මත් කුඩු විකුණනකුගේ රියදුරකු දෙමටගොඩ මස් මඩුව අසලදී අද අලුයම වෙඩි තබා මරා දමා ඇතැයි පොලීසියට තොරතුරු ලැබී ඇත.
කුඩු රුවන් (27) නම් පුද්ගලයකුගේ රියදුරකු වන සුජීව කරුණාරත්න (27) නැමැත්තකු මෙසේ මරා දමා ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ඝාතකයින් ප්‍රාඩෝ රියකින් එන්නට ඇතැයි සැක කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකටත් කැලණියේ සම්බන්දයක් තියෙන බවයි පෙනෙන්නේ(දිල්)
කුඩුකාරයෝ සියල්ලෝම ඉක්මණින් තුරන් කර දැමීමට හැකි නම්... (නි)
කුඩු විකුණන අය රටේ සිටියදී පොලීසිය දන්නේ නැද්ද ඔවුන් අල්ලා ගන්න? පුදුම ආශ්චර්යක්. ලැජ්ජයි (නි)
මේක 100% කාගේ වැඩක්ද කියලා මට හිතාගන්න පුළුවන් (නි)
සත්‍යපාල හරි. ගෝලයන් මරා දමන්නේ ලොක්කන් කවුද කියා හෙළිවීම වළක්වන්නයි. ඔබ කියනවා වගේ 'නිල ලත් ' හෝ නිල නොලත් ඝාතකයන් මේවට කුඩු රජවරුන් විසින් යොදා ගන්න බවට අපි කොයි තරම් පුවත් කියවල තියෙනවද. මේවා කුඩු ලෝකයේ එදිනෙදා සිදුවීම්. අවාසනාව නම් කුඩු රජවරු වැජඹෙන්නේ දේශපාලන හා පොලිස් අනුග්‍රහයෙන් වීමයි. (ත)
සත්‍යපාල, මම ඔය රුවන් නොවේ.ඔය මැරිලා තිබෙන කෙනත් අංක එකේ හොඳ වැඩකාරයෙක්. (නි)
දෙමටගොඩ කුඩු නුවන් ගැන මමත් දන්නවා.(දිල්)
ඉතාම ඉක්මනින් සියලුම අපරාධ නවත්වන්න උත්ස කළේ නැත්නම් ඉස්සරහට මේ වගේ දේවල් සාමාන්‍ය ජනතාවගෙන් බල පොරොත්තු වෙන්න පුළුවන්(දිල්)
කුඩු රුවන් කියල විකුණන කෙනාගේ නමත් දන්නවනම් ඇයි මෙයාව අල්ලන්නේ නැත්තෙ, (අ)
උදය,ඇත්ත දුටු විට මොකද ඔයතරම් තරහ යන්නේ? කන්ටේනර් ගණනක් ගෙනාපු මධ්‍යසාර ස්ප්‍රීතු කතාව ගැන දැන් සද්දයක් නැහැ නේද ? මට අහවලාට,අහවල් පක්ෂයට,පලා බබාට,ප්‍රාදේශීය මන්ත්‍රීට තිබෙන හිතවත්කම හෝ පක්ෂයකට තිබෙන කැක්කුම නිසා ඇත්ත නොකියා හිටියොත් මේ අපි සියල්ලෝම එකට ගිලෙනවා.මොන පක්ෂ ජාති ආගම් බේද තිබුනත් අපි ඔක්කොම ලංකාව කියන නැවේ ඉන්නේ.ගිලුනොත් ඔක්කොම එකට ගිලෙන්නේ. (නි)
මහා පරිමාණයෙන් කුඩු ගෙන්වන අය සහ ඒ අයව ආරක්ෂා කරන බලවතුනට මේ දඬුවම දෙන්න කෙනෙක් නැහැනේ...(දිල්)
කුඩු රුවන් අහවලාගේ සේවකයෙක් වගේම ආරක්ෂකයෙක්. ඉතින් එහෙම අල්ලන්න දෙයිද? බොරු ප්‍රශ්න අහන්න එපා (නි)
එහෙම එක එකාට ඕන විදිහට ඔය වගේ ලොකු ලොකු බිස්නස් කරන්න දෙන්න පුලුවන්ද...ඒවා "අර කට්ටිය" ට විතරයි කරන්න අවසර තියෙන්නේ ..හරිද? (ත)
ඉදිරියේදී මිනිසුන් මරන්නේත් ප්‍රාඩෝ වලින් පැමිණිලා? ආශ්චර්යවත් හෙටක් අපට උදා වේවි (නි)
මොකටද අප්පා හැම එක්කෙනාම මෙහෙම අදහස් දාන්නේ?(අ)
මෙයාලට මෙච්චර සල්ලි කොහෙන්ද? (දී)
කුඩු රුවන් කියන්නේ...ගරුතර ඇමති තුමා එක්ක රූපවහිනියාට ඇවිල්ල ගුටි කාපු ගොයියා වෙන්න ඇති (අ)
මුදලාලිලාට අපහාස කරන්න එපා (නි)
නන්නාඳුනන තුවක්කු කරුවන් විසින් කුඩු වලට සම්බන්ධ ඕනෑම කෙනෙක් මැරුවට කමක් නැත.එය පාපයක්ද නොවිය හැකිය.(දිල්)
බුද්ධ ධර්මය අනුව කළ පව් පල දේ. (නි)
මේ ගැන මට නම් වරදක් පෙනෙන්නෙ නැහැ (නි)
මුදලාලි ඉතුරු කරලා ගෝලයා මැරුවේ ඇයි? ඒකත් අපිට ප්‍රශ්නයක් (නි)
එතකොට කුඩු රජාලව අල්ලන්නේ නැද්ද? (නි)
ඔන්න මම නම් නෙමෙයි හොදේ. මගේ නමත් රුවන් (නි)
ඔහොමහරි මේවා නතරවේවිද කියලා බලමු (නි)
කොහොමද වැඩේ? (නි)
මරණ දඩුවම දිය යුතුම කෙනෙක් වුවත් මහදවල් මහමග ඝාතනය කිරීම තවත් දරුණු අපරාධයකි.මෙයින් සමාජයේ කොටසක් තුල ඇතිවන භීෂණය සහ තවත් කොටසක් තව තව සාහසික මිනීමැරුම් වලට පෙළඹීමත්, මොවුන් වැනි අය ඝාතනය කළ නිලලත් හෝ නොලත් ඝාතකයන් තම විරුද්ධවාදීන් මරාදැමීමට,කුලියට මිනිමැරීමට අනුබලයක්ම වේ.තවද මේ ඝාතකයන් දේශපාලකයන්ගේ අතකොලු වීමත් නොවැළැක්විය හැක.අවසානයේ ලෝකය ඉදිරියේ රටට ලැබෙන ම්ලේච්ඡත්වයේ ඉහළම තැනත් මානව හිමිකම් උල්ලංඝන බලපෑම් වලට යටවීමට සිදුවීමත් මහත් විනශකාරීමය.මේවා බෙදුම්වාදී රිලවුන්ට ඉනිමං තැබීමකි. රටට අවමානයකි. මිය ගිය තැනැත්තා සමාජයෙන් ඉවත්කළ යුතුම අයෙකු නම්,නීතිය මගින් එය කිරීමට නොහැකි නම් මහමග ඝාතනය නොකර ඊට වඩා යහපත් ප්‍රයත්නයකට යාම කළ යුතුය (නි)
වපුරන දේවල ප්‍රතිපල ඒ ආකාරයෙන්ම ලැබිලා. දුක හිතෙන්නේ නැහැ මට නම්. (නි)
කමක් නැහැ. ඔහොම යමු. ඊළග වාරයේ උත්සාහ කරමු. ප්‍රාඩෝ ටීම් එකට ජය වේවා. (නි)
ගොලයින්ගෙන් තමයි මුදලාලිට තිබෙන ඉහළ සම්බන්ධකම් හෙළිවෙනුනේ. මේක හැමදාම වුණ දෙයක්. කුඩු රජා හැමදාම රජාමයි.කලින් කලට මිය යන්නේ ගෝලයෝ. මුදලාලි සදාකාලිකයි. (නි)
පසුගිය දවසක අල්ලපු කුඩු ටොන් කාලට මොකද වුණේ? දැන් කුඩු වලට මොනවා වෙලාද?කිසිම තොරතුරක් නැහැනේ. කුඩුකාරයන්ට මිහිපිටත් අපාය ,මෙලොවත් පරලොවත් අපාය තමයි.... (නි)
සත්‍යපාල, වචන තිබුන පලියට හණමිටි පදය හැමදාම කියන්න එපා. කුඩු රජවරු කී දෙනෙක් පහුගිය අවුරුදු පහ ඇතුලත විනාශ වුණාද කියලා දන්නේ නැද්ද? (නි)
ශ්‍රී ලංකාවේ කුඩු විකුණන්න පුළුවන් බලය ලත් අයට පමණයි වගේ. (නි)
මේවා නතර කරන්නේ කොහොමද? ළඟදි අල්ලපු ලොකුම හෙරොයින් කන්ටේනර් එකට මොනවා වුණාද දන්නේ නැහැ. (නි)
රට යන අත පැහැදිලිය. තව වසර ගණනකදි කුඩු රට වටා පැතිරෙනු ඇත. දියුණු රටක තිබිය යුතු දර්ශක අතරින් කුඩු තිබීමත් දියුණුවකි. (නි)