IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ප්‍රබල රාජපක්ෂ චරිතයක් දේශපාලනයට සමු දෙයි?

(අජන්ත කුමාර අගලකඩ)

රාජපක්ෂ පවුලේ තවත් මන්ත්‍රීවරයකු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු ඉදිරි සති කිහිපය තුළ මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව ,දේශපාලනයෙන් ද විශ්‍රාම යාමට බොහෝදුරට ඉඩ ඇති බව එම ආරංචි මාර්ග වලින් පැවසේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ද ඉකුත් බ්‍රහස්පතින්දා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.

මන්ත්‍රධුරයෙන් ඉල්ලා අස්වුවද දේශපාලන කටයුතුවල දිගටම නිරතවන බව ඔහු ප්‍රකාශ කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හැරුණුකොට කැබිනට් මණ්ඩලයේ ද රාජපක්ෂවරුන් කිසිවකුත් නොමැති අතර, ඔවුන්ට ඇමතිධුර ලබා නොදීමට ද ජනාධිපතිවරයා තීරණය කර ඇත

රාජපක්ෂ පවුලේ චමල් රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ඇමති නාමල් රාජපක්ෂ සහ ,හිටපු රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරු මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් කටයුතු කරති.

 



අදහස් (30)

ප්‍රබල රාජපක්ෂ චරිතයක් දේශපාලනයට සමු දෙයි?

subo Saturday, 11 June 2022 09:40 AM

පුතා නැනෝ පොහොර හා චීනයේ පොහොර නැවෙන් හොයා ගත්තු තාත්ත නියම ගේම් දුන්නා. හම්බන්තොට ලුනූ ලෙවායෙන්, දැන් දන්නවා ඉස්සරහට මාටියා ගහන්න බැරි බව... ඒක නිසා හම්බ කරගත්තු එක රැකගෙන ආතල් එකේ පිටරටකට පදිංචියට යයි.

:       0       12

අමල් Saturday, 11 June 2022 10:05 AM

ඒ ආරංචි මාර්ග වලට අනුව ඔහු චමල් රාජපක්ෂ මහතා විය හැකියි.

:       2       6

ravin Saturday, 11 June 2022 10:24 AM

ඔය පෝලිමම ගියානම් නේද හොඳ..?

:       12       81

කොරලගෙSaturday, 11 June 2022 04:06 PM

අතුගෑවිලාම යන්න මේ රටට කරපු විනාශයට... මොනතරම් සුන්දර රටක්ද අද ලෝකයෙන් හිඟාකන තැනට පත්කළේ... මේකට සම්පූර්ණයෙන්ම වගකිවයුතු හොර චීවරධාරීන් සෙට් එකක්ම ඉන්නවා. දැන් හැංගිලා ඉන්නේ... අන්තරේ කොල්ලන් ටික නැත්නම් රට කමිමුතුයි...

:       0       25

sachith Saturday, 11 June 2022 10:37 AM

කාලා, බීලා ඉවර වුණු තැනක සතෙක්වත් ඉතින් ඉන්නේ නැහැ..

:       8       87

siril Saturday, 11 June 2022 10:46 AM

වගකීම අරන් ඉවත් වෙන එක හොඳයි...

:       8       56

Perera Saturday, 11 June 2022 10:51 AM

පවුල පිටින්ම යන්න...

:       9       83

AB Saturday, 11 June 2022 10:54 AM

සාම්ප්‍රදායික දේශපාලනයෙන්, පවුල් දේශපාලනයෙන් ඉවත්ව ශ්‍රී ලංකාව වෙනසක් මාවතකට, අලුත් යුගයකට, අලුත් පරපුරකට රටේ අනාගතය බාරගැනීමට අවස්ථාව සලසාදීම ඔබලාගේ යුතුකමක් මෙන්ම වගකිමකි...

:       7       72

දාස Saturday, 11 June 2022 10:55 AM

දැන් හම්බ කරගෙන ඉවරයිනේ...

:       12       83

SujeewaSaturday, 11 June 2022 04:46 PM

තමන්ගේ මිනුම් දණ්ඩ අනුව මනින්න එපා...

:       59       11

Siri Saturday, 11 June 2022 12:52 PM

ලොකු අයියාට දේශපාලනය එපාවෙලා දැන් බාෙහෝම කල්...

:       7       64

Sunil Saturday, 11 June 2022 01:08 PM

සාටකයත් දේශයටම සාපයක්... රටත් විනාශයි...!

:       18       90

පුරවැසියා Saturday, 11 June 2022 01:21 PM

ඒකත් ජූලි 9 දාට සිදුවුණා නම් තමයි හොඳ. එතකොට පේලියට යනවා බලාගෙන ඉන්න පුළුවන්...!

:       11       62

Matta Saturday, 11 June 2022 02:23 PM

ප්‍රබල රාජපක්ෂ චරිත දැන් නැත. සිටි එකම චරිතය තමන්ම විසින්ම පසුගිය 9 දා නැතිකරගත්තා. ස්වාධීන අදහස එයයි.

:       11       78

චින්තක Saturday, 11 June 2022 04:35 PM

චමල් නැත්නම් ලොකු අයියා ප්‍රබලයෙක් එහෙම නොවෙයි හොඳේ, රාජපක්ෂ පවුලේ දැනට ඉන්නේ මහේන්ද්‍රන් සහ මොලේ පමණයි. එයින් ඔටුන්න හිමියා ගියොත් රටටම සෙතක්වෙනවා..

:       3       17

Roshan Saturday, 11 June 2022 03:15 PM

ඔය හොර හැත්ත හොරකම් කරපු ඩොලර් බිලියන 19ය ආපහු දීලා යන දේවාලයක ගියා නම් තමයි හොඳම...

:       6       56

sam Saturday, 11 June 2022 03:17 PM

ඔය පොහොර හොරාගේ කවුද?

:       4       37

ගමේ එකාලා Saturday, 11 June 2022 03:37 PM

ප්‍රබල දේශපාලන චරිත කියලා හිතාගෙන උන්නාට හිටියේ බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිතයින් ටිකක්. මහාපරිමාණයේ හොරකම්, වංචා, දූෂණ කරලා ජනතාව රවට්ටපු, මහපාරට ඇදලා දාපු හොරු සෙට් එක... රාජපක්සලා හැතිකරේම අතුගෑවිලා යනවා නම් තමයි වැඩිය හොඳ... හොරාකාලා හම්බ කරගත්තුවා. ඉහටත් උඩින් ඇතිනේ?

:       0       10

Kumara Saturday, 11 June 2022 04:58 PM

අනේ වාසනාවන්..!

:       5       22

ranjith Saturday, 11 June 2022 05:48 PM

කෝටි 02කට වැඩි ජනතාව පාරට ඇදලා දාලා දැන් යනවා.. මේ රටේ රජවරු රටට, ලෝකයට ණය නොවී රටේ දියුණුවට මොන තරම් වැඩේ කරලා තියේද? එදා හදපු වැව් අමුණු නිසා අද යාන්තම් බත් ටිකක් කනවා... මේ ගොල්ලෝ ලෝකෙටම ණය වෙලා... රටම විනාශ කළා.

:       7       38

Mahe Saturday, 11 June 2022 05:52 PM

මයිනා ගියාට කමක් නැහැ... හොරකම් කරපු සල්ලිත් ගන්න විදියක් කල්පනා කරමු..

:       8       52

Kanthi Saturday, 11 June 2022 09:11 PM

රාජපක්ෂලාට ස්වභාවධර්ම නීතියාගෙන් ගැලවෙන්න බැරි වෙයි. ලෑස්ති වෙන්න.

:       0       10

Nandalal DE SILVA - France Sunday, 12 June 2022 12:46 AM

මොනවා..? දැන් කොහේද ‘‘ප්‍රබල‘‘ රාජපක්ෂලා, ශ්‍රී ලංකාවේ, උගන්ඩාවේ, ඩුබායි වගේ රටවල නම් ඔහේ ටිකක් ඇති. දැනට අපේ රටේ ඉතුරු වෙලා ඉන්නේ, මැදමුලන වංශ කතාවේ එක රාජපක්ෂ පුරුකක් විතරයි. ඒත් ඉතින් එයා ඉන්නවා කියන්නෙත් බංකරයකලු... එයත් තව කී කාලයක් රජපුටුව රත්කරාවිද කියලා සැකයි කියා මගේ ආච්චි කියනවා.

:       0       9

මහිලාල් Sunday, 12 June 2022 07:47 AM

හැට පිරිලාද, බඩ පිරිලාද?

:       0       6

JAGATH WETTASINGHE Sunday, 12 June 2022 08:42 AM

ඒක හරි... නියමයි!

:       0       6

yaha Sunday, 12 June 2022 09:53 AM

රටම අගාධයට දාලා යනවා. කාලකණ්ණි කළින් යන්න තිබුණේ...

:       0       9

fairoos Sunday, 12 June 2022 12:16 PM

කවුරු ගියත් නන්දසේන තවත් අවුරුදු 2ක් රට කාලා තමයි යන්නේ..!

:       0       10

Kumara Sunday, 12 June 2022 12:40 PM

එහෙනම් මතුවට යහපත් අයෙකු වී ඉපදෙන්න.

:       0       6

Wilson Sunday, 12 June 2022 07:47 PM

පරණ 226 ම නැතුව අලුත් තරුණ අයට පාලනය දිය යුතුයි...

:       0       4

sharm warn Monday, 13 June 2022 11:28 AM

ප්‍රබලයෝ නෙමෙයි වටේ තියෙන පොල්ලෙලි තමයි දැන් අයින් වෙන්නේ... බොරුවට මිනිස්සුන්ව කුලප්පු කරන්නේ කාගේ යහපතටද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 414 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 655 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 420 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 264 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්
2025 අප්‍රේල් මස 23 379 0

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුව පත් කරයි
2025 අප්‍රේල් මස 23 530 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 671 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site