එල්එස්ඩී මත්ද්‍රව්‍ය උපාධි අපේක්ෂකයන් අතර වැඩිපුරම අලෙවි කළැයි සැකපිට නිට්ටඹූවේ කළණ සොයිසා අත්තනගල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා විසින් ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ලිසර්ජික් ඇසිඩ් ඩයතලමයිඩ් (එල්එස්ඩී) නම් කෘත්‍රිම මත්ද්‍රව්‍ය පරිගණක සිසුන් හැත්තෑ දෙනෙකු අතර බෙදා දුන්නැයි කියන පරිගණක උපාධි අපේක්ෂක සොයිසා (23) සුරාබදු මෙහෙයුම් අංශයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
වෙස්වලාගත් සුරාබදු නිලධරයකු පරිගණක නිලධරයකු ලෙස ඔහු සමඟ මිත්‍රවී සිටිමින් නිට්ටඹුවේ දී අත්අඩංගුවට ගත් බව සුරාබුදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජී.ගුණවර්ධන හා නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් පුෂ්පකුමාර ද සිල්වා මෙම මෙහෙයුම සාර්ථක කළ බව කියති.
එල්එස්ඩී කැබැල්ලක් රුපියල් දෙදහස බැගින් සිසුන් 70 දෙනෙකුට විකුණා ඇත. ඔහු ඇමෙරිකාවෙන් අන්තර්ජාලය ඔස්සේ හත් වරක් ඇණවුම් කර එල්එස්ඩී ලංකාවේ විකුණා ඇති බව කියති.
ඔහු පරිගණක තොරතුරු තාක්ෂණ හා අන්තර්ජාල පිළිබඳ තුන්වන වසරේ උපාධි අපේක්ෂකයකු බව සොයාගෙන ඇත.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඡායාරූප - ප්‍රසාද් මුතුකුඩ
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න
ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක
ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම
ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.
නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත
හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පරිගණක උපාධි අපේක්ෂක රිමාන්ඩ්
පීරිස් Wednesday, 20 April 2016 07:15 AM
ලොක්කන්ට මලු පිටින් ගෙනවිත් කිලෝ ගණන් විකුණන්න හොඳ නම් අපිටත් මොකද කියලා හිතලා වියදමට සල්ලි ටිකක් හොයාගන්න ජාවාරම සුළුවෙන් පටන්ගන්න ඇති. (නි)
ඉසුරන්දි Wednesday, 20 April 2016 08:08 AM
අර කිව්වත් වගේ තොග පිටින් ගෙන්වන ලොක්කන්ව අල්ලන්න උපාය මාර්ග හීනවෙලා ඇති. කොල්ලා වැඩකාරයෙක් වුණත් කරලා තියෙන වැඩේ හොඳ මදි. (නි)
කිත්සිරි Wednesday, 20 April 2016 08:32 AM
අනේ මන්දා අද කාලේ ළමයින්ටත් මොනවා වෙලාද කියලා (නි)
නිමල් Wednesday, 20 April 2016 08:39 AM
අනිවාර්යයෙන්ම මරණ දඬුවම දිය යුතුයි. (හේ)