IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘ප්‍රභාකරන් නිරායුද වෙන්න බය වුණා‘

කොටි නායක ප්‍රභාකරන් නිතරම තුවක්කුව කෙරෙහි විශ්වාශය තැබූ අයකු බවත් නිරායුද වීමට දැක්වූ බිය නිසා සාම ක්‍රියාවලිය අසාර්ථක වූ බවටත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දේශපාලන අංශ නායිකා තමිලනී මිය යාමට පෙර ලියන ලද පොතකින් හෙළි කොට ඇත.
‘‘ඔරු කුර්වාලින් නිලලිල්” හෙවත් ‘තියුණූ අසිපතක සෙවනැල්ලේ සිට‘ යන පොත මගින් කොටි නායිකා තමිලනී ප්‍රභාකරන්ගේ රහස් තොරතුරු හෙළි කොට ඇති අතර මීට අමතරව ‘‘පෝර්ක් කාලම්” හෙවත් ‘යුද සමය‘ යනුවෙන්ද පොතක් තමිලනී ලියා ඇති අතර මෙම පොත් ද්විත්වය කිලිනෙච්චිය සමූපකාර ගොඩනැගිල්ලේදී  ඉරිදා (20) එළිදැක්විණි.
තමිලනී මිය යාමට පෙර ලියන ලද මෙම ග්‍රන්ත දෙක එළි දැක්වූයේ ඇගේ සැමියා වන බ්‍රිතාන්‍ය පුරවැසි බාවය හිමි එස්. ජෙයකුමාර් ය.
ඇගේ ‘‘ඔරු කුර්වාලින් නිලලිල්” පොතෙන් පෙන්වා දී ඇත්තේ ප්‍රභාකරන් සැම විටම සිය ආරක්ෂාව පිළිබඳව දැඩි සැකයකින් පසුවූ බවත් සාම ගිවිසුමේ ප්‍රතිඵලය නිරායුද වීම බවත් එය අනාරක්ෂිත වීමක් බවත් ප්‍රභාකරන් අවධාරණය කරගෙන සිටි බවයි.
එමෙන්ම තමිලනී තම පොතෙන් අවසන් යුද්ධය පරාජය වීමට බලපෑ ප්‍රධාන කරුණු කිහිපයක්ද පෙන්වා දී ඇත.
වසර 30 ක් තිස්සේ අඛණ්ඩ යුද්ධයෙන් කොටි සාමාජිකයින් දැඩි වෙහසකින් සිටි බවත් ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධිඅංශය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අභ්‍යන්තරයට පිවිසීම මෙන්ම හතරවන ඊලාම් කොටි අණදෙන නිලධාරීන් වයස 45ත් 50ත් අතර කිලෝමීටරයක් දුරටවත් දිවීමට නොහැකි වයස්ගත තත්වයේ සිටීමත් වැනි කාරණාවන් ඊඨ හේතු ලෙස ඇය දක්වා ඇත.
මෙම පොත් දෙක එලි දැක්වීමේ අවස්ථාවට දෙමළ සාහිත්‍යධරයෙකු වන පී.කාන්තන්, තමිලනීගේ සැමියා හා ඇයගේ මව හා සහෝදරියක්ද සහභාගී වූහ.

Thamilini-012016321 Thamilini-012016321-2 Thamilini-012016321-3 Thamilini-012016321-4

 



අදහස් (0)

‘ප්‍රභාකරන් නිරායුද වෙන්න බය වුණා‘

ලයනල් Monday, 21 March 2016 07:53 AM

අත පය හොඳට තිබේ නම් මේ වගේ වැඩ නොකර කරන්න කොච්චර දේවල් මේ රටේ තිබෙනවද? (නි)

:       0       0

දුමින්ද Monday, 21 March 2016 07:55 AM

අවිගත්තෝ අවියෙන්ම නසිති (නි)

:       0       0

දුමින්ද Monday, 21 March 2016 07:55 AM

අවි ගත් අය අවියෙන්ම නැසෙති. (ර)

:       0       0

සමන්ත Monday, 21 March 2016 07:58 AM

කාටවත් මේකේ අදුරු පැත්ත නොපෙනෙන පාටයි මෙයාල හදන්නේ ලිකිත ඉතිහාසයක් ගොඩනගන්න මේක නීති විරෝදී ක්‍රියාවක් මේක ඊලම යුද්දයක් මිසක් විමුක්ති සහගත අරගලයක් නෙවෙයි දෙමල ජනතාවට ලංකාව තුල ඕනෑම ප්‍රදේශයක ජීවත් වීමට හැකියාව තිබියදී කොටසකගේ දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට මිනිස් ජීවිත් දහස් ගණනින් නසා දැමු ඒ අදුරු යුද්ධය කැටයම් කොට අලංකාර කොට මිනිස් හදවත් තුලට නිරායාසයෙන් ඇතුලත් කිරීමට වෙර දරන මෙවන් උත්සාහයන් අනිවාර්යෙන්ම නවතා දැමිය යුතු නොවේද ? දිනක අපට පහර දී රට අල්ලා ගතහොත් නැවත අපට සංවිධානය වී ඔවුන්ගෙන් රට මුදා ගත හැකිවන අතර ඔවුන්ට අප ලිකිතව මෙය ලබා ගැනීමට උදව් කළහොත් නැවත අපට ඉතිරි වන්නේ සුසුම් හෙලීම පමණක්ම බව කරුණාවෙන් සලකන්න. (ර)

:       0       0

අජිත් Monday, 21 March 2016 08:28 AM

මේ පොත් සිංහලයට පරිවර්තනය බලන්න ඉදිරිපත් කරන්න. මෙය සිංහල අපිට වැදගත් වෙනු ඇත.(ම) .

:       0       0

රෝහිත Monday, 21 March 2016 08:36 AM

ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අභ්‍යන්තරයට පිවිසීම. පේනවා නේද ඒ කාලේ අපේ බුද්ධි අංශය කොච්චර ප්‍රබලද කියල. (ම)

:       0       0

විජේ Monday, 21 March 2016 08:45 AM

මෙහි ලියන කව්රුත් දැන ගත්තොත් හොඳයි මේ සියලු දේවල් ජාතිවාදයේ ප්‍රතිපල බව, එය නැවත අවුළු වන්න එපා (ම)

:       0       0

චමින්ද Monday, 21 March 2016 09:10 AM

රෝමේශ් සිල්වා ඔබ හරි (බ)

:       0       0

සාගර Monday, 21 March 2016 09:15 AM

රොමේෂ්, කරුණාකර, ජාතිවාදයත් , ජාතිකවාදය නැතහොත් ජාතිකත්වය පැහැදිලි හෝ නිර්වචනය කරන්න පුළුවනිද? මොකද අපි ගොඩක් පටලවා ගන්නේ ඔය දෙක...සමහර ජාතිවාදීන්, තවත් සමහර ජාතිකවාදීන් සමග සංසන්දනය කරනවා...ජාතිකත්වය නැතිව ගියදාට ජාතියකට පැවැත්මක් තියේද? (බ)

:       0       0

සෙනරත් Monday, 21 March 2016 05:01 PM

කින්ග්ස්ලි ඔබ සත්‍ය අතීත කතාව කාටත් මතක් කර දීම ගැන අපටත් ඉතාම සතුටුයි. (ර)

:       0       0

නිලන්ත Monday, 21 March 2016 09:51 AM

ත්‍රස්තවාදීන් කොහොමත් එහෙම තමයි. (ර)

:       0       0

ටෙනිසන් Monday, 21 March 2016 07:32 PM

කිංග්ස්ලි මහින්දට තවම කඩේ යනවා කියලා කිසිවෙකුට නොපෙනුන එකයි පුදුමේ (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 21 March 2016 10:18 AM

ද්‍රවිඩ ත්‍රස්තවාදියාගේ පැවැත්මට ආවුද ඕන වුණා හා සමානවම , සිංහල ජාතිවාදියාගේ පැවැත්මට බලය උවමනා වේ (අ)

:       0       0

චන්දි Monday, 21 March 2016 10:18 AM

බලය වැරදි විදිහට පාවිච්චි කරපු අය අය බලය නැතිව ඉන්න බයයි. නින්ද යන්නත් නැහැ (අ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Monday, 21 March 2016 10:39 AM

ප්‍රභාකරන්ට මෙච්චර විනාශයක් අපේ රටට කරන්න.ඉඩ දුන්නේ කවුද? අපේ රටේ හිටපු නිවට නායකයන්.1987 දී වඩමාරච්චි මෙහෙයුම අවසන් අදියරේ සිර වී සිටි ප්‍රභකරන්ව ඝතනය කර ත්‍රස්තවාදය නිම කිරීමට අවස්ථාව තිබුණත් එදා හිටිය නායකයා එක කරන්න ඉඩ දුන්නේ නැ ඉන්දියාවට බයේ. එදා හිටපු නායකයන්ට ඕන වුණේ යුද්දය හිඟන්නාගේ තුවාලය වගේ තියාගෙන වවාගෙන කන්න. එකෙන් ප්‍රයෝජනය ගත්ත මේ ත්‍රස්තවාදියා අපේ රට විනාශ කරන ගමන් සමහර දෙමල ජනයාගේ ගැලවුම් කාරයා වුණා.එදා මහින්ද මහත්තය වගේ නායකයෙක් හිටියනම් අද ප්‍රබාකරන් කියන්නේ කවුද කියලා දන්නෙත් නැ . (අ)

:       0       0

නිමල්ලලිත් Monday, 21 March 2016 10:43 AM

සිංහලය කෙදිනකවත් ජාතිවාදී වුයේ නැහැ. ජාතිවාදීන් වුවා නම් අසින්හලයන්ට මෙසේ සිංහලයන්ට වින කරන්න ලැබෙන්නෙත් නැහැ. නමුත් සිංහලයා හැමදාම ගුටි කන්නෙත් නැහැ. බහිනාහු ජාතික වේවා, සහජීවන වේවා ඔය උපාසකයන්ට මට කියන්නට තියෙන්නේ එපමණි . තමන්ගේ පක්ෂය , මන්නාපය රැක ගැනීමට, අනුන්ගේ තාප්ප , රාජ්‍ය දේපල හානි කරමින්, වරිගය රැකගැනීමට තම දරුවාට තම වාසගම තබමින්, තම කුලය රැකගැනීමට නිකාය බෙදෙමින් , අනාගත සිංහලයාගේ ඓතිය විනාස කිරීමට සුදා නම් නොවන්න. (අ)

:       0       0

වින්සන්ට් Monday, 21 March 2016 10:29 PM

කිංස්ලි පෙරේරා මහතාට අනුව වඩමාරච්චි සටනින් සිවිල් යුද්ධය අවසන් කරන්නට යෙදුනා නම් නැවත රටවල් දෙකක් අතර සටනකට මුලපිරීමක් වෙන්නටද පුළුවන්. මේ අනුව ඉන්දියාව මඟින්ම සතුරා ඉවත්කර ගැනීමේ උත්සාහයක් හිටපු නායකයා ගන්නට ඇති බව කෙනෙකුට කියන්නට හැකිය. මේ නිසාම සිදුවුණ රජීව් ගාන්ධි මරණයෙන් ප්‍රභාකරන්ගේ අවසානය ගැන ඉන්දියාවේ සතුටට හේතු වන්නට ඇත. සමහර විට කිංස්ලි මහතා කියන නිමාවකට අපි ගියේ නම් තවමත් නිමක් නැති සටනක වීරයන් නොදකින තත්ත්වයක් ඇති වෙන්නට තිබුණි. සාධාරණය කුමක් වුනත් ලොව හැමවිටම ජය ලබන්නේ බලවතාය. (නි)

:       0       0

අබය Monday, 21 March 2016 10:29 PM

අහෝ ඩෙන්සිල් කොබ්බෑකඩුව සෙන්පතිතුමනි, ඔබතුමා අදටත් සිටියා නම් අද දින යුද්ධය බෙදාගැනීමට නොහැකිව කරන අප්‍රසන්න ක්‍රියා සිදුනොවනු ඇත. (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 21 March 2016 11:15 PM

වින්සන්ට්, විකාර කතා කියන්න එපා. ජාතිවාදය ගැන කතාකරන්නේ ඔබ මොනවා දැනගෙනද? සිංහලයා අපේ රට ගැන කතා කළොත් ජාතිවාදය. (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 21 March 2016 11:26 PM

පිටබැද්දර ජයා, සිංහලයින් එසේ වුණේ අනෙක් ජාතිකයින් ශ්‍රී ලාංකිකයින් නොවී තම ජාතිය ගැන පමණක් සිතීම නිසා බව පිළිගන්න. (නි)

:       0       0

ඉන්දික Monday, 21 March 2016 10:59 AM

කිංග්ස්ලි ඇත්ත කතන්දරේ එකෙන්ම කියල තියනවා.(අ)

:       0       0

බමුණු ආරච්චි Monday, 21 March 2016 11:28 PM

චන්දි, දැන් බලය ලැබුන අය කරන ටික පෙනෙනවා නේද? (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 21 March 2016 11:34 PM

ප්‍රභාකරන් බයගුල්ලෙක් කියලා කරුණ අම්මාන් කී කතාව හරියට හරි. අවසාන මොහොතේ බේරගන්න කියලා ලෝකෙටම කිවුවත් කරේ තිබුන සයනයිඩ් කරල කන්න බයවුණා (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 21 March 2016 11:58 PM

පාටලී, ඔබ හරියට හරි. මෙවැනි රටක ඉපදීමත් පාපයක්. (නි)

:       0       0

චන්දා Tuesday, 22 March 2016 12:09 AM

යම් සිදුවිමක යථා ස්වභාවය ජනප්‍රිය එහෙත් වැරදි මත වලින් උලුප්පා සමාජගත කරමින් සිටින ඇතැම් දෙනා මේ තරම් මොළ සෝදාගෙන ඇති තරම පුදුමයි. (නි)

:       0       0

ශෂික Monday, 21 March 2016 11:44 AM

කිංස්ලි මහතාගේ අදහස් අතිශයින්ම වටිනවා. ඔබට පිං.. (ර)

:       0       0

පාටලී Monday, 21 March 2016 11:46 AM

මේවත් අනුමත කරන අපේ අය ගැන කවර කතාද.? (ර)

:       0       0

නිහාල් Monday, 21 March 2016 12:14 PM

මේවාට පොත් ලියන්න කවුරුත් නෑ පොත් ලිව්වොත් ඒවා ජාතිවාදීයි. (ර)

:       0       0

වින්සන්ට් Monday, 21 March 2016 12:48 PM

නුවන් මහතා කියන අදහස හැම ජාතියකටම වැදගත්ය. පසුගිය මැතිවරණවලදී ජාතිවාදය සමඟ පැවැත්මක් නොමැති බව තේරුම් ගත් සමහර නායකයන් කටුස්සන් ගොදුරට පාට වෙනස් කරනවා වගේ මේ දිනවල වේදිකාවල දකින්නට ඇත. (ර)

:       0       0

ජයන්ත දිසානයක Monday, 21 March 2016 06:50 AM

මේ පොත් සිංහලයට පරිවර්තනය කළ යුතු වෙනවා.(ම)

:       0       0

නුවන් Monday, 21 March 2016 06:58 AM

ජාතියක ඉරණම ජාතිවාදීන් අතට පත් කිරීමෙන් සිදුවූ විනාසය කෙතරම්ද? මේවා කාටත් හොද පාඩම්.(ම)

:       0       0

සුසන්ත Monday, 21 March 2016 07:11 AM

ඔහු නුදුරේදීම ජාතික වීරයකු ලෙස හඳුන්වා පිළිම ඉදිකර, දේශමාන්‍ය වැනි ගෞරව, ආචාර්ය උපාධි ආදිය පිරිනමන දිනයත් වැඩි ඇතක නොවන බව පෙනේ. ප්‍රබාකරන්ගේ ත්‍රස්තවාදයෙන් මරාදැමු අහිංසක ජනතාවගේ පවුල්වල අයට මොනවා හිතෙනවා ඇතිද? (බ)

:       0       0

මංචනායක Monday, 21 March 2016 07:14 AM

නුවන් ගේ අදහස පැහැදිලි කරන්න. (බ)

:       0       0

විදුර Monday, 21 March 2016 07:14 AM

මේ සිදුවීම් වලට මුලාරම්භය අසල්වැසි රටවල් සහ බලවතුන් ඔවුන්ගේ පෞද්ගලික පැවැත් ම සඳහා විවිධ රටවල අහිංසක ජනතාව පොළඹව ගැනීමෙන් මේ විනාශකාරී ත්‍රස්ත වාදය,ජාතිවාදය අැති කෙරෙන්නේ. ඉන්දියාව සම්පුර්ණයෙන්ම මීට වගකිව යුතුයි (බ)

:       0       0

නලින් Monday, 21 March 2016 07:20 AM

නුවන් සමග එකගයි (බ)

:       0       0

රොමේෂ් සිල්වා Monday, 21 March 2016 07:30 AM

අපේ සිංහල ජාතිය වුනත් ජාතිවාදීන්ගේ ග්‍රහණයට නතු වුනොත් මීට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ... සිංහල ජාතිවාදය වේවා, මුස්ලිම් අන්තවාදය වේවා, ද්‍රවිඩ ත්‍රස්තවාදය වේවා, මේ සියල්ලම එකසේ පරාජය කළ යුතුයි. (බ)

:       0       0

ප්‍රසන්න Monday, 21 March 2016 07:38 AM

පොත් දෙක කියවලා වැරදි හදාගෙන අායෙත් යුද්ධය පටන්ගනීද? (නි)

:       0       0

චමින්ද Monday, 21 March 2016 01:41 PM

කිංස්ලි මහතාගේ අදහස් අතිශයින්ම වටිනවා. (ර)

:       0       0

අබය Monday, 21 March 2016 07:40 AM

මංචනායක, නුවන් ලියපු දේ එයාටවත් නොතේරෙන හැඩයි....... (නි)

:       0       0

පතිරණ Monday, 21 March 2016 07:41 AM

මේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ. මේ හෙළබිමට වෙත කිසිවෙකුට බලපෑම් කරන්න බැහැ. යම්කිසි පිරිසක් රටට වින කරන්න සිතනවා නම් එ්ක ලොකු විහිළුවක් (නි)

:       0       0

චන්දා Monday, 21 March 2016 07:42 AM

පසුගිය ආණ්ඩු පෙරළියත් සමඟ අප රට, රටක් ජාතියක් වශයෙන් හැම අතින්ම සිදුකර ගනිමින් ඉන්නා බරපතල හානිය ඇස්පනාපිට පෙනෙන දැනෙන නමුදු, සර්වජන ඡන්ද බලයේ හැකියාව පෙන්නමින් මේ ආණ්ඩුව බලයට ගෙන්වා, බහුතර ජනතා කැමැත්ත ලබා දී ඇති බැවින් මොනවා කියන්නද? කියලා මොකටද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1767 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1105 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1658 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1157 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 620 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1140 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site