ඊශ්‍රායල ගුවන් හමුදාව තව දුරටත් ගාසා තීරයට බෝම්බ හෙලන බව වාර්තා වේ. හමාස් පාලනය යටතේ පවතින ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කරන දරුණුතම ප්‍රහාර මාලාව මෙයයි.
ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නැතිනම්, තම ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් එකා බැගින් මරා දැමීමට පසුබට නොවන බව ඉස්ලාමීය හමාස් සටන්කාමීන් පවසා තිබේ.
මේ වනවිට ගාසා තීරයට සැපැයෙන සියලු ආහාර සහ ජලය නැවැත්වීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබේ.
ගාසා තීරයේ පලස්තීන වැසියන් ආහාර සහ ජලය නොමැතිව පීඩාවට පත් කිරීම ඊශ්‍රායලයේ අරමුණ වී ඇති බවත් එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව යුද අපරාධයක් බවත් අරාබි රටවල් චෝදනා කරයි.
ඊශ්‍රායලය ප්‍රතිඥා දී ඇත්තේ ගාසා තීරයේ හමාස් පාලනය මුලිනුපුටා දමන බවටය. මේ වනවිට ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන 687 කි. හමාස් ප්‍රහාරවලින් මියගිය ඊශ්‍රායල වැසියන් ගණන 800 කි.
ගැටුම බටහිර ඉවුරේ පලස්තීන පාලන ප්‍රදේශයටත් දකුණුදිග ලෙබනනයටත් පැතිර ගොස් තිබේ. බටහිර ඉවුරේ පලස්තීනුවන් 17 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පැවැසෙයි.
ලෙබනනයේ මියගොස් ඇත්තේ හිස්බුල්ලා සටන්කාමීන් සිවු දෙනෙකි. හමාස් සටන්කාමීන්ට ආධාර ලබා දෙන්නේ හිස්බුල්ලා සංවිධානයයි. පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට කඩා වැදී පහර දීමට පටන් ගත් හමාස් සාමාජිකයන් අතරේ හිස්බුල්ලා සාමාජිකයන් ද සිටින බව ඊශ්‍රායලය පවසයි.
(අල් ජසීරා)
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ප්‍රාණ ඇපකරුවන් ඝාතනයට හමාස් සූදානම්
Bamunuarachchi Tuesday, 10 October 2023 05:50 AM
අපේ රටෙත් ඉන්නවා හිස්බුල්ලා කෙනෙකුට ආදාර දෙන එකෙක්. සිංහලයින්ට කෙලවෙන්නේ මෑන් නිසා. අනාගතේ සිංහල අපිටත් ඔයවගේම ප්‍රශ්නයක් ඇතිවෙනවා මේ වඩුග නායකයා නිසා.
maxraaTuesday, 10 October 2023 12:19 PM
සිංහලයාට කෙළින්නේ සිංහල නයකයෝම තාමා. අවුරුදු 70ක් තිස්සේ, ආයෙත් ඉතින් අනාගතයේ කෙළවෙන්න දෙයක් නැ!!!
Bamunuarachchi Tuesday, 10 October 2023 06:13 PM
සිංහලයින්ට කෙලවන නායකයෝ කීපදෙනෙක් හිටියා. දැනුත්ඉන්නවා ඉස්සරහට එන්නත් හදනවා... ප්‍රේමදාස, රනිල්, අනුර කුමාර වගේ අය... ඔවුන් තමයි රට කන හම්බයින්ට පහසුකම් සැලසුවේ දැන් සලකන්නේ ඉස්සරහටත් සලකන්න යන්නේ... ඊට වැඩිය කෙලවෙන්නේ සියළුම දෙනාට මෛත්‍රී කරමු කියන පාඨයෙන්...!