කොළඹ රාජකීය විද්‍යාලයයට හා විශඛා විද්‍යාලයයට සිසුන් ඇතුළත් කරන බව කියමින් රුපියල් හත් ලක්ෂ පනස් දහසක් ගත් බව කියන කොළඹ සමීපයේ ප්‍රධාන නගරයක පාසලක විශ්‍රාමික ගුරුවරියක (57) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඇය වෙනත් බාලිකා විද්‍යාලයක උගන්වද්දී එම මුදල් ගෙන ඇති බවත්, ඉන් පසු ස්ථානමාරු වී ඇති බවත්, මීට මාස හයකට පෙර විශ්‍රාම ගෙන ඇති බවත් පොලිසිය පවසයි.
පිළියන්දල පදිංචිකාරියක වන ඇය දැන් රත්මලානේ සිටිතියි ද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන කලට පවු මිහිරිය මී සේ... විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ.... හදින මෙපවූ දුරලන උපදෙසේ...නුදුන මැනවි තුන් දොර අවකාසේ...(නදී)
සැක පිටනේ හිරබාරයට අරන් තියෙන්නේ. ඒ හින්ද ඒ තරම්ම විඳින්න වෙන එකක් නැහැ. අනික ඉදිරියට විදුහල් පති වරු වැඩ වර්ජනය කෙරුවහම මේ අයව තමයි හදිසි අවස්ථාවේ සේවයට කැඳවන්න වෙන්නේ.(නදී)
අප්පච්චියෝ. කරගෙන තියෙන වින්නැහියක්. ලස්ස හතක් කියන්නේ අද රටේ තත්ත්වේ හැටියට මහා කජ්ජක්ද අප්පා.! ගුරුහොරු කියන කොට්ටාසයට මෙයත් වැටෙනවා නේ. එක අතකින් පවු කියලත් හිතෙනවා. (අ)
මේවා කවදාවත් අපේ රටේ නැවතීමක් වෙන්නේ නැත. (අ) .
ඔය එක්කෙනෙක් නෙවෙයි, කොලඹ පාසල්වල ගොඩක් කට්ටිය ඔය පාසැල් සිසු ජාවාරම කරනවා.(නදී)
" සැකපිට අත් අඩංගුවට ගැනීම" යනු උසාවියකින් වරදකරු වනතුරු යම් පුද්ගලයෙකු " සැක" තත්වයේ තබා ගැනීම නීතිමය ව්‍යවහාරයයි. (නදී)