අනුරාධපුර අරිප්පු පාර ඇතුලු මාර්ග පනස් තුනක් 2012 දී අලුත් වැඩියා කිරීමේදී රුපියල් කෝටී 150 ක් පමණ අක්‍රමිකතාවක් සිදුව ඇති බව පෙනී යයි උතුරුමැද පළාත් මාර්ග සංවර්ධන අධීකාරියේ සමාන්‍යාධිකාරී එච් ඩබ්ලිව් එස් බණ්ඩාර මහතා උතුරු මැද පළාත් මහ ඇමැති එස් එම් රංජිත් මහතාට වාර්තා කරයි.
මෙම මාර්ග පනස් තුන යටතේ කිලෝ මීටර් එකසිය පනස් තුනකි.2012 ඔයා මඩුවේ දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ කිලෝ මීටර් තුන හමාරකට ආසන්න පිවිසුම් මග කාපට් කිරීමට රුපියල් කෝටි දහයක් පමණ වැය කැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම කෙනෙකුට දඩුවම් නොලැබෙනු ඇතිද (නි)
හොරකම් ගැන හෙව්වොත් නම් ලංකාවේ කිසිම දෙයක් කරන්න බැරිවෙයි (නි)
හොදට හොයලා බලලා නීතිය ක්‍රියාත්මක කළොත් අපි රටවල් ඉදිරියේ සවුත්තු වෙන්නෙ නැතිවෙයි (නි)
මෙවැනි වංචාකරුවන්ව සදාකාලිකව පාතාල හිරගෙයක තැබිය යුතුය. රටේ සංවර්ධනය හරියකට කරන්නේ කොහොමද? (නි)
මෙහෙම වැඩ කරන අයට දැඩි දඬුවම් දීමෙන්ම මේ රටින් තුරන් කළ යුතුයි. (නි)
අපිට තමයි ඔය ණය ගෙවන්න වෙන්නේ. අනේ අපි උපන් රටකට ගිය කල! (නි)
අපේ රීරි මාංශ කන තොපට වක්කරන්න ඕනෑ ලාවා (නි)
සිවිල් ඉන්ජිනේරු කර්මාන්තය කියන්නේ වංක වුණොත් හොඳට හොද්ද බොරකර ගත හැකි කර්මාන්තයක් තමා. අද කටුබැද්ද විශ්ව විද්‍යාලය එදා ජාතික උසස් කාර්මික විද්‍යාතනයව තිබියදී එදා සිටි ගුරු දෙවිවරු මේ බව අපට පැහැදිලි කළා. (නි)
අනේ මේ මහත්තයව දෙයියෝ ආරක්ෂා කරන්න ඕනා සුදු වැන් වලින්. ජොබ් එකනම් කරන්න දෙන්නේ නෑ කොමිස් කාරයෝ ටික. (නදී)
වැඩිය හිතන්න එපා ඒ ගැන (දී)
රටේ පාරවල් ඔක්කොමහදන්න ඕනේ මම කියන්නේ
ඕවට දඬුවම් නොලැබෙන බව ස්ථිරයි. එනිසා අපට සැනසීමක්. තව තවත් මේ වගේ කටයුතු කිරීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!! (නි)
ඉස්සර අපි හිටියේ ඈත පිටිසර ගමක. මිනිස්සු ආවේ ගියේ පයින්. පළාතටම තිබුනේ එක බස් එකයි.ගමේ ලොක්කෝ වැව්ලේකම් මහත්තය, ආරචිල,ඉස්කෝලේ මහත්තය ,දොස්තර මහත්තය.වැහි කාලෙට කඳු කඩා වැටුනම සති ගණන් පාර වැහිලා. මේවා බලන්න පි ඩබ්ලිව් ඕවර්සිඅර් මහත්තය එනවා. ඒයා යාල්පානම් මහත්තයෙක්.කාරෙකෙන් ඇවිල්ල ගමේ ලොක්කෝ හම්බ වෙලා රට පුරා විදුලි පුවත් යවනවා. ඒවාට වියදම් එමහත්තය දෙනවලු. මොකද කොළඹ ලොකුකන්තොරුවෙන් තම සල්ලි පාස් වෙන්නේ. කතාව කෙටි කොරන්න මම මේ මහත්තය කියු මතක තියෙන දේ ලියන්නම්. සිලිප් එකක් ගියොත් සොලොප් කොරන්න ඕනේ. ගමේ අයට කීයක් හරි දීල බෝතලයක් දෙකක් දීල සිලිප් එක සොලොප් කොරන්න පුළුවන්.ඒ උනාට කොලබ මහත්තයට කාසි නැතුව බෑ. එයාලව සේප් කොරන්න ඕනේ...ඉතින් සිලිප් යන කාලෙට විතරනේ සොලොප් කොරන්න පුළුවන්. මගේ ළමයි යාල්පානම් තම ඉන්නේ .ඒවත් සපෙකොර ගන්න ඕනේ. හැමදාම වහින්න ඕනේ කඩවලේ. සාමි..සිලිප් එකක් ගියොත් සොලොප් කොරමු... හැමදාම සල්ලි ගියේ උතුරට එදත්...අදත් වෙනක් නෑ. පාරක් හදමු.දෙපාරක් කමු. දෙපාරක් හදමු අටපරක්කමු. මේක තමා සංවර්දනය කියන්නේ...දුප්පතාට පොල් තෙල්...පෝසතාට තැඹිලි තෙල්(අ)... .
සාරි, සරොම්, චීත්ත, ජංගම දුරකතන තොග ගනන් බෙදපුවාම ඡන්දෙ දිනන්න. ඉතින් ඕවා නොකර කොහොමද? (නදී)
වැඩ පටන් අරගෙන වගෙයි (නි)