කොළොන්න බුත්කන්ද පාර සදා නුදුන්නැයි ගැමියෝ පාර හරහා කළු කොඩි ඔසවා පැය හතක උද්ඝෝෂණයක් කළහ.
ටයර් පුළුස්සමින් ගස් ගල් පාරට දමමින් උද්ඝෝෂකයෝ පාරේ නිදා ගත්හ.
ඊට කිලෝ මීටර් හතරක් දුරින් ස්වදේශ ඇමැති ඩබ් ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා පාරක් පිළිසකර කිරීමට මුල්ගල් තැබීමට පැමිණියේය.
උද්ඝෝෂකයන්ට ඇමැති පැවසුයේ පාරේ වැඩ කටයුතු මේ මාසයේ අරඹන බවය.
ඒ පොරොන්දුවත් සමග උද්ඝෝෂණය අවසන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැතිගේ පොරොන්දුව ඉටුවේදැයි බලා සිටිමු. (ත)
ඔහොම ප්‍රශ්න විසදන්න බැහැ (දී)
තවමත් ලජ්ජා නැහැ මිනිස්සුන්ට (දී)
රටක ජනතාවගේ පොදු පහසුකම් ඇතුළු අවශ්‍යතා සපුරාගැනීමටයි ගම් වලින් නගරවලින් නියෝජිතයෝ පත්කර ගන්නේ. ඒ කට්ටිය කල යුත්තේ තමන්ගේ පලාතට තිබෙන අඩුපාඩුකම් ගැන හොයලා බලලා ඒවා කඩිනමින් ඉටුකර දීමයි. අපේ රටේ වෙලා තියෙන්නේ නියෝජිතයෝ පත්කර ගන්නවා නොවෙයි. පත්කරලා යවනවා. ඉතින් ඒ යන එකා ගම පලාතට ආපහු එන්නේ නැහැ. ආවත් එන්නේ ගමට සේවයක් කරන්ට නවෙයි. ඒ නිසා මහජනයාට සිදුවෙන්නේ සටන් කරලා ඉල්ලාගන්ටයි. එත් මේ නියෝජිතයෝ මතක තියාගත යුතු දෙයක් තිබෙනවා. ඒ තමයි මහජනයා " ඉල්ලගන්න එක " අත් හැරලා " උදුරාගන්ට" හිතන එක වැඩි දුරක නැහැ.(නදී)
මිනිස්සු තමන් සතු වටිනාම ආයුධය ඡන්දයක් තුලින් දේශපාලුවන්ට දීල දැන් ඉල්ලීම් දිනාගන්න පාරේ බුදියනවා. මේ වගේ බොරුකාරයින්ගේ බහට රැවටිලා ඔය විධියට සටන් කලොත් අන්තිමට නිදාගන්න වෙන්නේ කනත්තේ.(නදී)