ලබන අප්‍රේල් 23 වැනි දා පාර්ලිමේන්තුව අනිවාර්යයෙන් විසිරවිය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අකුරණ දී කීවේය.
ජනතාව විසින් පරාජයට පත් කළ දේශපාලනඥයන්ට නැවත ඇමැති කම් ලබා දී ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ ශ්‍රීලනිප යෝජනාවට ඉඩ නොදෙන බව ද ඔහු පැවසීය.
ජනවාරි අට වැනි දා ජනතාව ඡන්දය දුන්නේ මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට පමණක් නොව, කුඩු කාරයන්, එතනෝල්කාරයන්, කසිප්පු කාරයන් පරාජය කිරීමට බවත්, නැවත ඇමැති කම් දීමෙන් කරනුයේ ජනතාව හෑල්ලුවට පත් කිරීම බවත් දිසානායක මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුම් වැඩි කමට තමයි මහ ජනතාව එයාව පැරද්දුවේ (බ)
වලිගෙ පාගගත්තේ කව්ද කියල තවම සරත්ට තේරිලා නැහැ වගෙයි. ඔයාගේ අං තට්ටුව හොදට වැඩුනම ඒක තේරෙයි. (නදී)
මහින්ද මහත්තයට ජයවේවා! (නදී)
විමුක්ති, මේක එකක් විතරයි (නි)
ජාතික ආණ්ඩු හදන අදහස කාගෙ එකක්ද දන්නෙ නැහැ. (නි)
සමන් වගේ හිතන්න පුරුදුවෙන්න. (නි)
එතකොට කොහොමද රනිල් අගමැති වුණේ.යුඑන්පි අයට ඇමතිකම් ලැබුණේ.මහා මැතිවරණයක් තියලද? අනුර කුමාර කතාකරන්නේ මොනවාද මේ (දිල්)
දැන් මෙතන අල්තින්ම වලිගේ පාගගත්තු කෙනා විමුක්තිද ?(දිල්)
නිදහස් පක්ෂය හදාගන්න බැරි ඔය කට්ටියට එක්සත් ජාතික පක්ෂය හදන්න බෑ බොරුවට මිනිස්සුන්ව රවට්ටන්න එපා ඔයගොල්ලෝ බොරදිය මාලු බාන්න උත්සහ කරනකොට ඕනේ කට්ටිය වැඩේ කරගෙන ඉවරයි (බ)
සමන්, ඔබ කියන පොදු දේපල මංකොල්ල කෑම ඔප්පු කළේ කව්ද? මේ බොරු මවා පෑම මහින්ද උතුමන්ව (ඔබට නොව, 58 ලක්ෂයකට) පරාජය කිරීමට හේතු වූවා. දැන් නීතිය අවනීතිය කර ගනිමින්, මාධ්‍ය නිදහස නැති කරමින් කොටින්ට පාර කපා දෙමින් යහපාලනය ජඩ පාලනයකට පත් කර තිබෙන්නේ කව්ද? ජීවන වියදම අඩු උනාද? (බ)
සමන් ට ජය වේවා....ඔබ හරි....(බ)
ඒ උතුම් ජන නායකයා පරදවන්න කටයුතු කළේ කවුද කියලා අපි දන්නවා. කළ කළ දේ පල පල දේ කිව්වලු (නි)
සමන්.ඔබ සමග සීයට සීයක් අපි එකඟයි.(දිල්)
සමන්ගේ අදහස අනුමත කරමි.(දිල්)
සමන් ඔබගේ අදහස 100% හරි .(හේ)
පොදු ආණ්ඩුවකට යන්න හේතුවත් ඔය මහින්දගේ බලතන්හාවයි, නාදරාජ් වගේ මිනිස්සු ඉද්දි කොහොමද රට (අ)
අලුත් කෙනෙකුට ඉඩක් දෙන්න අදහසක් නැද්ද? (නි)
වැදගත්ම සාධකය වනුයේ ජනපති ඡන්ද ලැබුයේ ජනතා පරමාධිපත්‍යය වෙනුවෙන් විනා අන් කවර කරුණක් සඳහා නොවීමය. (නි)
සමන්,ඔබ 100%ක් හරි (නි)
නඩරාජා , ඔය බොරු නමක් බව අපි දන්නවා. . එත් ඔය අදහසට ජාති බේද නැතිව පිළිතුරු දෙන්න පුළුවන් අපට. රටේ පොදු දේපොළ මංකොල්ල කාපු , රටේ නීතිය විනාශ කරපු කෙනෙකුට උතුම් නායකයා කියන්න තමාට අසනීපයක්ද ? උතුම් කියන වචනයට නිගරු කරන්න එපා. (බ)
හැමෝම අවසානයේ මාරයා ඉදිරියේ පරාජිතයෝ වෙනවා නේද ? (බ)