(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රුපියල් කෝටි 15000කින් අවසන් කිරීමට නියමිතව තිබූ මධ්‍යම අධිවේගී මාර්ගය දූෂණය වංචාව නාස්තිය සහ කල් මැරිල්ල හේතුවෙන් අද එය අවසන් කිරීමට කෝටි 35,000ක් වැය වන බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිරි වසර පහේදී සම්පූර්ණයෙන්ම සාදා අවසන් කරන බව ද ඔහු සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි සමග ලංකාවේ ආණ්ඩුව අත්සන් කිරීමට නියමිත ගිවිසුම් හා ඒවා අත්සන් කරන අත්තනෝමතික ආකාරයට විරෝධය දැක්වමින් පෙරටුගාමී සමා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා අවසන් වීමෙන් අනතුරුව දෙරටේ නියෝජි
සියලු අසීරු අවස්ථාවලදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ශක්තියක් දෙමින් කටයුතු කර ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝදි මහතා ඉන්දු ලංකා ඒකාබද්ධ ප්‍ර
අසල්වැසියන් ලෙසත් සමීප මිතුරන් ලෙසත් එක්ව සංවර්ධනයේ මාවතක් ගොඩනඟා ගැනීමට අදිටන් කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දු ලංකා ඒකාබද්ධ
පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තක කාර්යාලයේ භාෂා පරිවර්තකයන් දොළොස් දෙනකු පමණ හිඟවීමෙන් එහි කටයුතුවලට බරපතළ ලෙස බාධා මතුව ඇතැයි වාර්තාවේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද ’’ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ’’ සම්මානයෙන් පිදුම් ලැබීය.
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
ප්‍රමාදය නිසා මධ්‍යම අධිවේගයට කෝටි 20,000 වැඩිපුර ගෙවන්න වෙයි
වෑල්ඩින් ආචාර්ය Sunday, 09 March 2025 11:18 PM
අර පඬුකරඳ ගහක් වට කරගෙන උද්ඝෝශණ කරලා අධිවේගේ වැඩ පරක්කු කරපු දේවානි ජයතිලක මාලිමාවෙන් ඡන්දෙත් ඉල්ලුව නේද? ලංකාවෙ උන්ට ටිකට සති 2ක් විතරක් මතක තියෙන හින්දා හොඳයි ඉතින්.
ඉන්දික Sunday, 09 March 2025 11:21 PM
අර ගම්පහ මීරිගම කොටසේ අලාභය දේවානි නෝනගෙන් ඉල්ලගන්න... එයාල පිස්සු නැටුවේ නැත්තං එම කොටස මෙලහකට හදලා....
සත්‍යපාල Monday, 10 March 2025 01:32 AM
තවමත් පසුගිය ආණ්ඩුවලට කඩේ යන අයට ලැජ්ජාවක් නෑ. මොනවාහරි හේතුවක් කිය කියා රට විනාශ කරපු අපරාධකාරයින්ටම කඩේ යනවා.
SenarathMonday, 10 March 2025 10:35 AM
මෙම ව්‍යාපෘතිය ආරම්භ වී ඇත්තේ 2015 සිට 2019 දක්වා තිබූ යහපාලන කාලයේදීය. එදා රජය පත් කර ගැනීමට වැඩිම සහාය දැක්වූයේ ජාතික ජන බලවේගය (JVP) වෙයි. මෙය හොඳින් සොයා බලන්න. වැරදිකරුවන්ගෙන් මේවා නැවත අය කරගන්න ඕනේ
H.T.Kusumapala Monday, 10 March 2025 01:49 AM
වරද අපේ නොව එවකට සිටි ප්‍රවාහන ඇමැතිවරයාගේ සහ ඔහුගේ නිලධාරීන්ගේය. ඔවුන්ගේ අතපසුවීම් සඳහා ඔවුන්ට යම් ආකාරයකින් දඬුවම් කළ යුතු නොවේද?
Rasika Monday, 10 March 2025 04:36 AM
මෙික මඟනැවතීමට මූලික හේතුව රටේ සල්ලි නැතිවීම නෙවෙයිද?
යෝගා Monday, 10 March 2025 06:28 AM
ජේවීපිය කොටස්කරුවන් වු යහපාලන නඩය මේ පාඩුවේ මූලික වගකියයුත්තෝ. ඊටපස්සේ පඬුකරඳ ගහක් අල්ලගෙන නාඩගමක් නැටුවා. 76 වසරක සාපය කවුද කියලා ඉදිරියේදී ඔප්පු වෙයි
ගුණරත්න Monday, 10 March 2025 07:22 AM
කෝටි 20,000 විශාල මුදලක්, එත් ගිය අවුරුද්දේ සීයාට පින්සිද්ද වෙන්න විදුලිය බල මණ්ඩලයේ ලාබය කෝටි 14,000යි. මේ ආණ්ඩුව ඒ ලාබය 99% අඩු කරගෙන යයි ප්‍රවෘත්තියක් අපි ලංකාදීප පත්රයෙන්ම දැක්කා. යාලුවනේ ලාබෙ වැඩි වෙලා නෙවේ හොඳේ
Dasun Monday, 10 March 2025 08:22 AM
ඔව් මිනිසුන්ට මතක නෑ, උඹලා ගහක් අල්ලාගෙන නටපු නාඩගම
පොඩිඑකා Monday, 10 March 2025 08:27 AM
කෝ මේ යෝගා…..?
Aslam Monday, 10 March 2025 08:28 AM
ඉදිරි වසර පහ තුළ කුමක් සිදුවේදැයි අපි බලා සිටිමු. මෙම රජය මහජනතාව සඳහා මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
මැක්ස් Monday, 10 March 2025 08:33 AM
පෝට් සිටිය, මත්තල ගුවන් තොට, හම්බන්තොට වරාය ආදී දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති, තමන් තුළ ගොජ දමමින් පවතින කුහකකම නිසාම කල් දැමීමට කටයුතු කළ ජවිපෙ ප්‍රමුඛ යහපාලන නඩය, ප්‍රමාද ගාස්තු වශයෙන් එම ව්‍යාපෘති සඳහා ගෙවූ මුදල අති විශාල ය. කිරිඅල්ලකරණය වූ මධ්‍යම අධි වේගය හොර ගුහාවක් බවට පත්වීම ඇතුළු මේ සියලු මුල්‍ය අපරාධවලට ජවිපෙ ද වගකිව යුතුය. "මං සුදනා" න්‍යායයෙන් අනුන්ට පටවන්නට උත්සහ කරන සියලු වැරදිවල සැලකිය යුතු කොටසක් ජවිපෙයට ද ඇත. ඔවුන්ගේ දායක සබාවට හැර සාමාන්‍ය සිහි බුද්ධිය ඇති ඕනෑම අයකුට ඒ වග වැටහෙනු ඇත.
පම්පෝරි ජනක Monday, 10 March 2025 10:25 AM
@ගුණරත්න ගොයියෝ , සීයට පින් සිද්දවෙන්න ? බංකොලොත් කරලා බිල 300% කින් වැඩිකරපු එකට දැන් සිලිඩර් බයියෝ සීයට පිනුත් දෙනවා
රම්බොඩ Monday, 10 March 2025 10:34 AM
මේ ආණ්ඩුව දැන් කරන්නෙ එක එක ඒවා පෙන්ව පෙන්වා ඉන්නවා. ඒ කාලෙ අනුර මහතා ඇහුවා අධිවේග මාරුග කන්නද කියලා. කට උල්කර කර ඇහුවේ. මේ මහා දැවැන්ත සංවිධාන වලට කුහකව මඩ ගැහුවා. ඒවායින් රටට වෙන සෙත ගැන කතා කළේ නෑ. කොරෝනා නිසයි මේවා නතර වුණේ.
Maharuf Monday, 10 March 2025 12:05 PM
ගස් යට රා බිබී හිටපු උන් දියවන්නාවට දාගෙන උන හදියක්
Saman Monday, 10 March 2025 01:35 PM
ලංකාවේ මිනිස්සු මෝඩයි. පේන්නේ කරපු වැඩකින් මාටියා ගහපු කෑල්ලෙන් රටට වෙච්චි හානිය පමණයි. ඒත් ඇත්තටම රටට වැඩිම විනාශය කළේ වැඩවලට බකට් ඇදපු ජෙප්පන් සහ වැඩ මන්දගාමී කරපු යහපාලනයයි.