IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරුන්ගේ ශිෂ්‍යභාවය අත්හිටුවයි

(මහනුවර ෂේන් සෙනෙවිරත්න)

පේරාදෙණිය විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයාගේ සහ වත්මන් සභාපතිවරයාගේ ශිෂ්‍යභාවය අත්හිටුවීමට පියවර ගත් බව එම විශ්වවිද්‍යලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය .

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති සහ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පහර දී නිල නිවසට අලාභානි කිරීමේ සිද්ධියට මෙම සිසුන් දෙදෙනාද සම්බන්ධ බවට චෝදනා එල්ල විය .

ඒ පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාගේ ශිෂ්‍යභාවය අත්හිටුවීමට පියවර ගත් බවයි නියෝජ්‍ය  උපකුලපතිවරයා කීය.

එසේ  ශිෂ්‍යභාවය අත්හිටුවා ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විධානගේ සහ වත්මන් සභාපති චමෝද් සත්සර යන සිසුන් දෙදෙනා ගේය .

මෙම සිසුන් දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කරත් විනිසුරුවරයාගේ තීරණය වූයේ එසේ අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් අවශ්‍ය නොවන බවත් ඔවුන් දෙදෙනා සෘජුව මීට සම්බන්ධ නම් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත්ය .

මේ වන විට මෙම සිද්ධියට සම්බන්ධ සිසුන් දොළොස් දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ජනවාරි මස 04 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ . 

 



අදහස් (9)

පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරුන්ගේ ශිෂ්‍යභාවය අත්හිටුවයි

නිමේෂ් Tuesday, 27 December 2022 09:14 PM

අධිකරණ තීන්දුවක් ගන්න වත් අත්අඩංගුවට ගන්නවත් බැරි එම සිසුන් දෙදෙන මිට සම්බන්ද නැති නිසා බව ඕනෙම කෙනෙක්ට තේරෙනවා . දැන් මෙතැන වෙන්නේ අහඹු සිදුවීමක් , මෙම මහා ශිෂ්‍ය සංගමේ පිට දාල , රනිල්ට සහ පොහොට්ටුවේ හොරුන්ට ඕනේ වැඩේ කරගන්න එකයි ,

:       18       6

vernonWednesday, 28 December 2022 10:15 AM

මෙතන මේ පුවතේ කියලා තියෙන්නේ ඔය දෙන්නා අත්අඩංගුවට ගන්න අමුතුවෙන් අධිකරණ නියෝගයක් අවශ්‍ය නෑ සම්බන්ධ නම් අත්අඩංගුවට ගන්න කියන එක.

:       3       8

Hiran Tuesday, 27 December 2022 09:53 PM

මේ මිනිස්සු සමාජයට මහා පිළිලයක්.

:       6       15

Rasika Tuesday, 27 December 2022 10:13 PM

ඉතා හොඳ වැඩක්. විශ්ව විද්‍යාල සියල්ල කඩාකප්පල් කරන නරුමයො එලවලම දාන්න ඕන

:       2       15

කසුන් Wednesday, 28 December 2022 06:56 AM

සදහටම ද අහෝසි කරන්නයි තියෙන්නේ. අත්හිටුවීම කියන්නේ ආයෙත් කාලෙකට පස්සෙ කැම්පස් එන්න පුළුවන් කියන එකයි.

:       3       17

P.D goonawardene Wednesday, 28 December 2022 09:27 AM

විනය අංක එකට තිබිය යුතුය.

:       2       16

නිහාල් Wednesday, 28 December 2022 10:35 AM

විශ්ව විද්‍යාල ශිෂ්‍යායන් එලවන්න කතා කරන්නේ ගොන්නු පාර්ලිමේන්තු යවපු මිනිස්සු. අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු.

:       9       2

fairoos Wednesday, 28 December 2022 12:15 PM

දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරලා මේ දේශපාලකයන් තමන්ගේ බලය පෙන්නන්න හදන්නේ කාටද?

:       4       1

අනුරාධ Wednesday, 28 December 2022 12:39 PM

පේරා උපකුලපතිකම ළමයකුට දෙන්න කිව්වාලු... ඉතින් දුන්නාලු... ඉතින් දැං තත්වය මෙහෙමයි...

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් කැබිනට්ටුව අද රැස් වෙයි
2024 නොවැම්බර් මස 19 2 0

නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.


දෙහිවල වෙඩි තැබීමක වෙඩික්කරු මාට්ටු
2024 නොවැම්බර් මස 19 202 0

මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත


පළාත් කිහිපයකට විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 19 39 0

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සුජීව සේනසිංහට තර්ජන කළ අංකය ගැන වාර්තාවක් ඉල්ලා නියෝගයක්
2024 නොවැම්බර් මස 19 221 0

සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ


කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 4698 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 4555 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26202 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18860 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 374 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 645 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1849 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site