IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ප්‍රියනාත් රත්නායකගෙන් 'ඔබ වෙනුවෙන් මා'

2016-09-06-ent-05

ප්‍රියනාත් රත්නායක ගායන ශිල්පියාගේ "ඔබ වෙනුවෙන් මා" නම් වූ ප්‍රසංගය මේ මස 10 වැනිදා පස්වරු 6.00ට ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේදී පැවැත්වීමට නියමිතය. දිගුකාලීන නිහැඬියාවකට පසු පවත්වනු ලබන මෙම ප්‍රසංගය පිළිබඳවත් ඔහුගේ සංගීත දිවියේ නවතම තොරතුරුත් බෙදා හදා ගැනීමට අප ඔහුව "අද" වෙත සම්බන්ධ කර ගතිමු.

 

සැප්තැම්බර් 10 ඔබට සුවිශේෂී දවසක් නේද?

2016-09-06-ent-02ඔව්. කාලෙකට පස්සෙ මගේ ප්‍රසංගයක් පැවැත්වෙනවා. ඒ වගේම එදිනම මගේ නවතම සංයුක්ත තැටිය වන ඔබ වෙනුවෙන් මා නිකුත් වෙනවා. එමෙන්ම මගේ නවතම වෙබ් අඩවියත් එළිදැක්වෙනවා. මේ වගේ ක්‍රියාකාරකම් කිහිපයක්ම ක්‍රියාත්මක වෙන නිසා මට ඒ දවස හුඟක් වැදගත්. අවුරුදු 15කින් තමයි මෙවැනි නිර්මාණයක් සිද්ධ වෙන්නේ. එනිසා මෙම ප්‍රසංගය බොහොම උනන්දුවෙන් හා ආසාවෙන් කරගෙන යනවා.

 

මෙහි සංයුතිය ගැන පැවසුවොත්?

මෙහි සංගීතය මෙහෙයවන්නේ සුමිත් ප්‍රියංකර විසිනුයි. සමන් වෙලගෙදර, නදී විජේසිංහ, කිත්සිරි වඩුගේ, ශ්‍රියානි පෙරේරා, හේමසිරි හල්පිට, එච්.එම්. රත්නායක, හඩ්සන් සමරසිංහ, සම්පත් බණ්ඩාර, සමන් ප‍්‍රියදර්ශන, නිරන්ජන් නානායක්කාර, මයික් ප‍්‍රනාන්දු, විමලසිරි ගමගේ ගීත රචනයෙනුත්, දර්ශන රාජමන්ත‍්‍රී, රෝහණ වීරසිංහ, සෝමපාල රත්නායක, සමින්ද වීරසිංහ සංගීතයෙනුත් දායක වෙනවා.

මෙය බොහොම කාලයක් අරගෙන හොඳින් කරන්න ඕන නිසයි කලක් තිස්සේ ගීත මකා දමමින් යළි ප්‍රතිනිර්මාණය කළේ. එමෙන්ම බොහොම උවමනාවෙන් බොහෝදෙනෙකුට අසන්නට දී තෝරාගත් ගීත කිහිපයක් තමයි මෙහි ඇතුළත් වෙන්නේ. මෙහි ආදර ගීත පමණක් නෙවෙයි නොයෙකුත් සමාජ විෂමතා පිළිබඳවත් සාකච්ඡා කළා. ධනාත්මක චින්තනය ගැනත් මෙහි ගීත ඇතුළත්.

 

සීඩී පටයක් කරන්න මෙපමණ කාලයක් ගත්තේ ඇයි?

මම සුදුසු කාලය ගැන හිතල තමයි නිර්මාණ කළෙත්, කරන්නෙත්. මම එයට සුදුසු කාලය එනකම් බලා සිටියා. ඝෝෂාකාරී සංගීතයෙන් අපෙ මිනිස්සු හෙම්බත් වෙලයි හිටියෙ. ඒ අය තමයි මට මේ වගේ දෙයක් කරන්න කියලා මාව දිරිමත් කළේ. ඒ නිසයි මම ඔබ වෙනුවෙන් මා කියල නම දැම්මේ. එමගින් අදහස් කළේ ඔබ වෙනුවෙන් තමයි මම මේ දේ කළේ යන්න. ඒ ඝෝෂාකාරී සංගීතයත් එක්ක මගේ ගීත නිර්මාණ ඉදිරිපත් කරන්න ලැබුණෙ නෑ. සමහර නාළිකාවල මෙම ගීත ප්‍රචාරය කළේ නෑ. ඒ නිසා මට සාධාරණයක් ඉටු නොවුණු හින්දා මම තනියෙන් නිර්මාණ එළිදැක්වීමක් කළොත් හොඳයි කියන අදහසින් තමයි මෙම නිර්මාණ කළේ. අපේ රසිකයෝ මං කඩපිලට ගියත්, ගුවන්තොටුපළට ගියත් ඉල්ලන ඉල්ලීමට තමයි මම ඇහුම්කන් දුන්නේ. මගේ රටේ ජනතාවට හොඳ රසාස්වාදයක් දෙන ගීත ටිකක් හඳුන්වා දෙන්න තමයි මම මෙවන් ප්‍රයත්නයක නියැලුණේ. එනිසයි ගීත ඉදිරිපත් කරන්න ප්‍රමාද වුණේ.

 

මෙය ජනතාව අතරට ගෙනියන්න වැඩපිළිවෙළක් තියෙනවද?

මගේ ඒකපුද්ගල ගී ප්‍රසංගය දිගින් දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාව පුරා මම ප්‍රසංගය අරගෙන යනවා. ඒ ප්‍රසංගය අරගෙන ගිහින් ලංකාවේ මිනිස්සුන්ට හොඳ රසාස්වාදයක් අරන් දෙන්න, කුඩා දරුවන්ට රසවින්දනය කියන්නේ මොකද්ද කියල හඳුන්වා දෙන්න සහ ප්‍රාසාංගික කලාව කියන්නේ මොකද්ද කියල හඳුන්වා දෙන්න සහ හදවතට හඳුන්වා දෙන්න මම බලාපොරොත්තු වෙනවා.

 

මේ දිනවල මොනවද කළේ?

ටෙලිනාට්‍ය කිහිපයකම සංගීත අධ්‍යක්ෂණය කළා. සංගීත පන්තිවලට මහන්සි වුණා. ඒවා තමයි මේ දිනවල කරපු විශේෂ දේවල්.

 

වර්තමාන සංගීත ප්‍රවණතා ගැන මොකද හිතෙන්නේ?

ප්‍රවණතාවක් නෑ. මිනිස්සු රසවිඳින්නේ පැරණි ගීත. හැටේ හැත්තෑවේ දශකයේ ගීත රසවිඳිනවා මිසක් තාරුණ්‍යයවත් එවැනි ගීත රස විඳින්නේ නෑ. තාරුණ්‍යය කරන්නෙත් අලුත් සින්දු මාසයක් දෙකක් අහල යළි පරණ ගීතම අහනවා. ගීතයේ ගායනය, පදරචනය හා සංගීතය තනු නිර්මාණය යන තුනම භාවාත්මක හැඟීමක් දැනීමක් නැති නිසා ගීතයේ ආයු කාලය අඩුවෙලා තිබෙනවා. රූපවාහිනියේ සින්දුවක් කියල නැටූ පලියට හා විසි තිස් පාරක් මුදල් ගෙවලා ප්‍රචාරය කළාට, එවෙලෙට මාකට් වුණාට හදවත්වල රඳා පවතින්නෙ නෑ. එය බොහොම තාවකාලිකයි. ඇත්තටම අද කාලෙ රසවිඳින්න පුළුවන් ගීත බොහොම අඩුයි.

 

මේ ගමන එන්න උදවු කළ අය‍?

"ඔබ වෙනුවෙන් මා" ප්‍රසංගයේදී මගේ හිතමිතුරන්, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සගයන් මාත් එක්ක ඉතාම හිතවත්ව කටයුතු කරනවා. හිතුවටත් වඩා රසික රසිකාවියන් පුදුම උද්‍යෝගයකින් ප්‍රසංගයට සහභාගි වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මෙහිදී දකින්න ලැබෙන්නේ අප බලාපොරොත්තු නොවූ උද්යෝගයක්. එය හරිම පුදුම දෙයක්. මම විශ්වාස කරනවා විශාල සෙනඟක් ඉදීවි කියා. හැමෝටම මම ආරාධනා කරනවා කලින් ඇවිත් අසුන්ගන්න කියා. එමෙන්ම මේ තුළින් බලාපොරොත්තු වෙන්නේ මිනිස්සුන්ට හොඳ ගීත හා ගායනයන් තුළින් හදවතට ළංවීම හා ගීතයෙන් මා දෙන පණිවිඩය ඉදිරිපත් කිරීම තමයි මගේ ඒකායන පරමාර්ථය. මේ ප්‍රංසගයේත්, මගේ සංගීතයේත්, මගේ කටහඬේත්, ගීතයේත් මේ ලෝකයෙත් තේමාව තමයි ආදරය. ආදරයට ආදරය නොකිරීම තුළ තමයි සමාජය තුළ කලාව තුළ විපර්යාස සිද්ධවෙලා තිබෙන්නේ. එනිසා මම හැමෝටම ආරාධනා කර සිටිනවා හැමෝම එන්න මේ ප්‍රංසගය බලන්න. ප්‍රසංගය නරඹලා ඒ ගැන කතා කරමු කියා.

 

සටහන ඉඳුනිල් සින්දු

 

2016-09-06-ent-04
2016-09-06-ent-03
2016-09-06-ent-01



අදහස් (0)

ප්‍රියනාත් රත්නායකගෙන් 'ඔබ වෙනුවෙන් මා'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 357 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 933 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1406 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 190 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 784 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 900 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39355 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25653 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 343 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site