( දොඩන්දූව - සංඛ විජේසූරිය ) - රත්ගම - දොඩන්ගොඩ මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ එහි පළමු අදියර ආරම්භ විය. මේ යටතේ රත්ගම සිට දෙහිගස්හංදිය දක්වා කිලෝ මීටර් දෙකක ප්‍රමාණයක මාර්ගය දෙපස ගොඩනැගිලි කඩා ඉවත්කර කාපට් අතුරා සකස් කිරීමට නියමිතය.
කැඩූ ගොඩනැගිලි යළි සාදා දීමට රුපියල් කෝටි එකහමාරක් දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියෙන්ද, මාර්ගය නවීකරණයට රුපියල් හාර කෝටි හතලිස් ලක්ෂයක් සහ කාපට් ඇතිරීමට රුපියල් කෝටි තුනක් ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙන් ද ලබාදී තිබේ.
මේ අනුව මෙම පළමු අදියර සදහා රුපියල් කෝටි අටහමාරක් වැය කෙරෙනු ඇත. මෙම මාර්ගය දෙපස දේපල අහිමිවන්නන් ස්වේච්ඡාවෙන්ම වන්දියක් ලබා නොගෙන ඒවා කැඩීමට අවසර දී තිබේ. එම කැඩෙන දේපළ සාදා දීමට පමණක් දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනෝජ් මල්ලි ලොකු කාලයකට පස්සෙනේ දැක්කේ (නි)
මේක හොඳ ආරම්භයක්,ආදර්ශයක්. හැම දෙයකටම බෝඩ් ලෑලි අරගෙන පාරවල් අවහිර කරලා ජන ජීවිතයට බාධාවක් වන ලෙසට හැසිරෙන අයට. (නි)
දකුණු ලකේ අග නඝරේ ගාලු පුරේ සිරි.. කෙසේ බලම්දෝ ගාලු පුරේ යමාන්දෝ .''.හිත හොද මිනිස්සු අපි '' නේද (දී)
රත්ගම ඉතින් වැඩක් කලොත් ඒක රටටම ආදර්ශයක් තමා. රොටී තම්බුවෙත් රත්ගම හන්දියේ මහපාරේ තමා (අ)
ඉතා හොද ආදර්ශයක්. (නි)
ඇත්තටම රටටම හොද ආදර්ශයක්. මේවා රූපවාහිනී නාලිකා වලිනුත් පෙන්වන්න නොතේරන මිනිස්සුන්ට අවබෝධ කරගන්න. (නි)
මේ ආකාරයෙන්ම ඇළ රක්ෂිතයත් සුද්ද කළොත් හොද නේද? (නි)
හිත හොඳ මිනිස්සු. (නි).
හොද වැඩක් කරන්න(දිල්)