IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පරිගණක අපරාධ මඬින සම්මුතියට ලංකාවත් ?

පරිගණක අපරාධ පිළිබඳව ක්‍රියාත්මක වන ලොව  එකම  හා  බලසම්පන්න වු බ්‍රඩාපෙස්ට් සම්මුතියේ සාමාජිකත්වය ශ්‍රී ලංකාවට  ලබා  ගැනීම සඳහා  නීති  කෙටුම්පත යුරෝපා  කවුනසලයට ඉදිරිපත් කළ බව ශ්‍රී ලංකා තොරතුරු  තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනයේ නිති අධ්‍යක්ෂක නීතිඥ ජයන්ත ප්‍රනාන්දු  මහතා  පැවසීය.

සම්මුතියේ විධිවිධාන වලට අනුව අගෝස්තු වන විට ශ්‍රී ලංකාව ඉබේම එහි  සාමාජිකයකු බවට පත්වෙයි. එවිට මෙම සම්මුතියේ  සාමාජිකත්වය හිමිකර  ගත්  දකුණු  ආසියාවේ  ප්‍රථම රට  බවට  පත්වන්නේ  ශ්‍රී ලංකාවයි.

නීති කෙටුම්පත් විදේශ අමාත්‍යංශය මගින් යුරෝපා කවුන්සලයේ මහලේකම්  වෙත ඉදිරිපත්   කර ඇත.

මෙය ශ්‍රි ලංකාවට ඓතිහාසික සිදුවීමක් වන්නේ යුරෝපා කවුන්සලය බ්‍රඩාපේස්ට්  සාමාජිකත්වය ලබාදිමට කැමැත්ත පළ කරන ආරාධනාව ලබා දී  මාස දෙකහමාරක්  ඇතුළතදී  අවශ්‍ය නීති කෙටුම්පත්  සම්පාදනය කර  එහි යැවීමට සමත්වීමයි.

ශ්‍රී ලංකාවට ආරාධනාව ඉදිරිපත්  කළේ  පෙබරවාරි  20 දා ය. මැයි  18 දා  අදාළ නිති  කෙටුම්පත් ඉදිරිපත් කිරිමට ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනය සමත්  විය. මෙම සාමාජිකත්වය ශ්‍රී  ලංකාවට ලබා දිමට  බලපෑ  ප්‍රධාන  හේතුව වන්නේ  ශ්‍රී  ලංකාවේ  පරිගණක නිති  යුරෝපා  ආර්ථික කලාපයේ  නීති  හා  සැසදීමයි.

යුරෝපා රටවලට අමතරව ඇමරිකාව,ජපානය,ඕස්ට්‍රේලියාව යනාදි රටවලටත්  සාමාජිකත්වය හිමි  වි  ඇත. ලතින්  ඇමෙරිකා  කලාපයේ රටවල් පිලිපිනය, ආර්ජන්ටිනාව , මලයාසියාව , මෙක්සිකෝව, පේරු, චීලි ඇතුළුව දකුණු අප්‍රිකාවේ  රටවල්  සඳහා  සාමාජිකත්වය ලබාදිමට  යුරෝපා  කවුන්සිලය ඇරයුම් කර  වසර  දෙක , හය , දහය ගත වි  ඇතත්  ඊට අවශ්‍ය සුදුසුකම් සම්පුර්ණ කිරිමට  එම රටවල්  අපොහොසත්  වි  ඇත. එම නිසා  ශ්‍රි ලංකාව එම රටවල්  සියල්ලම අභිබවා ඉදිරියෙන්  සිටිම ඓතිහාසික ජයග්‍රහණයකි.

විදේශ  අමාත්‍යංශය , අධිකරණ අමාත්‍යංශය, නිතිපති  දෙපාර්තමේන්තුවේ  සහාය ලබාගැනිමින්  ශ්‍රි  ලංකා  තොරතුරු  තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනය මෙම භාරදුර කටයුත්ත ඉටු  කළේය.

 



අදහස් (0)

පරිගණක අපරාධ මඬින සම්මුතියට ලංකාවත් ?

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 429 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 913 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 590 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 931 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1397 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 579 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37642 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site