හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ගිණුම්වලින් අවශ්‍ය තොරතුරු සොයා ගැනීමට ඇය නම් කළ පරිගණක විශේෂඥයන් කණ්ඩායමකට ජාතික සංවර්ධන බැංකුවට යෑමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද අවසර දුන්නේය.
සැප්තැම්බර තුන හතර සහ පහ දිනවල ඔවුන් බැංකුවට යෑමට නියමිතය.
රජයේ නීතීඥවරයා ද ඊට විරෝධය නොදැක්වීය.
හිටපු අගවිනිසුරුවරිය තම වත්කම් හෙළි නොකළැයි ද, ජාතික සංවර්ධන බැංකුවේ ගිනුම් තුනක වත්කම් ද ඊට අයත්යැයි ද අල්ලස් කොමිසමෙන් ඇයට එරෙහිව පවරා ඇති නඩුවේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමුකෝ වෙන දේ.... (නි)
ඔබට සාධාරණයක් ඉටුවේවා කියා සුබ පතනවා. (නදී)
අයියෝ සල්ලි (දී)
අනේ මන්දන්නේ නැහැ (දී)
මෙතන තියෙන්නේ දේශපාලන පලිගැනීමක් මේ හැමදේකට ව්ගකියුත්තෝ ට කවදාහරි සොබහව දර්මෙන් දඩුවන් ලැබේවි !! (දී)
වවපු අස්වැන්න කපාගනිවී කියලා මගේ මාමණ්ඩි මට නිතරම කිවුවා. (නි)
බලමු කවුද දිනන්නෙ කියල!! (දී)
මෙතුමියගේ බැංකු ගිණුම් පරික්ෂා කරනවානම් (දී)
දැන්නම් ඉවසුවා ඇති (නි)
කොහෙන්ද මේ කියන විශේෂඥයෝ ගෙනවිත් තිබෙන්නේ? (නි)
සත්‍යය කවදා හෝ ජයගනී (නි)
මන්ත්‍රී වරුන්ගේත් බලන්න බැරිද? (අ)
තමන් ළඟ පුද්ගලිකව මුදල් තිබුනාට වත්කම් වලට අසුවන්නේ නැහැ නේද? (නි)
මම නම් මෙතුමියට අවංකව ගරු කරනවා (නි)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
මම නම් මේවාට කිසිම දෙයක් කියන්නේ නැහැ (නි)
හැමෝගෙම දේවල් මේ විදියට සොයන්න කාලයක් ඒවි. (නි)
බන්දුල පෙරේරා කියන පෞරුෂත්වය කුමක්ද? (නි)
රටේ සිද්ධවෙන කෝටි ප්‍රකෝටි ගණන් වංචා දූෂණ සොයන්න කාලයකුත් කවදා හෝ උදාවේවි (නි)
ඔබට සාධාරණයක් ඉටුවේවා කියා සුබ පතනවා. (නි)
එතුමියට සාධාරණ තීන්දුවක් ලැබේවායි කියා පතනවා! (නි)
දේශ පාලන බලවතෙක්ගේ ගල්කිස්ස පැත්තේ හිටපු අයිය කෙනෙක් රොලෙෂ් ඔරලෝසුවකුයි විදේශ මුදල් විශාල ප්‍රමාණයක් ළඟ තියාගෙන ඉදල ඒවා හොරකන් කරලා සිද්ධියක් වුනා නේද? ඒවාට නඩු නැත්ද? (අ)