ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයනට රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ ඉටු කර ගත යුතු රාජකාරි සම්බන්ධයෙන් මෑතක සිට ප්‍රශ්න මතුවී ඇත.
මෙතෙක් එම කටයුතු ඉටු කර දුන් ඉතාලි රජයේ ලියාපදිංචි ආයතන මගින් එම කටයුතු කර ගැනීමට නොහැකි වී ඇතැයි ශ්‍රී ලාංකිකයෝ කියති.
එවැනි ආයතන හතක් පමණ ඉතාලියේ ඇත.
ගමන් බලපත්, උප්පැන්න සහතික ඇතුළු විවිධ කටයුතු සඳහා තමන්ගේ ලියැවිලි රෝමයට ගෙන ගොස් එම කටයුතු කර දුන් ආයතනවලට දැන් එම කටයුතු කර ගත නොහැකි වී ඇතැයි ද, ඊට හේතුව ඔවුන් ගෙන යන ලියැවිලි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය බාරගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි ද පලෙර්මෝ නගරයේ එවැනි ආයතනයක් පවත්වාගෙන යන දිල්කි ප්‍රනාන්දු මහත්මිය එසැණ සමග කීවාය.
අලුත් කිරීමට බාරගත් ගමන් බලපත් සියයකට වඩා තම ආයතනයේ ඇතැයි ද පලෙර්මෝ සිට දෙවතාවක්ම කිලෝමීටර් අටසියයක් දුර ගෙවා රෝමයට පැමිණියද තානාපති කාර්යාලයය එක් බලපත්‍රයක්වත් බාර නොගත් බව ද ඕ සඳහන් කළාය.
ඉතාලි ශ්‍රී ලාංකිකයන් ද මෙම ආයතනවල සේවය පතනුයේ තනි තනිව රෝමයට යාමට ගත වන මුදල ඉතා අධික හෙයිනි.
එම ආයතනයෙන් යූරෝ විසි පහකට ( රුපියල් 4325) කරවා ගත හැකි වැඩක් සඳහා එක් අයකුට රෝමයට යෑමට පමණක් යුරෝ තුන්සියයක් (රුපියල් 51900) පමණ වැයවෙතියි ප්‍රනාන්දු මහත්මිය කියන්නීය.
රෝමයේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා මහතා පවසනුයේ එවැනි රාජකාරි කරවා ගැනීම සඳහා කිසිම ආයතනයක් තානාපති කාර්යාලයයේ ලියාපදිංචි වී නැති බවයි.
ඉතාලියේ එවැනි තවත් ආයතන ප්‍රධානියකු පැවසුවේ මාස කිහිපයකට පෙර තානාපති කාර්යාලයයකට බාර දුන් කිසිදු ලියැවිල්ලකට පිළිතුරක් නොලැබුණු බවයි.
මේ අතර ඉතාලියේ උපදින ශ්‍රී ලාංකිකයකුගේ උපත ලියාපදිංචි කිරීමට මව හෝ පියා තානාපති කාර්යාලයයට යා යුතුම වුවත් එසේ නොගොස් වෙනත් අයට වැඩි මුදල් ගෙවා එවැනි දේ කරගන්නා අය සිටිතියි ද දැනගන්නට ඇත. එසේ උප්පැන්න ලියාපදිංචි කර ගත් කිහිපදෙනකුම පැවසුවේ තමන් එහි නොගොස් ඒ කාරිය කර ගත් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදුසු සහ මහජනතාවට ලෙහෙසිම ක්‍රමයට වැඩක් කරගැනිමට සිතුවොත් හොදයි. (නි)
මුදලට හොර වැඩ වලට අනුබල දෙන ආයතන නිසා තමයි ප්‍රශ්ණය.(නදී)
මෙය ඇත්ත කතාවකි. මටත් මෙලෙසම දෙයක් සිදුවී ඇත. (නි)
පරණ හරි අලුත් හරි හොද දෙයක් කරගන්නයි ඕනේ (දී)
පරණ විදියට බැරිනම් අලුත් ක්‍රමයකට හැඩගැහෙන්න තවමත් අවස්ථාව තිබේ. (නි)
මට පේන විදියට අලුත් තානාපතිතුමා නීතියට වැඩ කරන පාටයි. ඔබ තුමාට සුබපතමි. ඔය කියන පරණ විදියට මටත් එවැනි ආයතනයක් කරන්න තිබුණා. කොහොමද මෙවැනි කටයුතු කරන්න තානාපති කාර්යාලයේ ලියාපදිංචි වෙන්නෙ? (නි)
හැකි ඉක්මණින් මෙයට පිළියමක් යෙදිය යුතුයි. (නි)
මුලින්ම කියන්න ඕනෑ දුරකතනයට කතා කරන්න කියලා. (නි)
මේ සේරම ඒජන්සිකරුවන් ශ්‍රී ලාංකිකයන් ගසා කනවා. තානාපතිතුමාගෙ තීරණය හරි. නමුත් තානාපති කර්යාලයෙත් අත් වැරදීම් නැතුවාම නොවේ. ඉතාලියෙ ඉපදුන ළමයිගෙ උප්පැන්න අවුරුදු ගණන් ගිහින් තාම නැහැ. මේ සේරටම වරද රජයේ වගකිවයුතු අංශ වල අවධානය තානාපති කාර්‍යාල වලටත් විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ටත් නිසියාකාරව යොමු නොවීමයි. (නි)
ඔබ තුමා ගත්ත තීරණය ගැන අපි සතුටු වෙනවා. ඉතාලියේ බොහෝ කූට ව්‍යාපාර සිදුවෙනවා. දරුවෙකුගේ උප්පැන්න සහතිකයක් සහ ඇටෝනි බලපතුයක් සදහා අනිවාර්ය තරලා තියෙනවා අවශ්‍ය කෙනාම මෙයට ඉදිරිපත්වෙන්න කියලා. නමුත් කූටලෙස එයත් කරදීමට ඉදිරිපත්වන මිනිසුන් මෙහි සිටිනවා. වැඩිපුර මුදල් ලබාගනිමින් හොර මුද්‍රා තබා හොර අත්සනුත් තබා සැකයකුත් කැතුව මෙයට උදවි කරන අය කිහිපදෙනෙක් ඉන්නවා. එහෙම කරගත් ඇටෝනියක් ඉදිරිපත් කල හැක. ස්කෑන් කර මා ඔබට ලැබෙන්න සලස්වන්න්මි.(නදී)
ලෝකේ කොහෙත් එකයි නේද (දී)
තානාපති කාර්යාලය කියන්නෙත් ලංකාවේ කාර්යාලයක්නේ. ගමනට යන යූරෝ 300 කාර්යාලයේ වැඩකරන කෙනෙකුට දුන්න නම් ඕක කරගන්න පුළුවන්.(නදී)
මෙතුමා හරියට වැඩකරන හොද මනුස්සයෙක්. (නි)