පේරාදෙණි විශ්ව විද්‍යාල ඉංඡිනේරු සිසුවෙකු වන රනුක මදුසංඛ සිසුවා මාර්ග වල රථවාහන හැසිරවීමට හැකි ඩ්‍රෝන යානාවක් නිපදවා තිබේ.
වාහන තදබදය බහුල මාර්ග වලට ඉහළින් මෙම ඩ්‍රෝන යානාව ගුවන්ගත කර ලැබෙන දත්ත අනුව මාර්ග වල තදබදය විසදෙන අයුරින් සංඥා ක්‍රියාත්මක කළ හැකි බව ඔහු පවසයි.ඒ අනුව නිතර යාවත්කාලීන වන මාර්ග තොරතුරු අනුව නිසිලෙස රථවාහන හැසිරවීමට හැකි බව කියයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් සංවිධානය කරන නිෂ්පාදන ඉංඡිනේරු හා කාර්මික ඉංඡිනේරු සම්මේලනය පිලිබද හා ඉංඡිනේරු පීඨ සිසුන්ගේ නව නිපැයුම් පිලිබද මාධ්‍ය දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවකදී ඔහු මෙම නිපැයුම ඉදිරිපත් කළේය. එම සම්මේලනය මේ මස 22 වැනිදා සිට බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් හෝටලයේ දි පැවැත්වෙයි.
මෙහිදී ඉංඡිනේරු සිසුන්ගේ නව නිෂ්පාදන එලිදැක්වීමට නියමිත බව ඡේෂ්ඨ කතිකාචාර්‍ය සංඡය සේනානායක මහතා පැවසිය.සිසුන් විසින් නිෂ්පාදිත එළවලු කපන නව යන්ත්‍රයක්ද,මිනිසුන්ගේ දායකත්වය නොමැතිව තේ කර්මාන්තයේදි තේ දලු වල අවශ්‍ය ඡල ප්‍රමාණයන් හදුනාගැනීමේ යන්ත්‍රයක්ද,ඉවතලන ඉඟුරු බඩ වලින් දැව අඟුරු නිෂ්පාදන යන්ත්‍රයක්ද,ඇඟලුම් ශාලා වල රෙදි වල ප්‍රමිතිය නිරික්ෂණය කරන උපකරණයක්ද හදුන්වා දිමට නියමිතය.
මෙම මාධ්‍ය හමුවට නිෂ්පාදන ඉංඡිනේරු අංශයේ ඡේෂ්ඨ කතිකාචාර්‍ය සංඡය සේනානායක, නිෂ්පාදන ඉංඡිනේරු දෙපාර්තුමේන්තුවේ ඡේෂ්ඨ කතිකාචාර්‍ය සංඡීව විතාරන, නිෂ්පාදන ඉංඡිනේරු අංශයේ කතිකාචාර්‍ය දර්ශන අතාවුද, නිෂ්පාදන ඉංඡිනේරු අංශයේ ඡේෂ්ඨ කතිකාචාර්‍ය රිෂිකා ඒකනායක, නිෂ්පාදන ඉංඡිනේරු අංශයේ කතිකාචාර්‍ය එම් ධර්මවර්ධන, නිෂ්පාදන ඉංඡිනේරු අංශයේ ඡේෂ්ඨ කතිකාචාර්‍ය අසේල කුලතුංග යන මහත්ම මහත්මීන් සහභාගි වුහ.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි බොහෝ නිර්මාණ බිහිකරන්න අපේ දරුවන්ට ශක්තිය ලැබේවා! (ම)
හෙට අනිද්දා අපේ වගිකිවයුත්තන් කියාවි, අන්න පේරාදෙණියේ ශිෂ්‍යයෝ කණ්ඩායමක් නව නිපැයුම් වගයක් කරලා, අපි ඒ ගැන සතුටුවෙනවා කියලා. ඒ මදැයි. (නි)
ඇයි පිටිගල මිලානෝ, වෙන නිෂ්පාදන මොකකටද? ඔයා වගේ බුද්ධිමත් ළමයි ටිකක්ම මදිද? (නි)
මෙවැනි බොහෝ නිර්මාණ බිහිකරන්න අපේ දරුවන්ට ශක්තිය ලැබේවා! (නි)
පේරාදෙණියේ සිසුවකු වීම ගැන මට ආඩම්බරයි (නි)
රටටම ආදර්ශමත් සිසුන් (නි)
මහරගම ප්‍රදේශයෙන් ලබාදුන් තාක්ෂණික නගරයෙන් මොරටුවට හා තවමත් පටන්නොගත් ජපුර ඉංජිනේරු පීඨයට තැනක් සහ මුදල් වෙන්කළත් පේරාදෙණිය ඉංජිනේරු පීඨයට එවැනි අවස්ථාවක් දීම අතහැර තිබෙන බව ආරංචියි. (නි)
වෙනසක් කරන්න රටේ, එකට වෙලාව මේකයි. රටේ ස්ථාවරය ඔබේ අනාගතයි.දේශපාලකයිනේ! අත දෙන්න නිර්මාණකරුවන්ට (ම)
ඔන්න සහයෝගය දෙනවා අධ්‍යාපන අමත්‍යංශයේ වැය ශීර්ෂය කොටි 10900 කින් අඩු කරලා. (බ)
සියලු සිසුන්ට අපේ සුබ පැතුම් (බ)
ඇමරිකාවට ආවා නම් මීට නියම තැන ලැබේවි (නි)
අගය කරමු වටිනා දේශීය සම්පත්. විද්‍යා හා තාක්ෂණ ඇමති කෙනෙක් ඉන්නෙ නමටද? ඇයි මෙවැනි තොරතුරු ජාත්‍යන්තරයට හඳුන්වාදෙන්නෙ නැත්තේ? ලෝකයම බලාපොරොත්තු වෙනවා නව නිපැයුම් වෙළඳපොළට එනතුරු
අගය කරමු වටිනා දේශීය සම්පත් විද්‍යා හා තාක්ෂණ ඇමති කෙනෙක් ඉන්නෙ නමටද? ඇයි මෙවැනි තොරතුරු ජාත්‍යන්තරයට හඳුන්වා දෙන්නැත්තෙ?ලෝකයම බලාපොරොත්තු වෙනවා නව නිපැයුම් වෙළඳපොලට එනකල්. මොළේ මල බැඳුනු පාලකයන් ඉන්න කල් බුද්ධිමත් සිංහලයාට තවත් කොතැනද තැනක් ලොවේ. (අ)
මේකේ භාවිතාවෙන තාක්ෂණය ගැන පොඩි හැඳින්වීමක් කරනවා නම් හොඳයි. බොහෝදුරට යාන්ත්‍රික බුද්ධියක් විසින් වෙන්න ඕනෑ මේ පාලනය කරන දේ කරන්නේ. (නි)
අපේ අයගේ ඔළුවලින්, අත්වලින් රටට ගොඩක් දේවල් නිර්මාණය වෙනවා, නිර්මාණය වුණා. ඒත් ඒවට මේ රටේ පාලකයෝ ඇයි අවස්ථාවක් නොදෙන්නේ.... (නි)
ඉදිරියටම යන්න! (නි)
හොද වැඩක්. ඔය කට්ටිය මේවා අපේ වෙළෙද පොලට ගැලපෙන විදියට සකසන්න. අපිට ඕනේ අළුත් භාණ්ඩ . සුබ පැතුම්.(හේ)
සුබ පැතුම් ඔබට! (නි)
මෙතන අදහස් දාන මිනිස්සුත් රැල්ලට හොඳයි කියනවා මිසක් නිකමට හොයලා බලනවද මේවා කොහොම නිර්මාණද කියලා... (නි)
මේ වගේ අමිල මැණික් අපේ රටේ පාලකයන්ට හිස රදයක් ,සමහර වෙලාවට අනතුරක් වුණා කියල මරල ලයිට් කණුවක් ළඟ දාල තියාවිද ? කවදා පායන්ද අප පුන් ස්දානෝ , මේවගේ කීදෙනෙක් ලෝකය මවිත කරන දේවල් සොයා ගත්තද කෝ වැඩක් වුණාය. මුලින්ම රටකට නිවැරදි පාලකයන් පත් කර ගමු මේ හොර නඩය ටී වී එකට මුණ පෙන්න පෙන්නා කරන මහා ඇස් බැඳුම කවදා රටේ ජනයා තේරුම් ගනීවිද මන්ද ? (අ)
පේරාදෙණිය ඉංජිනේරුවකු වීම ගැන ආඩම්බර වෙමි (නි)
ලංකාවේ තියෙන ගැටලුව මෙවන් නිර්මාණ වාණිජකරණය නොවීම. සුද්දෙක් හැදුවා නම් දණගහලා වැඳලා බාරගන්නවා. අපේ නිර්මාණකරුවන්ට දෙයියන්ගේ පිහිටමයි (නි)
විදේශයක ප්‍රදර්ශනය කරන්න අනුග්‍රාහකයෝ ඕනෑතරම්. මෙහෙනම් කොමිස් එක හැටියට අනුග්‍රහය (නි)
මේවා මොනතරම් නිපදවා තිබුණත් ඒවායින් කවුද වැඩක් ගන්නේ රටට? (නි)
අපේ රටේ දරුවන්ගේ මෙවැනි නව නිර්මාණ බෙහෙවින්ම අගය කළයුතුමය. මා අවංකවම ආඩම්බර වෙමි. ඔබ සැමට තව තවත් දිරිය හා සැමගේ සහයෝගය ලැබේවා! (නි)
ජයවේවා! අපේ රටේ උන්නතිය සඳහා මේ දරුවන් යොදාගන්න. (නි)
මෙවැනි දක්ෂයින් ගැන පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ අවධානය යොමුවේවා! පක්ෂ පාට බේදයකින් තොරව මෙවැනි නව නිපැයුම්කරුවන්ගෙන් වැඩ ගන්නවා නම් ලංකාව ලෝකේ දියුණු රටක් කරන එක අරුමයක් නොවේ (නි)
අනේ මේ දරුවන්ගෙන් රටට සේවයක් ලබාගන්න උත්සාහ කරන්න. මේ රට කාබාසිනියා කරලා මේ රට විනාශ කරන්න දෙන්න එපා. දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාදාමය මේ රටේ විනාශයට බලපානවා. හැමෝම එකතුවෙලා අපේ රට ගොඩගන්න උත්සාහ කරමු. තමාගේ වාසිය ගැන නිතරම හිතන එක නවත්තමු (නි)
අපේ කට්ටියගේ දක්ෂතා පිටරටට ගලා නොයන විදියට, මෙම දක්ෂතා ඔප්නංවා දෙන මෙන් ඉල්ලා සිටිනවා. (නි)
මේ දවස් වල පේරාදෙණියෙන් වගේම මොරටුවෙනුත් ඇහෙන්නේ සුබවාදී කතා. නමුත් අපි මේවයින් ප්‍රයෝජනයක් කවදාවත් අරගෙන නැහැ, මම හිතන්නේ (නි)
දරුවනේ ඔයගොල්ලෝවත් මොනවාහරි හදලා පිටරට පටවන්න. නැත්නම් අර රත්තරන් අතුරන වියදමකින් හදපු පාරවල් වල විනෝද ගමන් විතරයි යන්න වෙන්නේ. (නි)
සිංහලයේ ශ්‍රේෂ්ඨ දරුවනි, දැරියනි, ඔබගේ දායකත්වයෙන් මේ රට දියුණු වේවා! ඔබගේ හැකියාව, බලපෙරේත දේශපාලකයන්ගේ පණ්ඩිතකම් වලින්, බලපෑම් වලින් තොරව මේ රටට ලැබේවා! ඔබට ජය! (නි)
ලංකාදීපයට ස්තූතියි අපිට මේවා දැනුම් දෙනවාට (නි)
ඔබගේ හැකියාවන් වලට සුදුසු තැනක් ගන්න ඕනෑ නම් ඇමෙරිකාවට එන්න. දේශපාලන බලපෑම් මෙහෙ නැහැ. (නි)
අයියෝ! අර ටීවී වල ස්ටාර්ලා වෙන්න සින්දු කියන කොල්ලෝ කෙල්ලෝනේ අද කාලේ ‘පොරවල්‘....... (නි)
මෙතන තිත්ත ඇත්ත. මේ දක්ෂතා දක්වන අය වැඩිදෙනා අධ්‍යයන කටයුතු අවසන් වූ පසු විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට හෝ වෙනත් සැළකියයුතු වැටුපක් සහිත රැකියාවල් ලංකාවේ ලබාගත නොහැකි වුවහොත් නිසැකවම විදේශ කර ඇදියනවාමයි. උදාහරණයක් ලෙස 250ක් වූ මා සමඟ එකට ඉගෙනුම ලැබූ කණ්ඩායමෙන් අද ලංකාවේ සිටින්නේ විසිපහකට අඩු පිරිසක්. රජය මේ පිළිබඳව සැළකිල්ලක් දැක්විය යුතුමයි. (නි)
සින්දු ස්ටාර්ලා පොරවල් කරන චැනල් වලට පුලුවන්නම් මේ වගේ දක්ෂ ළමයින් ගැන වැඩසටහන් කරන්න?? අපේ කුහකකම් නිසා මේ දරුවොත් කවදාහරි ඕස්ට්‍රේලියාව හරි කැනඩාව හරි දියුණු කරයි. අපි දිගටම මහින්දටයි රනිල්ටයි කඩේ යමු (නි)
ඔබ සැමට සුබ දිගු ගමනක් යාමට සුභ පැතුම්! (නි)
කැලිපෝනියා මහින්ද මහත්තයෝ, කොපමණ, දැනුම හැකියාව තිබුනත් මේ රටේ බලපෙරේත,සමහර දේශපාලකයන්ගේ අණට උඩින් ගියහොත් යන එන මං නැතිවෙන නිසා ඔබේ මානසිකත්වයෙන් බැලුවහොත් ඔබ හරි. එහෙත් මේ මේ දරුවන් දැරියන් මේ රටේ මිලකළ නොහැකි වස්තුන්. මේ දරුවන් අන්‍ය රටකට දායාද කරන්න සුදානම් වෙන්න එපා. (නි)
මෙහෙම දේවල් මොනතරම් මේ රටේ නිකන් අපතේ යනවද? (නි)