කුරුණෑගල නගරයේ බුලත් කෙළ ගසන්නන් සම්බන්ධයෙන් දඩුවම් කිරීමට යයි.
බුලත් කෙළ ගැසූ ගැමියකුට කුරුණෑගල මහේස්ත්‍රාත් උසාවියෙන් රුපියල් පන්සියයක දඩ නියම විය.
කුරුණෑගල බස් නැවතුම් පොළේ විශේෂ පොලිස් ඒකකයක් ද මේ වෙනුවෙන් පිහිටුවා ඇත.
කුරුණෑගල නගරයේ බුලත් කෙළ ගසන්නන් සම්බන්ධයෙන් දඩුවම් කිරීමට යයි.
බුලත් කෙළ ගැසූ ගැමියකුට කුරුණෑගල මහේස්ත්‍රාත් උසාවියෙන් රුපියල් පන්සියයක දඩ නියම විය.
කුරුණෑගල බස් නැවතුම් පොළේ විශේෂ පොලිස් ඒකකයක් ද මේ වෙනුවෙන් පිහිටුවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමේ මනුස්සයෙක් බුලත් කෙල ගැහුවා ට ඇයි සරදම් ? බබල් ගම් කාලා විසි කරන හපේ ට මොකද කරන්නේ ? මේකද තියන ලොකුම ප්‍රශ්නය ? අනික කොළඹ නම් කමකුත් නෑ. (නදී)
බුලත් විට කෙල පමණක් නොවේ තවත් නරක පුරුදු ගොඩක් ලංකාවේ අය අතර තිබෙනවා. උගුර කාරා සෙම සොටු පාරට දැමීම. අවන්හල් අසල පාරවල් දිගේ මුත්‍රා කිරීම. මෙවැනි දේවල් බෝර්ඩ් ලෑලි වලින් නවත්වන්ද අමාරුයි. කාලයක් තිස්සේ කරගන ආපු දේවල් නිසා. හොඳම දෙය නිතිය මඟින් දඩුවම් කිරීමයි. (ස)
මිනිස්සු අවුරුදු ගණනාවක්ම බුලත් වල රහට කාලා කාලා දැන් අප්‍රිය වෙලා බුලත් එපාවෙලා. දැන් කෙළ ගහන්න පටන් අරගෙන. බඩු ගණන් යනකොට කන්න වෙන දෙයක් නැහැ. තවත් බුලත් කන්නම වේවි. කෙළගහන්න පඩික්කම් වල මිළ වහාම අඩුකරන්න. (නි)
අර කිව්වත් වගේ කට්ටිය දැනුවත් කරලාම වැඩේ පටන් ගත්තා නම් තමයි හොද.ජයවේවා! (නි)
දේශපාලකයින්ගේ විකාර පාරවල්වල ලිවීම ගැන මොනවද හිතන්නෙ? (නි)
ඇත්තටම මෙය හොඳ දෙයක්. මුලදී ප්‍රසිද්ධ තැන්වල සිගරැට් අරක්කු බීම තහනම් කරනකොටත් සමහරු විරුද්ධ වුණා. අද ප්‍රසිද්ධ තැන්වල මෙවැනි දේ දකින්න නැහැ. අපේ සමහරු ලංකාවේ හැමතැනම ජරා කළාට පිටරට ගියාම සුද්දන්ට වඩා පිළිවෙලට ඉන්නවා. එහෙම වුණාට ලංකාවට ආ ගමන් අර පරණ පුරුද්ද පටන්ගන්නවා (නි)
අනුෂ්ක එරංග, ඉන්දු ලන්ඩන් ලියලා තිබෙන දේ කියවලා තේරුම් ගන්න. මම කොතැනවත් කියලා නැහැ නගරයේ බුලත් කෙළ ගැසීම හරි බව. නගරය පිරිසිදුව තබාගත යුතු බවත් බුලත් කෙළ ගැසීම ඊට හානියක් බවත් මමත් පිළිගන්නවා. මං කතා කරලා තියෙන්නේ මේ පුවතට ප්‍රස්තුත වූ සිද්ධිය ගැනයි. අසරණ "ගැමියෙකුට" තමන්ගේ දීර්ඝ කාලීන "සංස්කෘතික පුරුද්දක්" නිසා දඬුවම් විඳීමට සිදුවීම ගැනයි. නීතිය නොදැනීම සහ 'කරුණු නොදැනීම' අතර වෙනස පිළිබඳ නීතිමය සිද්ධාන්තය ගැනයි. ඔබේ සාමාන්‍ය දැනීම තව ටිකක් වැඩිකර ගන්න බලන්න. (නි)
හොදම වැඩේ.මම ඔය දේ මීට අවුරුදු 2,ක 3 කට පෙර සිට සිහින මවමින් සිටි දෙයක්. එතකොට අර බුලත්විට කාලා ඉතිරි හුණු ටිකෙන් ඇගිල්ලෙන් බිත්තියේ චිත්‍ර අදින අයටත් රු ,750 ක් විතර දඩ ගහන්න ඕනෑ.මෙයාලා පරිසරය ඔහොම කිලිටි කරනවා නම් ජීවත්වෙන නිවාස කොහොම තියනවද දන්නේ නැහැ.ගෙවල් වලට සීල් තියන්න වෙනවා පී ,එච් ,අයි ලා එහෙම ගොඩ වුණොත්. බොහොම හොද වැඩක් වගේම රජයට ආදායමක් උපයා ගතහැකියි (නි)
උපාලි ඔයාගේ මෙමරිය වන් වේ වෙලා වගේ ...? (ස)
මේක නම් හොඳම දෙයක්. බුලත් කෙල ගැසීම නගරයේ පමණක් නොව බස් වලදී පවා තහනම් කල යුතුය. බුලත් කාලා බස් එකෙන් එලියට ගසන කෙල වලින් පාරේ යන අහිංසක පාසල් ළමයින්ට අනන්ත වාරයක් කරදරවී තිබෙනවා.(නදී)
මේක නම් හොඳම දෙයක් . බුලත් කෙල ගැසිම නගරයේ පමණක් නොව බස් වලදී පවා තහනම් කල යුතුය . බුලත් කාල බස් එකෙන් එලියට ගසන කෙල වලින් පාරේ යන අහිංසක පාසල් ළමයින් අනන්ත වාරයක් කරදරවී තිබෙනවා. (ස)
අතීතයේ ඉඳන්ම වරදක් කියලා හිතන්නේ නැතුව කරපු වැඩක් බුලත් කෑම. බුලත් කෙල ගිලින්නද ඒ මනුස්සයා. ඒ වගේ පුරුදු නවත්වන්න නීති ගේනවා නම් හොඳින් දැනුවත් කිරීම් කරලයි දඬුවම් කරන්න පටන් ගන්න ඕන. බෝඩ් විතරක් ගහලත් මදි. කියවන්න බැරි අයත් ඉන්න පුලුවන් නිසා. ඒ කෙනාට දඩය ගෙවන්න සල්ලි තිබුණාද දන්නෙත් නෑ. අනිත් වැරදි පේන්නැතුව මේකම පෙනුන එකනේ පුදුමේ..(නදී)
හයියෝ උපාලි! ඔයාට සාමාන්‍ය දැනීම කියලා දෙයක් තියෙනවා නම් ඔහොම කියන්නේ නෑ. (ස)
බුලත් කෙල ගහල හැමතනම කැත කරන එකනම් වැරදියි ! හැබැයි අපේ රටේ විසදන්න වෙන ප්‍රඕන නැත්නම් මේවා හොඳයි (ස)
අපේ රට ටික ටික ලස්සන කරමු. කුඩා දේවල් වලින් පටන්ගෙන. ඔබ සැමට සුබ අනාගතයක්. (ස)
මෙතන අදහස් දාල තියෙන සමහරු කිසිදාක සදාචාරාත්මක වරදක් නොකළ මහා ශිෂ්ටයින් පිරිසක් වෙන්න ඕන. ඒක නිසා වෙන්න ඇති මේ මනුස්සය 'ගැමියෙක්' බවත් කරුණු නොදැන කල දෙයක් බවත් නොපෙනෙන්නේ. මේ ගැමියා නීතිය නොදැන කළා නම් සමාවක් ලැබිය යුතු නැහැ. නමුත් 'කරුණු' නොදැන කල වරදකට සමාවක් ලැබිය යුතුයි. හරියට, වන්-වේ එකක වැරදි පැත්තට යාම නීති විරෝධියි, සමාවක් නැහැ. නමුත් වන්-වේ බවට බෝඩ් එකක් නැත්නම් ඒක 'කරුණු' නොදනීමක්. ඒක වරදක් වෙන්නේ නැහැ. ඒ වගෙයි මේකත්. (නදී)
සිගරට් බීම එළිපිට තහනම් කල නිසා අපේ ගෙවල් ගාව කඩවල් වල මිනිස්සු පොඩි අයට සිගරට් දෙන්නේ නැහැ. මිනිස්සු පේන්න බොන්නෙත් නැහැ හරියටම මිනිස්සු බයයි අපේ රට ගැන ගොඩක් මිනිසුන් අගය කරන්නේ ඉහලින් තියන පිරිසිදු කමට කියල. ගොඩක් මිනිස්සු කියනව මම දන්නවා. පකිස්ථානය ඉන්දියාව ගොඩක් දුරට පහල මට්ටමේ තියෙන්නේ. ඒ අතින් ජය ශ්‍රී ලංකා (ස)
හොඳ තීරණයක්. ඔය විදිහටම නගර වල අයාලේ යන හරක් එහෙමත් අයින් කරන්න ඕනේ. උන් නිසා පුදුම විදිහට නගර අපිරිසිදු වෙන්නේ. හොඳම උදාහරණ තමා කතරගම සහ නුවරඑළිය. වැස්ස දවස් වලට පුදුම අප්‍රසන්නතාවක් තියන්නේ. (ස)
නියමයි, මේ වැනි දේ වලින් මිනිසුන් දැනුවත් කර, ළිං ගෙබි අදහස් වලින් මුදවා ගත යුතුයි. (ස)
කවුරු හරි පාරේ බුලත් කෙල ගැහුවොත් 119 එකට කතා කරලා කිව්වට කමක් නැද්ද ? (ස)
අයෙත් අවවාද කරන්න දෙයක් නැහැ. එක අයෙකුට මේ වගේ දඩ ගහන කොට අනිත් දහස් ගණනකට නිකම්ම අවවාද තමයි. (ස)
නගරයේ හැම තැනම කෙල ගහන්න එපා කියල කියන්නම ඕනෙද. සදාචරයක් නැද්ද මිනිස්සුන්ට පාගෙන තේවල කෙල ගහන්න. දඬුවම් කල යුතුයි. හොඳ වැඩක්. මෙයට විරුද්ධ අය ගිහින් බලන්න පකිස්තානෙට. හැම තැනම ජරාව. ඉන්දියාවේත් එහෙම තමයි. අපිත් ඒ වගේ වෙන්න ඕනෙද. අපේ මිනිස්සු හදා ගමු. රට ලස්සනට තියාගමු. සිගරට් බීම එළිපිට තහනම් කල එකත් කොච්චර හොඳද. දැන් කෝ පාරවල් වල බස් නැවතුම් වල සිගරට් කොට. (ස)
ඒ අදහස නම් ගොඩක් හොඳයි. ලංකාවෙ හැම තැනම මේ වගේ දේවල් වෙන්න ඕන. (ස)
ගැමියෙකුට? බුලත් නොකන ගැමියෝ ඉන්නවද? නගරයේ දැන්වීම් අලවල තියෙනවද බුලත් කෙල ගහන්න එපා කියලා? මිනිස්සුන්ව දැනුවත් කරලා තියෙනවද? පලවෙනි වතාවට අවවාද කළා නම් නරකද? (ස)
බුලත් කෙල ගැසීම තමයි අපට තිබෙන ලොකුම ප්‍රශ්නය. (ස)
ලොකු පිනක්. මෙහම හරි රට ලස්සන කරනවට මුළු ලංකාවේම මේ දෙය සිදුවිය යුතු කාලය. මේ හොඳ වැඩක්. ඔබ සැමට සුබ අනාගතයක්. (ස)
කොහොම වුනත් පහත් තැනින් යයි ගලා ජලේ..! (ස)