IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ප්‍රතිපත්තිමය තීරණවලට පක්ෂ භේදයක් එපා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

ශ්‍රී ලංකා මහ බැංකුවේ යහපත් ප්‍රතිපත්තිමය තීරණයන්ට පක්ෂ භේදයකින් තොරව සහය ලබා දෙන්නැයි දේශපාලන අධිකාරියෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී අද පැවසීය.

රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව විමසීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු එහි ප්‍රධානීන්ද මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට  කැඳවනු ලැබ සිටියහ.

මහ බැංකු අධිපතිවරයා ඉහත ඉල්ලීම කළේ එම රැස්වීමේදීය.

සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද පෙරවරුවේ රැස්විය.

මේ අතර අර්බුදය විසඳමින් මෙරට ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමට ගතයුතු ප්‍රතිපත්තිමය තීරණ සහා අදාළ ඉදිරි ගමන් මග පිළිබද පූර්ණ වාර්තාවක් වහාම ලබාදෙන ලෙස කාරක සභාව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාට දැනුම් දුන්නේය

රුපියල් ට්‍රිලියනයක් දක්වා ණය සීමාව වැඩි කිරීම සඳහා වන යෝජනාවටද කාරක සභාවේ අනුමතිය මෙහිදී ලැබිණ.

වත්මන් අසීරු ආර්ථික තත්වය තුළ පවතින සැබෑ යථාර්ථය නොසගවා ජනතාවට පවසා දීර්ඝකාලීන ආර්ථික ස්ථාවරය සදහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ සදහා පටු දේශපාලන වාසි නොතකා පක්ෂ භේදයකින් තොරව සහයෝගය ලබා දෙන ලෙසද මහ බැංකු අධිපතිවරයා ඉල්ලීමක් කළේය.

මීට පෙර ඉන්ධන මිල සූත්‍රයක් හදුන්වා දුන් අවස්ථාවේදී ඊට එල්ලවූ විරෝධය හමුවේ එය ‍ක්‍රියාවේ යෙදවීමට නොහැකි වුවත් අද එය නැවත හඳුන්වා දීමට සිදුවී ඇති බවද වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.

වත්මන් ආර්ථික තත්වය පිළිබද පැහැදිලි කරමින් මහබැංකු අධිපතිවරයා පැවසුවේ ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘති සදහා වෙන් කළ ඇ.ඩො මිලියන 600 ක මුදලක් ඉදිරි කාලය සදහා ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සදහා යෙදවීමට එකගවී ඇති බවයි.

එසේම කෙසේ හෝ ඩොලර් සපයා දුන්නද විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ලිට්‍රෝ ගෑස් වැනි ආයතන ලබන අධික පාඩුව හේතුවෙන් ඩොලර් මිලදී ගැනීමට ඔවුන් සතුව රුපියල් නොමැතිවීමද බලවත් ගැටලුවක් බව ඔහු පෙන්වා දුන්නේය.

තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා මේවනවිට පැවැත්වෙන බවත් පළමුවටයේ තාක්ෂණික අංශයේ සාකච්ඡාවල අවසන් දිනය ඊයේ බවත් ඔහු පැවසීය.

එම සාකච්ඡා සාර්ථක කර ණය ප්‍රතිව්‍යුහත කිරීම සහ අදාළ අයි.එම්.එෆ් ගිවිසුම් ගතවීම දක්වා ගතවන ඉදිරි මාස 3-4 ක කාලය අභියෝගාත්මක බව පැවසූ හෙතෙම ඒ සදහා හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් පෙන්වා දුන්නේය.

 



අදහස් (11)

ප්‍රතිපත්තිමය තීරණවලට පක්ෂ භේදයක් එපා

darma Tuesday, 24 May 2022 06:56 PM

සම්පූර්ණ ඇත්ත සර්. අපේ රටේ තුප්පහි කාලකන්නි සෙට් එකක් ඉන්නවා රටට හොඳටෝම කෙලවෙනකම්. උන්ඩියල් කරන්න කිව්වෙත් ඒ අය. ඔවුන්ට බලේ ගන්න බැහැ... රට දෙයියනේ කියලා චුට්ටක් ඔලුව ඉස්සුවොත්... තාම ඔබතුමාට ගහන්න පටන් ගත්තේ නැහැ සර්...!

:       0       3

Mohan Tuesday, 24 May 2022 07:03 PM

ඔබ රෙගුලාසි මගින් ඩොලරයේ අගය කෘතිමව කෙටි කාලයක් පහළ අගයක තියාගන්න පුළුවන් වේවි. නමුත් සංචිතවල වැඩිවීමක් වෙන්නේ නෑ. ඉන්ධන වගේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල කිසිම පාලනයක් නැතුව ඉහළ දානවා. තවත් රුපියල් අච්චු ගහන්න සැරසෙනවා. මෙහිදී බුද්ධිමත් විදේශගත ශ්‍රමිකයන් ඩොලර් එවන එක සිදු කරන්නේ නෑ. මොකද ඩොලරයට නියමිත රුපියල් වටිනාකමක් ලැබෙන්නේ නෑ. අද සත්‍ය උද්ධමන අනුපාතිකය සීයට එකසිය තිස් දෙකක් විතරවෙනවා. ඩොලර් ඉල්ලුම හා සැපයුම මත තීරණය වන්නේ ඉඩහැරිය යුතුයි. නැතිනම් ආයිත් රුපියල් විශාල අගයකින් එකවර කඩන් වැටේවි. එම අවස්ථාවේදී දැන් ඉන්න මහ බැංකු අධිපතිතුමා ඕස්ට්‍රේලියාවට යයි.

:       1       0

Sujeeva Tuesday, 24 May 2022 07:46 PM

නන්දසේන, ඇයි ඔබට රුසියාවෙන් අඩු අනුපාතයකට තෙල් ගෙන්නන්න ශක්තියක් නැත්තේ?

:       0       0

BamunuarachchiFriday, 27 May 2022 12:40 PM

ගොන් පාට් දමන්නේ නැතුව කාලීන ප්‍රවෘත්ති කියවන්න. තෙල් ගෙවන්නේ නන්දසේන නොවෙයි... ඔහේ මේ කඩේ අත්හැරලා අනිත් කඩෙන් පාන්ගන්නවා වගේ, ඇමැතියාට ආව ගමන් රටවල් සමග තිබෙන ගිවිසුම් කඩලා තවරටකින් තෙල් හෝ වෙන බඩුගන්න බැහැ. ඒවාට ක්‍රමවේද තිබෙනවා. දැන් ඒ ගැන ක්‍රියාකරමින් පවතිනවා...!

:       0       0

jagath liyanage Tuesday, 24 May 2022 08:54 PM

ඔබතුමා ඕවා වගේ කතා කියන්නේ දේශපාලකයින්ගේ හැටි හරියට දන්නේ නැතිව වෙන්න ඇති. ඔය ප්‍රතිපත්ති කියන එකේ ලොකු ගැටළු තියෙනවා. ඔබතුමා දේශපාලනයෙන් බැහැර විය යුතුයි.

:       0       1

yas Wednesday, 25 May 2022 08:41 AM

කරුණාකරලා මේ මනුස්සයාට සහාය දෙන්න. මොහු වැඩ්ඩෙක් සහ අපගේ අවසාන තුරුම්පුව...

:       0       58

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 25 May 2022 10:52 AM

සත්‍ය වශයෙන්ම, වර්තමාන මහ බැංකු අධිපතිතුමා මේ ගන්නා උත්සාහයේ නිසි ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය එතුමාගේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට සහාය ලැබුණොත් තමයි. ඒ නිසා මේ දුක්බර අවස්ථාවේදී, සියලුම දේශපාලනඥයින් තම දේශපාලන පක්ෂවල පැවැත්ම හෝ රජය වෙනුවෙන් කටයුතු නොකොට රට ගැන, රටේ ජනතාව ගැන සිතා කටයුතු කිරීම වැදගත් වේ...

:       1       51

fairoosWednesday, 25 May 2022 12:12 PM

එතකොට 2/3 බලය තිබුණු ආණ්ඩුව කොහොමද ගෙදර ගියේ? මේ ඉන්න 225 ම යනකන් රටට කිසිම සෙතක් නෑ..

:       21       3

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 25 May 2022 01:54 PM

අපිත් කැමැතියි 225ම ගොස් අලුත් පාලනයක් එනවට. ඒත්, මේ රටේ මිනිසුන් පොහොට්ටුව බලයට ගෙනාවේ.. කන්න නැති වුණත් කමක් නෑ, ඉන්න රටක් තියෙනවා නම් කියලා. ඒ දේට වගකියන්න ඕනෑ අය තමයි අද මේ 225 කතාව වැඩිපුර කියන්නේ. කටට එනවාට එහෙම කිව්වාට, ඒ මිනිසුන් විසින්ම පත්කළ අයට වසර 5කට බලය ලබා දීලයි තියෙන්නේ. දැන් ඒ අය යන්නේ නැතිනම්, මොනවද කරන්නේ? පොලිසිය හා හමුදාව නීතියෙන් බැඳී ඉන්නේ මහජන මතය අනුව මහජන කැමැත්තෙන් පත්වූ රජය ආරක්ෂා කරන්නටයි. වරද කළේ මේ රටේ ජනතාව විසින්මයි. එහෙව් එකේ රට ගිලෙනකන් බලා සිටීමට පුළුවන්ද? රජවාසලේ අය රණ්ඩුවෙවී ඉන්නවා. කිසිම පියවරක් රටගැන හිතා ගන්නේ නැහැ. දේශපාලනඥයින්ට මොනවා වුණත්, අප ඇදවැටෙන බිහිසුණු තත්ත්වය ගැන සිහිබුද්ධියෙන් විමසාබලා කටයුතු කිරීම වැදගත්...!

:       2       30

de silva Wednesday, 25 May 2022 03:58 PM

ඔබතුමා නිර්දේශ කරන තීරණ ක්‍රියාත්මක කර්න ආණ්ඩුවට සහ ජනාධිපතිට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබෙනවා. ඔබතුමා සහ බොහෝ දෙනෙකු පසුගිය මස කිහිපය තුළ මතුරන මන්තරය වන පාර්ලිමේන්තුවේ සියලු දෙනාම සියලු දෙනාම එකතු වෙන්න ඕනෙ කියන එකේ තේරුම රටේ මිනිස්සු බොහෝ දෙනෙකුට නොතේරේ. පාර්ලිමේන්තුවේ සියලු දෙනාම එකතුවෙලා නැවත හොරකම් කළොත්, ඒවා ගැන කතාකරන විපක්ෂයක් නොමැති වෙනවනේ...!

:       0       6

sharm warn Thursday, 26 May 2022 10:14 AM

වීරසිංහ මහත්මයා, මේ රටේ මහජන මුදල් හොරකම් කළා අද ඉන්න පාලකයින් දෙන්නම... අනේ කරුණාකරලා ඒ මුදල් ආපහු ගන්න එකටත් උදව් කරන්න. අපිට ඩොලර් බිලියන 30ක් දැන් දීලා බලන් ඉන්න පුළුවන්කමක් නැහැ. අඩුම ගානේ බෙහෙත් සහ වෛද්‍ය උපකරණ ටිකවත් ගෙන්වා ගන්න ඕනෑ. මේ රටේ කිසිම ප්‍රතිපත්තියක් නැහැ කියලා ඔබට දැන්වත් ඇහිලා ඇති... ඒක තමයි මේ රට වැටෙන්න පළමු හේතුව...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සිසුන්ගේ දිවා ආහාරය ගැන රජයෙන් ප්‍රතිපත්ති තීන්දුවක්
2025 අප්‍රේල් මස 24 24 0

පාසල් සිසුන්ට ආහාර වේලක් ලබාදීමේ ලෝක ආහාර වැඩසටහනෙ මේ වන විටත් ක්‍රියාත්මක වැඩ පිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇ


තැපැල් ජන්ද සළකුණු කිරීම අද ඇරැඹේ
2025 අප්‍රේල් මස 24 50 0

පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (24) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


සේවක අරමුදලේ කෝටි 2179කට වෙච්ච දේ
2025 අප්‍රේල් මස 24 443 0

සේවක අර්ථ සාධක අරමුදල සමාගම් පහළවක කර තිබූ රුපියල් කෝටි 2179ක ආයෝජනයන්ගෙන් ප්‍රතිලාභ ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්ෂික වාර්තාවේ දැක්වේ.


දළදා වන්දනාවට ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය අද සිට නතර වෙයි
2025 අප්‍රේල් මස 24 542 0

සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන් සදහා කොළඹ කොටුව හා මහනුවර අතර ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය සේවා අද (24) සිට නැවත දැනුම් දෙන තුරු නතර කිරීමට දුම්රි


වනසන්න තිබූ විස්කි තේ කහට වෙලා
2025 අප්‍රේල් මස 24 1279 0

නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඒවායේ තිබූ අරක්කු තේ කහට බවට පත්වූ සිද්ධියක


අදත් තැනින් තැනට වැස්ස
2025 අප්‍රේල් මස 24 64 0

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 682 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 338 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 486 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site