කල් ඉකුත්වූ ඖෂධවල නිශ්පාදිත දින හා කල් ඉකුත් වන දින රසායනික ද්‍රව්‍ය යොදා ගෙන මකා දමා අලෙවි කිරීමට ගිය බෙහෙත්හල් හිමියකුට පනස් දහසක දඩ ගැසූ පුත්තලම මහේස්ත්‍රාත් භාරති විජේරත්න මෙනවිය වසර තුනක සිරදඩුවම් ද නියෝග කළාය.
එම සිර දඩුවම පස් වසරකට අත්හිටැවිණි.
පුත්තලමේ කඩායාකුලමේ ඖෂධහලක් පවත්වා ගෙන ගිය මොහොමඩ් අබ්දුල් ඉබ්‍රාහිම්ට මෙම දඩය හා සිරදඩුවම නියම විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ රෝගීන්ට ගිනි ගෙඩි දෙනවට හොඳ වැඩේ. (ස)
අනේ අපි මේ වගේ කල් ඉකුත් වූ බෙහෙත් කප්පරක් නම් බීලා ඇති. මොකක්දෝ වාසනාවකට තවම ජීවතුන් අතර ඉන්නවා. (නදී)
තව ටිකෙන් මෙයා අපෙත් කල් ඉකුත් කරනවා (නි)
බාල වැඩක් කොතනද, එතන අනිවාර්යයෙන් ඉන්න පිරිසක් ඇත (නි)
එම විනිසුරුවරිය,කරපු වැඩේ හරිය ට හරි.ස්තුති වන්ත වෙමු.නමුත් තව මදි දඩ මුදල,ඉතාම ඉහල විය යුතුයි.බේත් එක්ක සෙල්ලම් කරනවා කියන්නේ,ජිවිත එක්ක සෙල්ලම් කරන්නේ.මේ විදිහට තව දෙතුන් දෙනෙකුට කලාම,එහෙම අහු උනොත්,යේ වැරදි කරන නැහැ.මොකද අපේ කිසි කෙනෙක් තමන් ට පාඩු වෙද්දී සිල් ගත්ත වගේ වෙනවා. (ස)
හොදම දඩුවම තමයි ලැබිලා තියෙන්නේ (නි)
හොඳම විනිශ්චයක්. අපි එය අගය කල යුතුයි. ජාතිය වෙනුවෙන් එතුමියට ප්‍රශංසා කල යුතුයි. (ස)