IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


පරණ නළුවා ගීයට බහී

හැටේ දශකයේ ශ්‍රී ලංකා සිනමාවේ ජනප්‍රිය චිත්‍රපට කිහිපයකම ළමා චරිත නිරූපණය කළ තිලක් බුලත්වෙල පසුගියදා ලන්ඩන් නුවරදී ඒක පුද්ගල ගීත ප්‍රසංගයක් ඉදිරිපත් කළේය.

ළමා නළුවෙකු ලෙසින් රඟ පෑ සමයේ ඔහු හැඳින්වුයේ තිලක් පුෂ්පකුමාර ලෙසිනි. එවකට සිංහල සිනමාවේ ජනප්‍රිය රුක්මනී දෙවි, සේනාධීර කුරුප්පු, ගාමිණි ෆොන්සේකා, සුවිනීතා වීරසිංහ වැනි නලුනිලියන් බොහෝදෙනෙකු සමඟ විවිධ චරිත නිරූපණය කිරීමේ අවස්ථාව ඔහුට හිමිවිය.

‘සුදෝ සුදු, අදට වැඩිය හෙට හොඳයි,‘ මංගලිකා සහ සුජාගේ රහස‘ වැනි චිත්‍රපට බොහෝ ගණනක ඔහු රඟපෑවේය.

මෑතකදී ලන්ඩන් නුවර රූප ගතකල "චෙස්" නම්වූ ටෙලි නාට්‍යයේද ඔහු ආරාධිත චරිතයක් නිරූපණය කළේය.

කුඩා කල චිත්‍රපට කිහිපයක ළමා චරිත නිරූපණය කිරීම හේතුවෙන් පුවත්පත් සහ සඟරාවන්හි ඔහු පිළිබඳ විස්තර සහ ඡායාරූප පළවීමෙන් පසුව බොහෝ දෙනෙකු ඔහු දැන හඳුනාගත් බවත් ඒ නිසා තමන්ගේ නිදහසට ඇතිවූ අවහිරතා පිළිබඳව අකමැත්තක් ඇතිවීමේ හේතුවෙන් චිත්‍රපට වල පෙනී සිටීමෙන්  ඉවත්වීමට සිතු බව ඔහු කියයි.

කෙසේවුවද කුඩා කලසිටම ඔහු ගීත ගායනය පිළිබඳව ඔහුතුල තිබුණේ අති මහත් ආශාවකි. මෙනිසා කළින් කළ ඔහු සිය හිත මිතුරන් හා එකතුව ගීත ප්‍රසංග පැවැත්වීමට පුරුදුවී ඇත.

දැනට ලන්ඩන් නුවර පදිංචිවී සිටින තිලක් පසුගියදා තම ඒක පුද්ගල ගීත ප්‍රසංගයක් ඉදිරිපත් කිරීමට අදහස් කළේ මෙවන් පසුබිමක් ඇතිවය.

ඔහුගේ ප්‍රසංගය සඳහා සංගීතය සැපවුයේ ධම්මික තුසිත කුමාර ගේ අධීක්ෂණය යටතේ විමර්ශා ජයසිංහ, ටිරෝන් ලියනගේ, දේශප්‍රිය විශ්වජිත්, සංජය ප්‍රනාන්දු සහ නන්ද සඳගිරි විසිනි.

ලන්ඩනයේ පදිංචි ප්‍රවීණ ගායන ශිල්පීන් වන සුවිනීතා පෙරේරා,ලසන්ති බමුණුආරච්චි යුග ගායනයෙන්ද චන්දන ෆොන්සේකා, සිසිර අත්තනායක සහ ලක්සිත් බමුණුආරච්චි ආරාධිත ශිල්පීන් වශයෙන්ද මෙම ප්‍රසංගයට එක් වුහ.

12 22 32 36 40 42 46 48 49 57



අදහස් (0)

පරණ නළුවා ගීයට බහී

සුරාජ් Wednesday, 26 November 2014 02:07 AM

නියමයි. සුබ පැතුම්! (නි)

:       0       0

කමනි Tuesday, 25 November 2014 02:51 PM

සුදෝ සුදු චිත්‍රපටියේ අන්ධ ළමයකු සිටියා යන්තම් මතකයි. ඔබ කවුද කියා මතකයක් නැහැ. පොඩි කාලේ ඡායාරූපයක්වත් දාන්න තිබුණනේ. (ර)

:       0       0

සමන් පෙරේරා Tuesday, 25 November 2014 11:23 AM

දැන් මෙතන කව්ද නළුවා ???(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 112 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 144 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 210 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 191 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 209 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 145 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38510 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25352 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site