(යොහාන් භාසුර)
ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශය ගැනීම අද (27) අවසන් කළ බව ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකය පැවසීය.
කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිටිහි ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයේ අද (27) පස්වරු 2.00 ට පමණ පැමිණි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගෙන් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බවත් ඔහු නැවත එම ඒකකය වෙත කැඳවීමට මෙතෙක් තීරණය කර නොමැති බවත් එම ඒකකයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
දින දෙකකදී ඒ මහතාගෙන් ලබාගත් ප්‍රකාශය පිළිබඳ අධ්‍යයනය කර නැවත ඔහු කැදවන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල ලැබූ දැවැන්ත කඩා වැටීම පිටුපස කුමන්ත්‍රණයක් ඇතැයි ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය කළ පැමිණිල්ලට අනුව මෙම නැවත කැඳවීම කළේය.
ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී ජයනාත් වනසිංහ මහතාගේ අධීක්ෂණයෙන් මෙම ප්‍රකාශය ලබා ගැනීම ක්‍රියාත්මක විය.
හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.
ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත
පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.
වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.
වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ප්‍රමෝද්‍යගේ ප්‍රකාශය ගැනීම අවසන්
Jay Monday, 27 November 2023 07:38 PM
ලේඛකයාට ශීර්ෂයේ නිවැරදි නම ලිවිය නොහැක. ලැජ්ජයි