මුලික පරිගණක අධ්‍යාපනයෙන් එහා ගිය ජාත්‍යන්තර මට්ටමේ දැනුම් ආර්ථිකයක් ගොඩනැගිය හැකි පරිගණක හා තොරතුරු තාක්‍ෂණ විෂයය මාලාවක් ඉතා ඉක්මනින් හඳුන්වා දිය යුතු යැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය.
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ශූර තරඟයේ ජය සංකේත ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් ග්‍රේරු මහතා මේ බව කීය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු සන්නිවේදන ශාඛාව, ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ කර්මාන්ත කරුවන්ගේ එකමුතුව හා ශ්‍රී ලංකා පරිගණක සමාජය පස්වන වරටත් මෙය සංවිධානය කළේය. කොළඹ විශ්ව විද්‍යාලයීය නව කලාගාරයේදී පාසල් සිසුන් 210 ක් සඳහා මෙහිදී ජය සංකේත ද මෙහිදී ප්‍රදානය කෙරිණි.
අදහස් දැක්වූ මොහාන් ලාල් ග්‍රේරු මහතා,
‘වර්තමාන ඉන්දියාවේ බැංගලෝරය වැනි ප්‍රදේශයක පවා පරිගණක හා තොරතුරු තාක්‍ෂණය ප්‍රයෝජනයට ගෙන මුලු ලෝකයම දිනා ගන්න සමත් වෙලා තිබෙනවා. ඒ හරහා ඩොලර් මිලියන ගණන් විදේශ විනිමය ප්‍රමාණයක් ඉන්දියාවට උපයා ගැනීමට ප්‍රදේශයේ පරිගණක සමාගම් වලට හැකි වෙලා තිබෙනවා. ඒ අතින් බලන කොට අප රටේ තොරතුරු තාක්‍ෂණ දියුණුව තව බොහෝ දුර යා යුතුයි.
ශ්‍රී ලංකාවේ පරිගණක සාක්‍ෂරතාවය 2005 වන විට සියයට තිස් පහක් වුනත් ප්‍රමාණයක් වුනත් අද වන විට එය 75% දක්වා සමීපයට පැමිණ තිබෙනවා.
සියලු උපාධිධාරී ගුරුවරුන් නගරයේ පාසල් වලට එන්න උත්සාහා කරනවා. එයින් මේ ඈත ගම්මාන වල අහිංසක දරුවන් අසරණ වෙලා. නිදහස් අධ්‍යාපනයට ගරු කිරීමක් වශයෙන් අඩුම වශයෙන් වසර පහක් වත් ඈත ගම්මාන වලටත් ගිහින් ඒ දරුවන්ටත් තොරතුරු තාක්‍ෂණය පරිගණක, දැනුම බෙදා දෙන්න ධෛර්යමත්ව ඉදිරිපත් වන්නැයි මා උපාධිධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.
මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව
විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව
නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
පරිගණකයෙන් පරතෙරට යන මගක් ග්‍රේරු කියයි
සංජය පෙරේරා Thursday, 02 January 2014 03:54 PM
ඔබ වැන්නෙකු අධ්‍යාපනයට එකතු වීම දරුවන්ගේ සුබ සිහින සැබෑවීමක පෙර සලකුණකි.(නදී)
හේමාල් වෙරෝනා Thursday, 02 January 2014 04:42 PM
කොළඹට කිරි ගමට කැකිරි සංකල්පය ඔබ තුමාවත් අවම කරන්න.(නදී)
දයා අලහාකෝන් Thursday, 02 January 2014 04:58 PM
අධ්‍යාපන ඇමතිතුමා විය යුත්තේ ඔබයි.(නදී)
කමල් Thursday, 02 January 2014 11:36 PM
තොරතුරු තාක්‍ෂණය ලංකාවේ දියුණු කරන්න හදන විදිහ ගැන කතිකාවක් ඇති කරන්න. දැන් යන විදිහට ඉංග්‍රීසි භාෂාව බැරි කලා වාගේ මේකත් බැරි කරන්න තමයි හදන්නේ. මාෆියාව තේරුම් ගන්න. මවා ගෙන ඉන්න නිලධාරීන් ගැන සොයා බලන්න. මෙය අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණයක් නොවේ. (නදී)
බානුක Friday, 03 January 2014 01:54 AM
ඔයාගෙත් කතාව විතරයි වැඩ නැහැනේ. පුලුවන්නම් අඩුතරමින් එකක්හරි කරලා පෙන්වන්න. (අ)
ශ්‍යාමලී Friday, 03 January 2014 07:27 AM
ඔබතුමාගෙන් රටට වැඩක් වෙයි වගේ.(නදී)