පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ මාකස් ශාලාව පිටුපස කැලෑ රොදක ගසක එල්ලෙමින් තිබෙන සිරුර වී කේ නිෂාන්ත (23) ශිෂ්‍යයාගේ බව පොලිසිය කියයි.
සිරුර දෙසතියක් පමණ පරණ බවත්, මේ ශිෂ්‍යයා නවකවද සිද්ධියක දී සාක්කි දී ඇති බවත් පොලිසිය පවසයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ මාකස් ශාලාව පිටුපස කැලෑ රොදක ගසක එල්ලෙමින් තිබෙන සිරුර වී කේ නිෂාන්ත (23) ශිෂ්‍යයාගේ බව පොලිසිය කියයි.
සිරුර දෙසතියක් පමණ පරණ බවත්, මේ ශිෂ්‍යයා නවකවද සිද්ධියක දී සාක්කි දී ඇති බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන දේ වෙලා මැරුණත් අන්තරේ තමයි පලි. හරි පරීක්ෂණයක් නොකර අන්තරේ පිට වරද පැටවීම වැරදියි.(නදී)
මොකක් හෝ සැගවෙචිච රහසක් මෙ මරණය තුල තියනවා. (නදී)
මොකද්ද ඒ ළමයා මරන්න හේතුව (දී)
දැන් මෙතන හැමෝම අන්තරේට බනිනවා, මොකද්ද මෙතන අන්තෙරේ තියෙන සම්බන්දය, සමහර අය දඩුවම් දීල ඉවරයි අන්තරේට. ගිය මාසේ අපේ ගමේම කෙනෙක් මියගිය නායකත්ව පුහුණුවෙන් කෝ ඒවාට කතා, ඒවාට දඩුවම් නැහැ. කල දුටු කල වල ඉහ ගන්න හදන්න එපා (දී)
අන්තරේ නැතිනම් ලංකාවේ අධ්‍යාපනය විනාශවෙලා වැරදි තියෙනවා තමයි මම නැහැ කියන්නේ නැහැ, නමුත් හරි වැරැද්ද දන්නේ නැතුව අන්තරේට බනින එක වැරදියි (දී)
මේ නවක වදය නිසා ගොඩක් සිසු සිසුවිඅන් අසරණ වෙනවා. මේ දේවල් වලටද අපේ දරුවන්ව විශ්ව විද්‍යාල වලට යවන්නේ. අසරණ දරුවෝ. රජය මේ දේවල් වලට දැඩි නීති පැවරිය යුතුයි. (දී)
සමහරවිට මෙය නොකරපු වැරැද්දකට වරද කරුවන් වූ නිසා පලිගැනීමක්ද විය හැක.. (දී)
නවක වාදය දෙන සිසුන් ගේ පන්ති තහනම වසර 30 කාලයක් කලොත් මේ ප්‍රශ්නය ටිකක් හරි අවම වේවි.(දී)
මේ සිදුවීම බොහෝදුරට සියදිවි නසාගැනීමක් වෙන්න පුළුවන්..අන්තරේ සම්බන්දයක් නැති වෙන්න පුළුවන්..නමුත් මේ වගේ දෙයක් දැකපු ගමන් අපිට අන්තරේ මතක් වෙන්නේ මොකද කියන එකනම් අපේ සත්‍යට ,ශාන්දිෂන්ට අවබෝද කරවල දෙන්න වෙයි දෙන්නා තාම සුප්පුව කටින් නොවැටුණු කුක්කු බබාලනේ .. (දී)
පේරාදෙණියේ සිසුවෙක් විදිහට ලියන්නේ: නවක වධ නඩුවක ප්‍රධාන සාක්කි කාරයෙක් එල්ලිලා මැරිලා ඉන්නකොට විත්ති කාර පාර්ශවයට ඇගිල්ල දිගු කරන එක අසාමාන්‍ය තත්වයක් නෙවෙයි. එල්ලිලා මරුන හේතුව දන්නේ මැරුන මනුස්සයම තමයි. මිනී මැරුමක්ද නැද්ද කියන එක තව ටික දවසකින් අපිට දැනගන්න ලැබේවි. එතකම් මේකට නිසි පිළිතුරක් දෙන්න මට බැහැ. නවක වධය තහනම් දෙයක් උනත් අන්තරේ අනුමැතිය යටතේ ක්‍රියාත්මක වෙනවා කියන එක රටේ කාටවත් රහසක් නෙවෙයිනේ? පේරාදෙණිය කියන්නේ රැග් එකේ උපරිම තැනක තියෙන සරසවියක්. මීට කලකට ඉස්සර යුක්ති කියල ළමයෙක් එක්ක උන සිදුවීම් දාමය මතක ඇති කියවන්නොන්ට, ඒ වගේම තවත් අවස්තාවක් තමයි මේක. (නධී)
මාත් පේරාදෙනියෙම තමා. මට මතකයි ඔය අන්තරේ අය අපේ ජීවිත අවුරුදු ගානකින් පස්සට දැම්මා.(නදී)
අනේ සත්ත්‍යා, 88/89 දී ජේ.වී.පී එක මිනි මැරුවා වගේම යූ.ඇන්.පි ආණ්ඩුව මිනි මැරෙව්වා තමයි ජේ.වී.පී එක පිටින් යන්න. ඒත් දයා පතිරනව මැරුවේ කව්ද කියන එක මේ රටට කවදාවත් රහසක් උනේ නැහැ.(නධී)
විශ්ව විද්‍යාල පද්ධතිය ගැන දැනගෙන නම් පන්ති තහනම් ගැන කතා කරන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. හෘද ශාක්ෂියට එකග නැති දේවල් කලාම මේ වගේ දේවලුත් වෙනවා කියලයි මට නම් හිතෙන්නේ.(නදී)
වැලිවේරියේ මළමිනී උතුරු මුදෙන් මතු කරපු සැමදා අසත්‍යම දෙසාබාන සත්‍යා නව නායක තුමා ප්‍රමුක ජේ වී පී එක ඉතිහාසගත කළු පැල්ලමකින් නිදොස් කරලා දයා පතිරණ ඝාතනයත් ප්‍රේමදාස මහත්තයාගේ බිලටම කඩල දැම්ම ඔන්න. (නදී)
මෙම මරණය අබිරහසක් උනත් එය ඉක්මනටම විසදෙයි කියල හිතෙනවා. සියදිවි නසා ගැනීමක් නෙවෙයි කියල හිතෙනවා. (දී)
නීතිය විසදයි.(නදී)
ලංකාවෙන් නවක වාදය තුරන් කරන්න ඕනේ (දී)
මේක සියදිවි නසාගැනීමක් කියල දැන් තහවුරු වෙලා තියෙනවා. මහනුවර මහේස්ත්‍රාත් වරයා විසින් මරණ පරීක්ෂණය කරන්න පේරාදෙණිය සරසවියේම වෛද්‍ය පීඨයට සිරුර බාර දීල තියෙනවා. කොහොම නමුත් මට තියෙන ප්‍රශ්නේ මේකයි: විශ්ව විද්‍යාලයෙන් අයින් වුන කියන ශිෂයෙක් කොහොමද නැවතත් මාක්ස් හෝල් එක වෙත අවේ? 26 වෙනිදා ඉඳන් ඒ අසල ඉඳල තියෙනවා කියල මන් තව තැනක දැක්කා.(නදී)
නිකන් ඉගෙන්නුවා මදිවට මිනි මරාගන්නවා. මේ අයට කරන්ට තියන්නේ මාළු කපන පිහිවලින් මරණ එක (දී)
මේක සියදිවි නසාගැනීමක් නෙමෙය්..නසා ගැනීමට සැලස්වීමක්, සති අන්ත පුවත්පත්වල මේ සිදුවීම ගැන විස්තර සවිස්තරව තියෙනවා..නවක සිසුන්ගෙන් තමන්ගේ විකුර්ති කාම ආශාවන් සන්සිදවගත්ත අමන තිරිසනුන්ට උසාවියෙන් නියම කරපු දඩේ ගෙවන්න අනෙක් සිසුන්ගේ මහපොළ ආධාර එකතුකළ මේ ශිෂ්‍ය සංවිධානය ගැන තව මොන කතාද? අන්තරේට කඩේ යන කට්ටිය ඔය ඇදුම් ගලවල ඔලුවේ ඔතාගෙන මුණ වහගන්න මුණු නොපෙනෙන්න.. (දී)
මේක සියදිවි නසාගැනීමක් නෙමෙයි නසා ගැනීමට සැලස්වීමක් කේද? සති අන්ත පුවත්පත්වල මේ සිදුවීම ගැන විස්තර සවිස්තරව තියෙනවා.(නදී)
ප්‍රියන්ත ඔබට පමණයි සබැ තත්වය තේරුම් ගියේ. කොළඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සභාපති දයා පතිරණ මරපු මිනිස්සුම මිනිය හොයා ගන්නත් කලින් බිත්තිවල ලියල තිබුන අන්තරය දයා පතිරනව මරල කියල. මොනවාද මේ වෙන්න යන්නේ කියල හිතා ගන්න තරම් එළඹී සිහියක් ජනතාවට නැති තාක් කල් මේ රුදුරු චක්‍රය දිගටම කැරකේවී. (දී)
එහෙනම් ඉතින් දෙකක් නැහැ මිනිමරුවොත් ඔය අහලම ඇති නේද ? (දී)
ඇයි මේ රට සිසුන්ට මේ තරම් භයානක? (නදී)
අලුත් නායකයින්ට මෙන්න තෑගී. (දී)
අයියෝ!!! මේ දුක්ඛ දෝමනස්සයන් ගෙන් පිරුණු ඛේදවාචකයන්ගේ කෙළවරක් ඇත්තෙම නැද්ද? (දී)
මට අන්තරේ මතක් උනා. මොනිටරෙන් ඔලුවට ගහල කොල්ලෝ මරන්න පුළුවන් අන්තරේට කොල්ලෙක් මරල එල්ලන්න බැරි කමකුත් නැහැ මට හිතෙන විදියට..88/89 කලේ කට්ටිය ඔයිට වඩා රජ වැඩ කලා.(නදී)
පවු අහිංසක දරුවා (දිල්)
හරිම දුකක්. නවක වදයට තිත තියන්න බැරි ඇයි. ඒවාට විරුද්ධ වෙන්න වත් අය්තියක් නැද්ද(දිල්)
මිනි මැරුමක් විය හැකියි. අන්තරේ අය තමයි නවක වදේ දෙන්නේ. ඒ අයට විරුද්ධව සාක්කි දුන්න ළමය ගේ මරණය සැක සහිතයි. අන්තරේ ඉතිහාසය පුරාම ඔය වගේ ජරා වැඩ තිබුන. (දී)
උගත් මෝඩ මිනිස්සු හින්ද යහපත් අය විනාස වෙනවා i (දී)
මෙතන අපි නොදකින මොකාක් හෝ සගවෙච්ච දෙයක් තියෙනවා (දී)
මේ ළමයා එල්ලිලා මැරුණා නොවෙයි මරලා එල්ලුවා මම හිතන්නේ (නැතිනම් මාව රහස් පොලිසියට අරන් යයි ) (දී)
අහිංසක ළමයා (දී)
මම වගකීමෙන් කියන්නේ අන්තරෙන් දරුණු නවක වධ දෙන්නේ නැහැ. මමත් පේරාදෙණිය .අන්තරේ අය තෙල් බෙදනවා ඇරෙන්න රැග් කරන්නේ නැහැ. මම අන්තරේ කෙනෙක් නෙවි (දී)
මේක සල්ලි ප්‍රශ්නයක් හින්දා වෙච්ච සිය දිවි නසාගැනීමක් මිසක් අන්තරෙන්වත් වෙන කව්රුත් එල්ලුවා නෙවේ. ඒ හින්දා ඔය හිතේ තියෙන කුහක අදහස් නෙවේ, ඇත්ත ටිකක් හොයලා බලලා අදහස් දක්වනවා නම් වටිනවා. නැත්නම් ඒවා නිකාන්ම නිකං කමෙන්ට් විතරක්ම වෙන හින්දා. (දී)
නොදන්නා දේවල් කතා නොකරන්න අපි නොහිතන කොතරම් දේ මෑතකදී සිදුඋනාද? ඇත්ත එලි වන තුරු ඉවසන්න. විශ්ව විද්‍යාල වලට මඩ ගහන්න කරපු වැඩක් වෙන්න්න බැරිද? මිට වඩා අන්තරේ රජ කරපු කාලේ වත් ළමයි මරල නැහැ. අනික ඇයි අන්තරේ කරපු හොද වැඩ කතා නොකරන්නේ. හැම දේ ගැනම මධ්‍යස්තව සිතන්න (දී)
මෙය නිසැකවම මිනි මැරුමක් (දී)
මේ ගැන වහාම සොයා බලා වරදකරුවන් ට දඬුවම් දෙන්න ඕන. අන්තරේ ගැන කතා කරලා වැඩක් නැහැ , තමන් ඉගෙන ගන්නත් නැහැ , අනුන් ට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ , . (දී)
නියම වරද කරුවන් අල්ලා, සියලු දෙනාම බරපතල වැඩ ඇතිව ජීවිතාන්තය දක්වා හිරේ දැමිය යුතුමය , අනාගත සිසු පරපුර වෙනුවෙන්, (දී)
අන්තරේ ගැන මට අමුතුවෙන් කියන්න එපා (දී)
මේ වෙච්චි දේ ගැන කියන්න දැනුමක් නැතත් ලංකාවේ නිදහස් අද්‍යාපනය රැකෙන්න එක හේතුවක් අන්තරේ. ඒ නිසා මේ ගැන නිසි නීතිමය ක්‍රියාමාර්ග අරන් අන්තරේ රකින්න අපෙත් යුතුකමක්. (නදී)