ඇමෙරිකා මධ්‍යවාර මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බලය අහිමිවුණු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උපහාසයට ලක් කරමින්, ඉන්දියාවේ ඉරාන තානාපති කාර්යාලය ප්‍රසිද්ධියට පත් කළ ඒ.අයි. වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වී ඇත.

වීඩියෝ​වේ දැක්වෙන්නේ,  ධවල මන්දිරයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් මැතිවරණය පැරදී මැසිවිලි නගන ඩොනල්ඩ් ට්‍රම්ප් ඔසවාගෙන එළියට ගෙනැවිත්, ‘අන්තරාකාර අපද්‍රව්‍ය’ යනුවෙන් නම් කළ කුණු බක්කියකට විසි කර දමන ආකාරයයි.