IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


පාරේ බුලත් කෙළ ගසා 500ක් දඩ

කුරුණෑගල නගරයේ බුලත් කෙළ ගසන්නන් සම්බන්ධයෙන් දඩුවම් කිරීමට යයි.

බුලත් කෙළ ගැසූ ගැමියකුට කුරුණෑගල මහේස්ත්‍රාත් උසාවියෙන් රුපියල් පන්සියයක දඩ නියම විය.

කුරුණෑගල බස් නැවතුම් පොළේ විශේෂ පොලිස් ඒකකයක් ද මේ වෙනුවෙන් පිහිටුවා ඇත.

 



අදහස් (0)

පාරේ බුලත් කෙළ ගසා 500ක් දඩ

වෙදමහත්තයා Monday, 02 December 2013 03:32 PM

මේක නම් හොඳම දෙයක්. බුලත් කෙල ගැසීම නගරයේ පමණක් නොව බස් වලදී පවා තහනම් කල යුතුය. බුලත් කාලා බස් එකෙන් එලියට ගසන කෙල වලින් පාරේ යන අහිංසක පාසල් ළමයින්ට අනන්ත වාරයක් කරදරවී තිබෙනවා.(නදී)

:       1       0

චමත් ඉතාලිය Monday, 02 December 2013 10:06 PM

අර කිව්වත් වගේ කට්ටිය දැනුවත් කරලාම වැඩේ පටන් ගත්තා නම් තමයි හොද.ජයවේවා! (නි)

:       0       0

කුමාරසිරි Monday, 02 December 2013 04:29 PM

උපාලි ඔයාගේ මෙමරිය වන් වේ වෙලා වගේ ...? (ස)

:       0       0

හචිකෝ Monday, 02 December 2013 11:00 AM

අපේ රට ටික ටික ලස්සන කරමු. කුඩා දේවල් වලින් පටන්ගෙන. ඔබ සැමට සුබ අනාගතයක්. (ස)

:       0       1

සුනන්ද Monday, 02 December 2013 11:03 AM

කොහොම වුනත් පහත් තැනින් යයි ගලා ජලේ..! (ස)

:       0       0

මිසා Monday, 02 December 2013 11:11 AM

ලොකු පිනක්. මෙහම හරි රට ලස්සන කරනවට මුළු ලංකාවේම මේ දෙය සිදුවිය යුතු කාලය. මේ හොඳ වැඩක්. ඔබ සැමට සුබ අනාගතයක්. (ස)

:       0       1

ලුම්බිණි Monday, 02 December 2013 11:11 AM

බුලත් කෙල ගැසීම තමයි අපට තිබෙන ලොකුම ප්‍රශ්නය. (ස)

:       0       0

උපාලි Monday, 02 December 2013 11:18 AM

ගැමියෙකුට? බුලත් නොකන ගැමියෝ ඉන්නවද? නගරයේ දැන්වීම් අලවල තියෙනවද බුලත් කෙල ගහන්න එපා කියලා? මිනිස්සුන්ව දැනුවත් කරලා තියෙනවද? පලවෙනි වතාවට අවවාද කළා නම් නරකද? (ස)

:       0       0

චන්දන රණසිංහ Monday, 02 December 2013 11:48 AM

ඒ අදහස නම් ගොඩක් හොඳයි. ලංකාවෙ හැම තැනම මේ වගේ දේවල් වෙන්න ඕන. (ස)

:       0       0

සැමුවෙල් Monday, 02 December 2013 11:52 AM

නගරයේ හැම තැනම කෙල ගහන්න එපා කියල කියන්නම ඕනෙද. සදාචරයක් නැද්ද මිනිස්සුන්ට පාගෙන තේවල කෙල ගහන්න. දඬුවම් කල යුතුයි. හොඳ වැඩක්. මෙයට විරුද්ධ අය ගිහින් බලන්න පකිස්තානෙට. හැම තැනම ජරාව. ඉන්දියාවේත් එහෙම තමයි. අපිත් ඒ වගේ වෙන්න ඕනෙද. අපේ මිනිස්සු හදා ගමු. රට ලස්සනට තියාගමු. සිගරට් බීම එළිපිට තහනම් කල එකත් කොච්චර හොඳද. දැන් කෝ පාරවල් වල බස් නැවතුම් වල සිගරට් කොට. (ස)

:       0       0

රූපා Monday, 02 December 2013 11:55 AM

අයෙත් අවවාද කරන්න දෙයක් නැහැ. එක අයෙකුට මේ වගේ දඩ ගහන කොට අනිත් දහස් ගණනකට නිකම්ම අවවාද තමයි. (ස)

:       0       0

සෙයිලනිකස් Monday, 02 December 2013 12:04 PM

කවුරු හරි පාරේ බුලත් කෙල ගැහුවොත් 119 එකට කතා කරලා කිව්වට කමක් නැද්ද ? (ස)

:       0       0

කුමාරසිරි Monday, 02 December 2013 12:04 PM

නියමයි, මේ වැනි දේ වලින් මිනිසුන් දැනුවත් කර, ළිං ගෙබි අදහස් වලින් මුදවා ගත යුතුයි. (ස)

:       0       0

රූපවතී Monday, 02 December 2013 06:06 PM

හොදම වැඩේ.මම ඔය දේ මීට අවුරුදු 2,ක 3 කට පෙර සිට සිහින මවමින් සිටි දෙයක්. එතකොට අර බුලත්විට කාලා ඉතිරි හුණු ටිකෙන් ඇගිල්ලෙන් බිත්තියේ චිත්‍ර අදින අයටත් රු ,750 ක් විතර දඩ ගහන්න ඕනෑ.මෙයාලා පරිසරය ඔහොම කිලිටි කරනවා නම් ජීවත්වෙන නිවාස කොහොම තියනවද දන්නේ නැහැ.ගෙවල් වලට සීල් තියන්න වෙනවා පී ,එච් ,අයි ලා එහෙම ගොඩ වුණොත්. බොහොම හොද වැඩක් වගේම රජයට ආදායමක් උපයා ගතහැකියි (නි)

:       0       0

ජයා Monday, 02 December 2013 12:24 PM

හොඳ තීරණයක්. ඔය විදිහටම නගර වල අයාලේ යන හරක් එහෙමත් අයින් කරන්න ඕනේ. උන් නිසා පුදුම විදිහට නගර අපිරිසිදු වෙන්නේ. හොඳම උදාහරණ තමා කතරගම සහ නුවරඑළිය. වැස්ස දවස් වලට පුදුම අප්‍රසන්නතාවක් තියන්නේ. (ස)

:       0       0

මිසා Monday, 02 December 2013 12:49 PM

සිගරට් බීම එළිපිට තහනම් කල නිසා අපේ ගෙවල් ගාව කඩවල් වල මිනිස්සු පොඩි අයට සිගරට් දෙන්නේ නැහැ. මිනිස්සු පේන්න බොන්නෙත් නැහැ හරියටම මිනිස්සු බයයි අපේ රට ගැන ගොඩක් මිනිසුන් අගය කරන්නේ ඉහලින් තියන පිරිසිදු කමට කියල. ගොඩක් මිනිස්සු කියනව මම දන්නවා. පකිස්ථානය ඉන්දියාව ගොඩක් දුරට පහල මට්ටමේ තියෙන්නේ. ඒ අතින් ජය ශ්‍රී ලංකා (ස)

:       0       0

උපාලි Monday, 02 December 2013 01:17 PM

මෙතන අදහස් දාල තියෙන සමහරු කිසිදාක සදාචාරාත්මක වරදක් නොකළ මහා ශිෂ්ටයින් පිරිසක් වෙන්න ඕන. ඒක නිසා වෙන්න ඇති මේ මනුස්සය 'ගැමියෙක්' බවත් කරුණු නොදැන කල දෙයක් බවත් නොපෙනෙන්නේ. මේ ගැමියා නීතිය නොදැන කළා නම් සමාවක් ලැබිය යුතු නැහැ. නමුත් 'කරුණු' නොදැන කල වරදකට සමාවක් ලැබිය යුතුයි. හරියට, වන්-වේ එකක වැරදි පැත්තට යාම නීති විරෝධියි, සමාවක් නැහැ. නමුත් වන්-වේ බවට බෝඩ් එකක් නැත්නම් ඒක 'කරුණු' නොදනීමක්. ඒක වරදක් වෙන්නේ නැහැ. ඒ වගෙයි මේකත්. (නදී)

:       0       0

මධූ Monday, 02 December 2013 01:36 PM

ගමේ මනුස්සයෙක් බුලත් කෙල ගැහුවා ට ඇයි සරදම් ? බබල් ගම් කාලා විසි කරන හපේ ට මොකද කරන්නේ ? මේකද තියන ලොකුම ප්‍රශ්නය ? අනික කොළඹ නම් කමකුත් නෑ. (නදී)

:       0       0

රෝයි Tuesday, 03 December 2013 10:43 AM

බුලත් විට කෙල පමණක් නොවේ තවත් නරක පුරුදු ගොඩක් ලංකාවේ අය අතර තිබෙනවා. උගුර කාරා සෙම සොටු පාරට දැමීම. අවන්හල් අසල පාරවල් දිගේ මුත්‍රා කිරීම. මෙවැනි දේවල් බෝර්ඩ් ලෑලි වලින් නවත්වන්ද අමාරුයි. කාලයක් තිස්සේ කරගන ආපු දේවල් නිසා. හොඳම දෙය නිතිය මඟින් දඩුවම් කිරීමයි. (ස)

:       0       0

සිරිසේන Tuesday, 03 December 2013 06:19 AM

මිනිස්සු අවුරුදු ගණනාවක්ම බුලත් වල රහට කාලා කාලා දැන් අප්‍රිය වෙලා බුලත් එපාවෙලා. දැන් කෙළ ගහන්න පටන් අරගෙන. බඩු ගණන් යනකොට කන්න වෙන දෙයක් නැහැ. තවත් බුලත් කන්නම වේවි. කෙළගහන්න පඩික්කම් වල මිළ වහාම අඩුකරන්න. (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 02 December 2013 02:13 PM

බුලත් කෙල ගහල හැමතනම කැත කරන එකනම් වැරදියි ! හැබැයි අපේ රටේ විසදන්න වෙන ප්‍රඕන නැත්නම් මේවා හොඳයි (ස)

:       0       0

උපාලි Monday, 02 December 2013 07:42 PM

අනුෂ්ක එරංග, ඉන්දු ලන්ඩන් ලියලා තිබෙන දේ කියවලා තේරුම් ගන්න. මම කොතැනවත් කියලා නැහැ නගරයේ බුලත් කෙළ ගැසීම හරි බව. නගරය පිරිසිදුව තබාගත යුතු බවත් බුලත් කෙළ ගැසීම ඊට හානියක් බවත් මමත් පිළිගන්නවා. මං කතා කරලා තියෙන්නේ මේ පුවතට ප්‍රස්තුත වූ සිද්ධිය ගැනයි. අසරණ "ගැමියෙකුට" තමන්ගේ දීර්ඝ කාලීන "සංස්කෘතික පුරුද්දක්" නිසා දඬුවම් විඳීමට සිදුවීම ගැනයි. නීතිය නොදැනීම සහ 'කරුණු නොදැනීම' අතර වෙනස පිළිබඳ නීතිමය සිද්ධාන්තය ගැනයි. ඔබේ සාමාන්‍ය දැනීම තව ටිකක් වැඩිකර ගන්න බලන්න. (නි)

:       0       0

ජෙරාඩ් Monday, 02 December 2013 08:07 PM

ඇත්තටම මෙය හොඳ දෙයක්. මුලදී ප්‍රසිද්ධ තැන්වල සිගරැට් අරක්කු බීම තහනම් කරනකොටත් සමහරු විරුද්ධ වුණා. අද ප්‍රසිද්ධ තැන්වල මෙවැනි දේ දකින්න නැහැ. අපේ සමහරු ලංකාවේ හැමතැනම ජරා කළාට පිටරට ගියාම සුද්දන්ට වඩා පිළිවෙලට ඉන්නවා. එහෙම වුණාට ලංකාවට ආ ගමන් අර පරණ පුරුද්ද පටන්ගන්නවා (නි)

:       0       0

දයා Monday, 02 December 2013 08:08 PM

දේශපාලකයින්ගේ විකාර පාරවල්වල ලිවීම ගැන මොනවද හිතන්නෙ? (නි)

:       0       0

අනුෂ්ක එරංග Monday, 02 December 2013 03:22 PM

හයියෝ උපාලි! ඔයාට සාමාන්‍ය දැනීම කියලා දෙයක් තියෙනවා නම් ඔහොම කියන්නේ නෑ. (ස)

:       0       0

ඉන්දු ලංඩන් Monday, 02 December 2013 03:25 PM

අතීතයේ ඉඳන්ම වරදක් කියලා හිතන්නේ නැතුව කරපු වැඩක් බුලත් කෑම. බුලත් කෙල ගිලින්නද ඒ මනුස්සයා. ඒ වගේ පුරුදු නවත්වන්න නීති ගේනවා නම් හොඳින් දැනුවත් කිරීම් කරලයි දඬුවම් කරන්න පටන් ගන්න ඕන. බෝඩ් විතරක් ගහලත් මදි. කියවන්න බැරි අයත් ඉන්න පුලුවන් නිසා. ඒ කෙනාට දඩය ගෙවන්න සල්ලි තිබුණාද දන්නෙත් නෑ. අනිත් වැරදි පේන්නැතුව මේකම පෙනුන එකනේ පුදුමේ..(නදී)

:       0       0

වෙදමහත්තයා Monday, 02 December 2013 03:32 PM

මේක නම් හොඳම දෙයක් . බුලත් කෙල ගැසිම නගරයේ පමණක් නොව බස් වලදී පවා තහනම් කල යුතුය . බුලත් කාල බස් එකෙන් එලියට ගසන කෙල වලින් පාරේ යන අහිංසක පාසල් ළමයින් අනන්ත වාරයක් කරදරවී තිබෙනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 596 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 579 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 127 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 826 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 184 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1064 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site