IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ප්‍රදීප් රට වටේ වැඩ ගොඩක

2017-01-15-ent-54

ප්‍රදීප් බෝගහවත්ත වෘත්තියෙන් සංගීත ශිල්පියෙකි. ගායනය වාදනය මෙන්ම කටහඬ පුහුණු කිරීම් සිදුකරන සංගීත ගුරුවරයෙක්.

 

කොහොමද සංගීත ක්ෂේත්‍රයට පිවිසුණේ?

2017-01-15-ent-55මගේ පාසල කොළඹ ඉසිපතන විද්‍යාලය. ඉස්කෝල කාලේ ඉඳලම මගෙ ඇඟේ සංගීතය තිබුණා. මගේ සංගීත ගුරුවරුන් දෙන්නා වුණේ ලක්ෂ්මන් විජේසේකරයි, ආනන්ද වීරසිරියි. සාමාන්‍ය පෙළ කරන කාලෙදී තමා මම රෝහණ වීරසිංහගෙ පන්තියට ගියේ. ඒ ක්ලාස් එකේ ඉගෙන ගනිද්දිම මටත් උගන්නන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සෙ දීපිකා ප්‍රියදර්ශනීගෙ ක්ලාස්වලත් කීර්ති පැස්කුවල්ගෙ ක්ලාස්වලත් මම ඉගැන්නුවා.

 

මොනවාද වාදනය කරපු සංගීත භාණ්ඩ?

මුලින්ම බටනලාව. ඊට පස්සෙ කීබෝඩ්, ගිටාර්. දැනටත් මම කීබෝඩ්, ගිටාර් වාදනය කරනවා. වොයිස් ට්‍රේනින් කරනවා. ගෘප් ගොඩක මම වැඩ කළා. රෑපවාහිනී ලයිව් ප්‍රෝග්‍රෑම් ගනණාවක මම සංගීත වැඩසටහන් අධ්‍යක්ෂණය කළා.

 

ඔබ කරපු ගීත ගැන කිව්වොත්?

මිල්ටන් මල්ලවආරච්චි, රනිල් මල්ලවආරච්චි එක්ක කරපු එකම සින්දුව මේ ලොව ගැඹුරැයි ගීතයෙ මියුසික් කළේ මම. ග්‍රැන්විල් රුද්‍රිගුගෙ සීඩී එකේ ගීත මම කළේ. මාස්ටර් සරත් දසනායක, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ වගේ ප්‍රවීණ ගායකයෝ හැමකෙනෙක් එක්කම වගේ මම වැඩ කළා. දැන් මම මේ ෆීල්ඩ් එකට ඇවිත් අවුරැදු 25ක් විතර වෙනවා. සෙනිත් කියන ගෘප් එක හැදුවෙත් මම. මම වැඩිපුරම තැන දෙන්නෙ ඉගැන්වීම් කටයුත්තට. මම ක්ලාස් එකක් කරනවා. ගායනය වාදනය වොයිස් ට්‍රේනින් ඔක්කොම උගන්නවා. ක්ලාස් එකේ නම ප්‍රෙෂණ් ඩෝ. මට ඕනි මම දන්න දේ හරියට දරැවන්ට උගන්නන්න.

 

ඉගැන්වීමට අමතරව ඔබ මොනවද කරන්නෙ?

මම මියුසික් තෙරපි කියලා ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගත්තා. ඩොක්ටර්ස්ලා, ලෝයර්ස්ලා වගේ ඉහළ පංතිවල අයත් ඒකට සහභාගි වෙනවා. සංගීතය කියලා කියන්නෙ මනස රිලැක්ස් කරන දෙයක්නෙ. ඉතින් මම ඒ දේ කරනවා.

 

ඉස්සරහට මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නෙ?

මගේ ක්ලාස් එකේ ළමයින්ගෙ කොන්සට් එක කරන්න ලෑස්ති වෙනවා මේ දවස්වල. මම හැම අවුරැද්දකම ප්‍රෙෂණ්ඩෝ නයිට් කියලා කොන්සට් එකක් කරනවා. ඒ අවුරැද්දෙ ඉගෙනගත්ත ළමයින්ව පෆෝම් කරන එක තමා ඒකෙ අරමුණ. සමාජයට යහපත් දෙයක් ඉදිරිපත් කරන්නෙක් බිහිකරන එක තමා අයිඩියා එක. මම සංගීතයට හරිම ආදරෙයි. දැන් ඉන්න පරම්පරාවට යහපත් දෙයක් දෙන එක තමා මගෙ තීම් එක.

 

 



අදහස් (0)

ප්‍රදීප් රට වටේ වැඩ ගොඩක

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 831 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 126 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 307 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 455 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 2146 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 4179 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 355 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1381 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site