ශ්රී ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායකවරු හා දිස්ත‍්‍රික් සංවිධායකවරු හතළිස්දෙනෙකු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද (17) ජනාධිපති නිලනිවසේ දී දිවුරුම් දුන්හ.
නව ආසන සංවිධායකවරු 16 ක් හා දිස්ත‍්‍රික් සංවිධායකවරු 24 ක් ඒ අතර වෙති.
මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක සහ අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු පිරිසක් සහභාගී වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනසකටත් එක්ක වෙනස් කරපු එක හොදයි.(හේ)
අනේ පව් කියලා හිතෙනවා! (නි)
චතුරිටයි, සාමටයි රන්ජන්ගේ තරමටවත් මොළය තිබුනා නම්... (නි)
ශ්‍රීලනිපයේ අවමංගල්‍යය සඳහා මල් වඩම් අනවශ්‍යයයි! (නි)
මාතරට වැලිගමට මොනවා වෙයිද? (නි)
රටේ සල්ලි හොරකම් කළ අය වහාම එළවන්න. දුප්පත් අපේ සල්ලි හොරකම් කරලා හැමදාම ලෝකයේ තුන්වෙනි පන්තියේ රටක් කරපු අයට හොඳක් වෙන්න එපා (නි)
චතුරි සාමා මහරජා වන්දනාමාන නොකර ඔයාලගේ අයට කඩේ යන්නද කියන්නේ. දැන් ආණ්ඩුවේ අය කරලා තියන මහාපරිමාණ වංචා දැක දැක තාමත් මොකට කඩේ යනවද මන්ද. ඒ හොරකම්, වංචා සියල්ලත් අපේ සල්ලි තමයි. (බ)
ආර්. වික්‍රම ඒ දෙන්නට අලයක් තරම්වත් මොලයක් තිබුනනං මෙච්චර රටට විනකරපු ආණ්ඩුවට කඩේ යන්නේ නෑ. (බ)
අපි නම් මේ පාර අකමැත්තෙන් වුනත් ජ.ව්.පෙ.ට ඡන්දේ දීලා බලනවා. මහා පක්ෂ දෙක අවුරුදු 68ක් රට කාපු එකේ තව මේකේ කන්න දෙයක් ඉතුරු වෙලා නෑ. බලමු එයාලාටත් අවුරුදු 5 කට දීලා, වෙන ඉතින් දැන් කරන්න දෙයක් නෑනේ. (හේ)
චතුරි, ඔයාගේ කටේ මසුරන් දාන්න ඕනෑ අනේ. මට පුදුම ගිය ආණ්ඩුව සහ ඒකෙ ලොක්කෝ කර තිබෙන මහාපරිමාණ වංචා දැක දැක මේ මිනිස්සු මොකට තවමත් මහරජා වන්දනාමාන කරනවද කියලා. මේ මෝඩ රැළට තේරෙන්නේ නැහැනේ ඒ හොරකම්, වංචා සියල්ල අපේ සල්ලි කියලා. (නි)
මේ කරපු දේ හොදයි.(හේ)
ශ්‍රීලනිපය ශුද්ධ කල යුතු පක්ෂය ධනය සෙවීම සදහා යොදාගත් සියල්ලම ඉවත් කළ යුතුයි (හේ)
දේශපාලනයට ඇයි සුදුසුකම් බලන්නේ නැත්තේ? අඩුගානේ සාපෙළවත්? අනික පාර්ලිමේන්තුවට යන්න නම් අඩුමගානෙ උපාධියක්වත් තියෙන්නේ ඕනෑ. අනික වරදකට පොලිසියක නම ගෑවුණ කෙනෙක්වත් පත්කරගන්න නරකයි. මේවාට ඉතින් අපිමයි වගකියන්න ඕනෑ (නි)
මෙවැනි වැඩ වලින් පක්ෂය සමගි කරන්න බැහැ. පක්ෂය තව තවත් දුර්වල වෙනවා පමණි. ඒ නිසා දැන්වත් නායකයෝ සමගි වෙන්න ඕනෑ. අහිංසක පාක්ෂිකයෝ සහ රට ගැන හිතන්න ඕනෑ. අද නායකයෝ හැසිරෙන විදිහ දැක්කහම අපිට පුදුම කළකිරීමක් තියෙන්නේ. කරුණාකරලා ඡන්දෙට කලින් පක්ෂය සමගි කරන්න. (නි)
නිදහස් පක්ෂය ඇතුළේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. පක්ෂය රැකගැනීමක් නොව තමන් රැකෙන්නට යාමක් පමණයි මම නම් දකින්නේ. (නි)
තවමත් පක්ෂ බදාගෙන දඟලන්නේ ඇයි මේ මෝඩ ඡන්දදායකයෝ? පක්ෂ වලින් වැඩක් නැහැ, සුරංගනා කතා වලින් වැඩක් නැහැ. රටට වැඩක් කරලා පෙන්නුව කෙනෙකුට පමණක් ඡන්දය දෙන්න. ඡන්ද ලැබුනාම, බලය ලැබුනාම, කරන දේවල් කිව්වට ගණනකට ගන්න එපා, මොකද ඒ සේරම බොරු පමණයි. (නි)
නියමයි! මේ කපේදී 'අලි බබා සහ හොරු රැළ' ලංකාවේ බලයට එන්නේ නැහැ (නි)
සුදුස්සන්ට සුදුසු තැන ලැබෙනවා නම් ඉතින් හොඳයි (නි)
ශ්රී ලනිපයේ මළගම මෙයින් ආරම්භ වූ වගයි !! (ම)
ඒ වුනාට හැලෙන්න හෝ හලවන්න තිබුන කිහිප දෙනෙක් තවමත් වවුල්ලු වගේ එල්ලිලා ඉන්න බව නම් පේනවා. (අ)
සෙල්ලම් පිස්තොල හො මොනදෙ ගෙනාවෙත් මහීන්දගෙ කිමට තමයි . (අ)
වැඩක් නෑ බොස් ඡන්දෙ තියෙන්නේ අපේ අතේ (අ)
රන්ජන් ඔයාගේ අතේ තියෙන්නේ ඔයාගේ චන්දය පමණයි කවුරුත් මුනට එකක් කියල ඇතුලට ගිහින් වෙන කෙනකුට. කතිරේ. ගහනවා නැතිනම් මහින්ද පරදිද පක්ෂය වැඩක්. නැහැ. රටට කරලා. තියෙන හානිය බලන්න පසුගිය ආණ්ඩුවේ. එක. හොර ඇමතිවරයා කුට. චන්දය. දෙන්න. එපා. කළු සුදු බේදය වගේ. මේ පක්ෂ බෙදයත් තුරන් කරන්න ඕන. තමන්ගේ රට. ආරක්ෂා කර ගන්න හැටි මොලේට දෙන්න ඕන හොර දේශ පලුවන් ගෙන් ඔවුන්ට ආත්මයක් නැහැ (අ)
චතුරි හරි. දෙන්න තව එකපාරක් යහපාලනයට. සිංහල ජාතිය බුදු දහම ශ්‍රී ලංකාව ඉවරයි. තමුන් කොහෙහරි ඉඳලා කඩේ ගියාට දැන් ජනතාවට තේරිලා ඉවරයි යහපාලන වැඩ. (නි)
මම නම් කියන්නේ මේ තේරීම් පක්ෂග්‍රාහීයි (නි)
තව එක්කෙනෙක් ඉන්නවා. අපි බලමුකෝ! (නි)
ප්‍රබලයෝ හැලෙති. සෙල්ලම් පිස්තෝලකරුවෝ එති (ම).
කාලෙන් කාලෙට හොඳ හොඳ විහිළු සපයනවා. මිනීමරපු අයයි, සෙල්ලම් පිස්තෝල කට්ටියයි ඔය ඉන්නේ ලැයිස්තුවේ. (නි)
චතුරි, ඇත්තමයි. රට ආරක්ෂා කරන්නේ දෙයක් නැහැ. දැන්මම ඇමරිකාව උතුරේ වැඩ පටන් අරන්. රජය දන්නෙත් නැහැ වගෙයි. (නි)
නියම වෙනසක්!! හරිම සතුටුයි (නි)
අනෙක්වා කොහොම වුණත් ඇහැළියගොඩ වෙනස නම් හොඳයි (නි)
යහපත් විදියට ජීවත්වන ජනතාවට කිසිම විකල්පයක් නැහැ. ප්‍රධාන පක්ෂ දෙකෙන්ම ඉදිරිපත් කරන්නේ මැරවරයින්, හොරුන්. උගත් යහපත්, උසස් රැකියා කළ/කරන මිනිස්සු පක්ෂයක් හදන්නෙත් නැහැ. ඒ අය පක්ෂයක් හැදුවත් ඉහත කියපු මැරයන් ඒ අයට ජීවත්වෙන්න ඉඩදෙන්නෙත් නැහැ. එහෙත් උගතුන් එම ආරම්භය අප මව්බිම වෙනුවෙන් කවදා හෝ ආරම්භ කළයුතුමයි (නි)
මම නම් පළාත් පාලන ඡන්දය අත්අරින්නේ නැහැ. කොහොමහරි ගිහිල්ලා චණ්ඩිකම් කරන රස්තියාදු මන්ත්‍රීවරුන්ට පක්ෂ බේද නොසළකා විරුද්ධව ඡන්දෙ දෙනවා. (නි)
චතුරි, ඔබ ලාබාල වයසක් ඇති තැනැත්තියක් සේ මට හැඟේ. ඔබ ළඟ දකින ගමන් පෙර අතීතය ගැනත් සොයාබලා මීටවඩා දේශපාලන හැසිරීම් ගැන අවබෝධයක් ලබා ගන්න (නි)