IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පොරකකා ගිහින් ඇඳුම් ගන්න කැමති නෑ

20160408-ent-127

දුලීකා මාරපන කියන්නේ කොහොමත් කාර්යය බහුල චරිතයක්. එයා අවුරුද්දට ගෙදරට වෙලා ඉන්නවාලු. ඒ ගැන අපත් සමග ඇය මෙසේ පැවසුවා.

අවුරුද්දට කියලා මම විශේෂ දෙයක් නම් කරන්නෙ නෑ. කොහොමත් මම අවුරුදු දවස්වලට වැඩ බාරගන්නෙත් නෑ. වෙන අවුරුදු වගේම මේ අවුරුද්දෙත් මගෙ අම්මත් එක්ක ඉන්න ඕනෙ නිසා පරණ අවුරුද්දෙයි අලුත් අවුරුද්දෙයි දෙකේම කෑගල්ලෙ මගේ මහගෙදර තමයි මම ඉන්නේ.

අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ගත්තම ඔය මොනයම් හෝ චාරිත්‍රයක් මගෙ ඔළුවට බරක් නම් මම ඒක කරන්න යන්නෙ නෑ. ඒ කියන්නෙ හවස නම් තියෙන්නෙ ආහාර අනුභවය උදේ ඉඳන් බඩගින්නෙ ඉන්න මට බෑ. ඒ කියන්නෙ චාරිත්‍ර වාරිත්‍ර වුණත් කරදරයක් නම් කරන්නෙ නෑ. පහසුවෙන් කරන්න පුළුවන් හැම චාරිත්‍රයක්ම කරනවා. සම්ප්‍රදාය මහ හිසරදයක් නම් සම්ප්‍රදාය කරපින්නාගෙන ඉඳලා හරියන්නෙ නැහැනේ. අපේ ගෙදර කොහොමත් වෙලාවට කනවා බොනවා. අම්මට සනීප නැති හින්දා අම්මට බඩගින්නේ ඉන්නත් බෑ. එයාව බඩගින්නෙ තියන්නත් හොඳ නෑ. ඉතින් ඒකනිසා තමයි මම කිව්වේ කරන්න පුළුවන් සිරිත් විරිත් ටික අපි කරනවා. අවුරුද්දට කැවුම් කොකිස් හදන ඒවා උඳුවැල් හදන ඒවා ඒ හැම දෙයක්ම කෙරෙනවා. අවුරුද්දට අහල පහල ගෙවල්වලට කැවිලි බෙදනවා. චූටි කාලෙ නම් මම රතිඤ්ඤා පත්තු කළා. ලොකු වුණාට පස්සෙ නම් ඒවා නැවැත්තුවා.

මම හිතන්නෙ ඒක බොරු වැඩක් කියලා. අවුරුද්දට ෂොපින් කරන වැඩෙත් මම කරන්නෙ නෑ. මොකද මම අවුරුද්දට කියලා පොරකකා ගිහින් ඇඳුම් ගන්න කැමති නෑ. අවුරුද්දටම කියලා ඇඳුම් අරන් දෙන්න ඉන්නෙත් නෑ. මට පුළුවන් හැමවෙලාවකම මම ඇඳුම් පැලඳුම් ඒ අවශ්‍ය දේවල් අරන් දෙනවා.

අපේ කට්ටිය කරන දෙයක් තමයි අලුත් අවුරුද්ද ලබන කොට අතේ තියෙන සල්ලි ඔක්කොම හින්දා ගන්නවා. ඒ කියන්නෙ තමන් හම්බකරගෙන ඉන්න සල්ලි ඔක්කොම වියදම් කරලා, ණයත් වෙලා අවුරුදු කාලා ඊට පස්සෙ තව මාස 4ක් 5ක් යනකම් ණය ගෙවනවා. ඉතින් මම හැමෝටම ආදරෙන් කියන්නෙ තමන්ගෙ අතේ තියන මුදලට ජීවත් වෙන්න පුළුවන් පහසු පරිසරයක් හදාගන්න කියලයි. ඒවගේම අවුරුද්ද කියලා අනවශ්‍ය විදිහට වියදම් කරන්න යන්න එපා. හිතේ සතුට හැමදාම තියාගන්න. දෙමාපියන්ට සලකන එක, නෑ හිතවතුන්ට සලකන එක අවුරුදු චාරිත්‍රයක් විදිහට නෙමෙයි මුළු අවුරුද්ද පුරාම තියාගන්න. එහෙම වුණාම තමයි අපේ රටේ තියන හිත් නොහොඳකම් ඉතාම අවම වේවි කියලා මම හිතන්නේ. ආදරය, කරුණාව, දයාව හැමදාම හිතේ තියාගන්න චාරිත්‍රයකට විතරක් එක දවසකට කරනවාට වඩා ඒක තමයි වැදගත් වෙන්නේ."

 

කුෂි

DESHAYA

 

20160408-ent-128



අදහස් (0)

පොරකකා ගිහින් ඇඳුම් ගන්න කැමති නෑ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 926 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 434 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 949 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3468 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 613 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 238 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site