්පුවේ දූවේ මීගමුවේ අයට මනුස්සකම තිබෙනවා. (නි)
මෙතන කොටවලා රට හදන්න දගලන සමහරු තමුන්ගේ ළමයි වත් හරියට හදල නැහැ වගේ (අ)
මේ ගොල්ලො ඉතාලියට හරි විනයක් නේ (අ)
මේ වගේ මොලේ අමාරු කාරයෝ නිසා මහන්සියෙන් කීයක් හරි හොයාගන්න මිනිස්සුන්ටයි කරදරේ...(නදී)
පිටිගල මිලානෝ කියන්න බලන්න අපට ,මේවාට තියෙන විසදුම් මොනවද කියල.(නදී)
අපේ දේශපාලකයන්ගේ ළමයි වත්ද?(නදී)
හැමදේම මේකේ දානවනේ.(නදී)
ඉතාලියේ ඉන්න ලාංකිකයෝ ටික දෙනෙක් ඔය වගේ වැඩ කරනවා.(නදී)
මං නම් කියන්නේ .., හොද වැඩේ , හිතන්න ඇති ලංකාව වගෙයි කියල (නදී)
දැන් අර ශුද්ධවන්ත කට්ටිය ඇවිල්ල වෙන්නප්පුවට බනින්න පටන් ගනියි ඔන්න.(නදී)
පුරුද්ද ... ඉතාලි නෙමෙයි දි ව්‍යලෝකෙට ගියත් වෙනස් වෙන්නේ නෑ (නදී)
වෙන්නපුවේ දුවේ මීගමුවේ අය පැරීසිය චාටර් කරනවා.(නදී)
පිස්සුනේ (ස)
මේ වගේ අය නිසා රටේ නමයි විනාස වෙන්නේ ... මේ අය ඉතාලි පාසල් වල ඉගෙන ගන්න ළමයිනේ ,ඉතාලි පාසල් ළමයිනුත් හුගාක් ඔය වැඩේ කරනවා,ලංකාවේ අය උනාට ඉතාලියෙනේ ජිවත් වෙන්නේ ඒ නිසා ඔය වැඩ කරනවා කොලු කමට.නම යන්නේ ලංකාවේ ......මොනවා කරන්නද (ස)
ඉතාලි රජය කරපු මෝඩම වැඩක් තමා දකුණු ආසියානු රටවල අයට සුදුසුකම් නොබලා ස්ථිර පදිංචිය දුන්න එක. (ස)
ඕවට තමයි කියන්නේ ජන්මයට වැඩිය පුරුද්ද ලොකුයි කියලා (නි)
ෂුවර් එකටම අර ලංකාවේ පාරවල් වල බලි අඳින කට්ටියගේ ළමයි තුන් දෙනක් වෙන්න ඇති. (අ)
මේක ළමයින්ගේ වරදක් විතරක් නොවේ. දේශපාලකයන් ගස් ගල් වල, මහා පාරේ නම් කොටලා අපේ පරිසරය විනාශ කරන විදිය පෙනෙනවානේ. කිසිම හැගීමක් නැතුව. සමහර ළමයින් ඒවා ආදර්ශයට ගන්නවා. දියුණු රටවල පරිසරය ගැන සැළකිලිමත්. නීති වලට වඩා ස්වයං විනය වැදගත්. කරුණාකර අපේ රටේ පෙර පාසලෙන් අරඹන්න. වසර 10 කින් වෙනස් කළ හැකියි. (නි)
ලොකු අයගේ හැටියට තමා පොඩි අය ගමන් කරන්නේ (නි)
ශ්‍රී ලාංකික සිංහලයන්ද? (නි)
ඉතාලි ආණ්ඩුව කරපු මහා මෝඩකමක් තමයි,සිංහලයන්ට ස්ථිර පදිංචිය දුන් එක. (නි)
ෂුවර් එකටම ලංකාවේ දේශපාලකයින්ගේ දරුවෝ තමයි මේ වගේ වැඩ කරන්නේ (නි)
අනේ අපොයි! අපිටත් නරකක් වෙන වැඩ තමා මේ ළමයි කරන්නේ. ඒත් ලංකාවටම බැනලා හරියන්නෙ නැහැ. (නි)
ඕවා බටහිර රටවල ළමයින්ගේ වැඩ. දෙමව්පියන්ගේ වගකීමක් ළමයන්ට අපේ සංස්කෘතිය කියලා දීලා අපේ විදිහට ළමයි හදන එක .. (නි)
ඒ අතින් ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ළමයි ගැන අපි ආඩම්බර වෙනවා. ඔවුන් කිසිමදාක නරක දේවල් වලට සම්බන්ද වුණා කියලා අපට අසන්න ලැබී නැහැ කියලා වගකීමෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. ශ්‍රී ලාංකික දෙමවුපියන් ඔවුන්ගේ දරුවන් ගැන බොහොම ලොකු විමසීමකින් ඉන්නවා සැමවිටම. දරුවන් ආශ්‍රය කරන මිතුරු මිතුරියන් කවුද, ඔවුන් යන එන ගමන් බිමන් මොනවද , මේ හැම දෙයක් ගැනම ඇස ගසාගෙනයි ඉන්නේ. ලාංකික දරුවන්ගේ එකම ඉලක්කය අධ්‍යාපනය හොදින් කරගෙන යාමයි. ඒ නිසා දරුවන් නොමගට යොමුවීම ඉතාම අඩුයි. ඒ වගේම කිව යුතුයි මේ දරුවන් අධ්‍යාපන කටයුතු වලින් ඕස්ට්‍රේලියාවේ සිටින්නේ ඉහළම තැනක බවත්. ඔබ ගැන අප ඉතාමත්ම ආඩම්බර වෙනවා දරුවනේ, ශ්‍රී ලාංකිකයෝ හැටියට. ඕස්ට්‍රේලියානුවන් අතර ශ්‍රී ලාංකිකයන් ඉතා ඉහළම පිළිගැනීමකට ලක් වී සිටිනා බවත් කිව යුතුය . (නි)
දෙමව්පියෝ යුරෝ දඩයමේ යනවා පැය විසි හතරේම. මුදල් ලැබුනාට තවත් මදි. ළමයින්ට කිසිම රැකවරණයක් නැහැ. අම්මා තාත්තා ගෙදරදී කතා කරන්නේ යුරෝ සහ ඉලක්කම් ගැන පමණයි. ගුණධර්ම, සදාචාරය ඒවායේ ගෑවිලාවත් නැහැ.මෙවන් පවුල් වල හැදෙන දරුවන් කුණු බක්කි ගිනි තියලා නිකන් හිටියොත් ලොකු දෙයක්. (නි)
ඉතාලියේ ඉන්න වැඩිහිටියෝ කරන දේවල්වල හැටියට ළමයි ඔය වගේ දේවල් කරන එක පුදුම වෙන්න දේකුත් නැහැ. හැබැයි ළමයි එක්කෙනෙක් හෝ කීප දෙනෙක් වැරද්දක් කළයි කියලා රටේම පුරවැසියන්ව වැරදිකාරයො කරන්න තරම් ඉතාලියේ හා යුරෝපයේ මිනිස්සු මෝඩ නැහැ. (නි)
බලු වලිගය හත් අවුරුද්දක් උණ පුරුකේ දැම්මත් ඇද අරින්න නොහැකිලු(නි)
පාර බලි අඳින තැනක් නෙමෙයිනේ දරුවනේ.පාරේ නැටුවොත් මහා උළු ගෙදර තමයි. බලාගෙන.තැන නොතැන බලලා වැඩ කරන්නකෝ, දරුවනේ. (නි)
පවු. එයාලාට කවදාවත් පොත් පැන්සල් ලැබිලා නැතුවා ඇති බලි අදින්න (නි)
ඕකට තමයි කියන්නේ කැලේ මාරු උනත් කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැ කියන්නේ. ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි (නදී)