නොවැම්බයේදී පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට එන රාජ්‍ය නායකයින් ඇතුළු ප්‍රභූන්ට ආරක්ෂාව සැපයීම පිළිබඳව සතියක පුහුණූවට රුපියල් දෙදහක් අය කරතියි යැයි ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරයෝ පවසති.
ඇමැති ආරක්ෂක හාරසිය පනහකට අධික සංඛ්‍යාවකට පුහුණුව කළුතර කටුකුරුන්දේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ ලබා දෙන මේ පුහුණුවේදී ආහාර වෙනුවට එම මුදල අය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධීක සිරිවර්ධන මහතා පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙවලම තමයි පුරුදු වෙන්න ඕනෑ (නි)
හොද වෙලාවට මම ලෙඩ නිවාඩු ගත්තේ..(නදී)
අර ඇමති කෙනෙක් කිව්වා නේද 4 දෙනෙක් ඉන්න පවුලකට මාසෙකට යන්නේ රු.2500 කියලා. ඒ අනුව මෙතන විශාල ගසාකෑමක් සිදු වෙනවා. (නි)
ඔච්චර මහන්සි වෙන්නේ මොකටද? ගෙදර ඉන්නකෝ (නි)
රු 2000 ද?දවසකට ආහාර සඳහා වියදම රු 285.71කි. රාජකාරියේ හෝ නිවසේ සිටියා නම් මේ ගණනින් කන්න පුලුවන්ද වේල් තුනක්?. නමුත් මම දන්නා තරමින් රජයේ සේවයකුගෙන් අමතර සේවාවක් ලබා ගැනීමේදී හෝ රාජකාරී වැඩ මුළු වලදී සියලු වියදම් ආයතනය විසින් දැරිය යුතුයි. (ස)
කෑම කන හැටිද පුහුණු කරන්ට යන්නේ? මගේ නම් මොළෙත් අවුල් වෙනවා.... (ස)
කාගෙන්ද අය කර ගන්නේ?? (ස)
ඔය දෙදාහ කාගෙන්හරි හොයාගන්න බලමු (නි)
දැන් මේ ප්‍රභුවන්ව ආරක්ෂා කරන්නේ කාගෙන්ද? (නි)
පොලිසියේ පුහුණුවන අයටනේ අය කරන්නේ... (නි)
නිකන් දෙනකොට අගේ නැහැ. ගෙවලම තමයි පුහුණු කරන්න ඕනෑ (නි)
ඔය පුහුණුවට නොයා වර්ජනය කරන්න එවිට නොමිලයේම පටන් ගනී.(දී)
බලාගෙන පුහුණු කරන්නේ. පොලිස් නිලධාරීන්ට අපරාධ විද්‍යාව කියාදෙන ගුරුතුමාට ඊයේ පොලිසියෙන් ගහලා ඔන්න ඉස්පිරිතාලේ. (නි)
සතියකට එක අයෙකුට කෑම දෙදාහක් නම් 5 දෙනෙක් ඉන්න පව්ලකට කෑමට පමණක් 10,000 ඕනෑ වේ. මාසයකට ගණන් හදන්න. වයසක අම්මෙක් තාත්තෙක් හිටියොත් ගෙහිමියගේ මාසෙක කෑම ගණනය කරන්න. ලයිට්, වතුර, ගමන් වියදම්, ගෙදර නඩත්තුව මහා ආණ්ඩුවෙන් හෝ පළාත් සබාවෙන් නම් හරි . ලංකාවේ කී දෙනෙක් විතරද ඒ වරප්‍රසාදය විඳින්නේ?පොඩ්ඩක් හිතන්නකෝ (නි)
මේ කට්ටිය මුදල් දීලා පුරුදු අය නොවේ (නි)
පාන් පරිප්පු කකා ප්‍රභූන් ආරක්ෂා කරන්න බැහැනේ!! ඔය ගොල්ලෝ දන්නේ නැද්ද මේවා කලින් බජට් කරපු නැති නිසා පොලිසියට දරන්න බැරි වියදමක් කියලා (නි)
මේ අයට පිස්සුද කොහේද? ඇමති ආරක්ෂකයෝ කියන්නේ රජයේම අය නේද? (නි)
කොහොමද කෑම? අති විශිෂ්ටයි සර් (නි)
ගෙවන්න ඕනෑ තමයි. එයාලගේ වුවමනාවටනේ සමුළුව පවත්වන්නේ (නි)
ඇත්තටම බැලුවොත් අපේ කට්ටිය ටිකක් අධි තක්සේරුවෙන් ඉන්නේ. (නි)
මේ මොන විහිලුවක්ද .......???.........(දී)