IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


’’පාරෙ බැහැල යන්න බැරි තරමට රටේ මිනීමැරුම් වැඩි වෙලා’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මිනිහෙකුට පාරේ බැහැලා යනවත් උසාවියට යන්නවත් බැරි තරමට රටේ මිනීමැරුම් අපරාධ වැඩිවී ඇතැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.

මිනීමැරුම් වැඩි වී ඇතත් රජය ඒ සම්බන්ධයෙන් පියවරක් ගන්නා බවක් පෙනෙන්නට නැතැයිද  ඔහු සඳහන් කළේය.

විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ අලුත් කඩේ අධිකරණයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමිනි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

නීතිය හා සාමය ක්ෂේත්‍රයේ බරපතළ  අර්බුදයක් මතුව තිබෙනවා. දිනපතාම මිනීමැරුම් සිද්ධ වෙනවා. කුඩා දරුවන් පවා මැරිලා යනවා. මේවාට මීට වඩා ශක්තිමත් විසඳුමක් අවශ්‍යයි. එතනදි අපි රජයට සහාය දෙන්න සූදානම්. අද මනුස්සයෙකුට පාරේ බැහැලා යන්න බෑ. පුද්ගලයකුට අධිකරණයටත් යන්න බැරිනම් ඒක බරපතළ  ප්‍රශ්නයක්. නීතිය හා සාමය සම්බන්ධයෙන් ගත හැකි ශක්තිමත්ම පියවර ගත යුතුයි. මිනීමැරුම් හිංසන දූෂණ සිදුවෙන්න බැහැ. රාජ්‍ය බලය අද  තියෙන්නේ ඔබතුමන්ලාගේ අතේ.



අදහස් (18)

’’පාරෙ බැහැල යන්න බැරි තරමට රටේ මිනීමැරුම් වැඩි වෙලා’’

පිටරටවැසියා Wednesday, 19 February 2025 02:46 PM

පියාණෝ සොත්ති උපාලිව පක්ෂ විධායක සභාවට දැම්මා වගේ ඔක්කෝම පාතාලේ සෙට්එක ටෙලිෆොනයේ විධායක සභාවට දාමු. නැත්නම් සිරිසේන කුරේට භාර දෙන්න පාතාලේ සම්භන්ධීකරණය කරන්න. එතකොට ඔක්කොම කම්මුතුයි...

:       14       70

පඩිWednesday, 19 February 2025 02:57 PM

පැලවත්තෙ පඩි අරං රෙදිහෝදන කෙනෙක්... හැබැයි පිටරට වැසියෙක්.

:       32       12

සුරෛන්Wednesday, 19 February 2025 03:30 PM

හුරෙ දාගෙන මෝඩ අදහස් මෙකේ ලිව්වාට වැඩක් නැහැ. ජනතාවට දැන් තේරිලා තියෙන්නේ මේ සැරේත් වැරදුණා කියලා...! 

:       53       18

charith Wednesday, 19 February 2025 02:49 PM

මාර චූන් දැන් චොර වෙන්න පැරදුණු සෙට් එකට? අද නිවුස් බැලුවා නම් නියම ආතල් ටිකක් ගන්න පුළුවන්. ඒ කාලේ මේවා වුනෙත් නෑනේ..

:       14       47

රට වැසිය Wednesday, 19 February 2025 02:54 PM

ඒක නේන්නං, ඔයාගේ තාත්තගේ දේශපාලනය පාතාල ලෝකය හදන කොට ඔයාවත් ඉපදිලා නැහැ...

:       8       55

SurainWednesday, 19 February 2025 03:25 PM

බලයට ආපු මෝඩ ආන්ඩුවට කඩේ යන ගමන් ගොන් අමන කතා කිව්වාට ප්‍රශ්න විසඳෙන්නේ නැහැ..!

:       40       11

Amila Wednesday, 19 February 2025 02:55 PM

මම මේ බංකුවක් තියාගෙන බලන් ඉන්නවා. ජෙප්පෙක්ගෙන් ජාතික ආරක්ෂාව පිළිබඳව ඉගෙන ගත්තා... පෝය 5ක් තිස්සේ ...

:       39       15

Nihal Wednesday, 19 February 2025 03:13 PM

ඒ කාලේ හැත්තෑදාස් ගණන් මහපාරේ මරා දාපුවා මතක් වෙනවා...

:       8       35

Karunajeewa Wednesday, 19 February 2025 03:15 PM

ඔයාගේ තාත්තාගේ කාලේ හදපු පාතාලය, ...ඊට පස්සේ ආපු හැම පාලකයාම රැකගත් පාතාලය, පුෂ්පකුමාරගේ කාලේ කොල්ලෙකුට පාරේ බැහැලා යන්න බැරිවුණු කාලේ වමාරන්න. ඔයා බබා.. වෙඩි තියනවාට වඩා අමානුෂික, තිරශ්චීන මරණ හිමිකර දීපු ඔබලාගේ කෙරුවාවල් වල ප්‍රථිඵල මේ..!

:       6       40

Kamal Koyrala Wednesday, 19 February 2025 04:25 PM

රනිල් බලන්න යන්න ෙකා්...!

:       3       11

Kamal Koyrala Thursday, 20 February 2025 12:27 PM

රනිල් නොව රනි චිත්‍රපටය බලන්න යන්න කිව්වේ...

:       0       0

y bandara Wednesday, 19 February 2025 05:02 PM

ඔහේලගේ තාත්තලා ඇති කරපු සංස්කෘතිය ආපසු හරවන්න සෑහෙන කාලයක් සහ ශ්‍රමයක් වැයවෙයි.

:       2       12

සෙනෙවිරත්න Wednesday, 19 February 2025 05:11 PM

මෙන්න රටේ ජනතාව මැරිලා ඉපදිල වගේ මෙයා බබා හුකුං කියවනවා, පාතාලෙට කිරිපොවපු උන් දැන් කෙඳිරිගානව, දේශපාලුවන්ට දීපු අවි එලියෙ, ආරක්ෂක අංශ සතු අවි හයර් කරනවා, අරගෙන පැනලා යනවා, මෙහෙම සංස්කෘතියක් හැදුවෙ තමුන්නැහැලා මිසක් මේ මාස දෙකේ තුනේ ආණ්ඩුව නෙවෙයි.

:       3       11

Chathuri Wednesday, 19 February 2025 06:16 PM

මොන සිහියෙන්ද කතා කරන්නේ? ගෝටාගෙ කාකේ මහින්දගේ කාලේ රනිල්ගේ කාලේ මෙයා කොහේද හිටියේ පාරේ නෙමේ ගෙදර ඉන්නත් බයයි... සුදු වෑන් ඇවිත් අරන් යන්නේ තමුන් අපරාද කෙරුවා නම් දැන් තමයි බය වෙලා ඉන්න ඕන කාලේ... ඔයාට ඉස්සර නම් මහ එකාට කිව්වාම හීනෙන් බය වුණත් වැඩිපුර සිකුරිටි අනුර ජනාධිපති කට්ටඩියන්ගෙන් පාතාලයින්ගෙන් උදව් ගත්තේ නැහැ... ආශ්‍රය කෙරුවේත් නැහැ. රට බන්කොලොත් කරලා මිනිසුන් තිරිසන් කරලා තමයි රට බාර දුන්නේ ඔයාට බය නම් හිර ගෙදරින් කාමරයක් ගන්න යෝශිත මයිනගේ පුතා ළඟ තුවක්කු හයක් තියෙන කම් තමුන් දන්නේ නැත්ද ගැහැණු කට්ටියට යට ඇඳුම් දෙනවා කියලා බලය ගන්න අමාරුයි දැනුමයි කොන්ද පන තියෙන්නත් ඕනෑ. මේ ආන්ඩුව ආවාට පස්සේ නීති විරෝදී මුදලාලිලා, හොරු කොයිතරම් ඇල්ලුවාද? ඒවා දන්නේ නැත්ද? එතකොට කියන්නේ මිනිසුන්ට වද දෙනවාලු... පාඩුවේ ඉන්න විපක්ශ නායක කියලා හොරුන් ආරාක්ශා කරන්න බැහැ...

:       4       13

ජයනාත් Wednesday, 19 February 2025 06:41 PM

කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා අහන්න. මගේ තාත්තාගේ කාලේ කොහොමද? තාත්තා සහ පාතාලය අතර කුමන ආකාරයට සම්බන්ධතා තිබුණේද... කියලා...?

:       4       14

ගමේ එකාලා Wednesday, 19 February 2025 07:06 PM

මිනිමැරුම් අපරාධ වැඩි වුනේ දැන්ද? ඒ කාලේ සුද්ද වන්තයෝ වෙන්න ඇති හිටියේ. සුදුවෑන් ඝාතන, අතුරුදහන් මිනීමෝරු කැළෑ නීතිය රජ කෙරෙව්වේ හිටපු බලලෝභී, බඩගෝස්තරවාදි දූෂිත දේශපාලුවෝ.. මහ දවාලේ මාධ්‍යවේදීන් ඝාතනය කෙරෙව්වා. මත් ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ රැක්කා, ඔවුන්ගේ පිහිටෙන් ඡන්ද ව්‍යාපාරේ ජයටම කරගෙන ගියා. මිනීමරු මස්වැද්දෝ රෙද්ද අස්සේ දාගෙන, ඔවුන්ට තනතුරු දීලා, පාස්කු ප්‍රාහරය සිද්දවෙන තැනට වැඩ කරලා දූෂිත, පව්ල් පාලනේ අය බලයට ආවා. තිත්ත ඇත්ත...

:       3       16

Perera Thursday, 20 February 2025 05:08 AM

ඔය සංස්කෘතිය මුලින්ම ගෙනාවේ තමුන්ගේ පියා .ඒ සංස්කෘතිය 100 ගුණයකින් ප්‍රවර්ධනය කෙරුවා රාජපක්ෂ හැතිකරේ . තොපි දෙගොල්ලොන්ම රට්ටා මහා සාපයක්

:       2       4

Rata Perata Thursday, 20 February 2025 12:43 PM

අර සමෘද්ධි අරමුදලේ සල්ලි වලට වැඩේ දුන්නාට, මේ අයත් ඉන්න ඕනෙ හිරේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site