අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පෙළපාළියකින් පාර්ලිමේන්තුවට එතියි කියන කතාවත් සමඟ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය මාර්ග බාධක දමා වසා දැමූ බව පොලිසිය කියයි.
පොලිස් විශේෂ කාර්ය බළකාය, කැරලිමර්දන පොලිසිය හා ජල ප්‍රහාරක රථ ද පාර්ලිමේන්තුව ඉදිරිපිට රඳවා ඇත.
අද පස්වරු තුන වන විට ශිෂ්‍ය පෙළපාළිය රාජගිරිය ආයුර්වේද හන්දිය පසුකරමින් සිටියේය.
සිසු අයිතිය සුරකින ඉල්ලීම් ව්‍යවස්ථා දායකයට ඉදිරිපත් කිරීම සඳහා එහි එන බව ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා! නිදහස් අධ්‍යාපනයට (නදී)
දැන් ඉතින් මේ ප්‍රදේශයේ මිනිස්සු හවස ගෙවල් වලට ගිහින් ඉවරයි.(හේ)
අන්තරේ මෙතෙක් සිදුකල ඔවැනි ක්‍රියාදාමයන්ගෙන් සිදුවූ සෙතක් නම් නැහැ.එය අතීතයේ සිට විමසා බැලීමෙන් මනාව පෙනෙනවා.(හේ)
ආරංචියකට මෙච්චර බයනම්, ආවාම කොහොම ඇතිද? (හේ)
මාර්ග බාධක දැම්මේ "ප්‍රජාතන්ත්‍රය" සුරකින්නලු. (හේ)
අන්තරේට ලගකදි මිනිස් බිල්ලක් ගන්න බැරි උන් හින්දා ලොකු සටනක් දෙනවා. (නදී)
එ ජා පෙ ආණ්ඩුවක් තිබුනා නම් ශිෂ්‍යන්ට ජීවත්වීමේ අයිතිය ඉල්ලා තමයි සටන් කරන්න වෙන්නේ (නදී)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නිසා ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට වෙන පාඩුවට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වග කියන්න ඕනේ.(හේ)
ජනාධිපතිවරණයත් එක්ක සරසවි අවුල් කරලා වැඩ වර්ජන උද්ගෝෂණ මගින් ජන ජීවිතය කඩාකප්පල් කිරීමේ සුපුරුදු මෙහෙයුම කට්ටිය ක්‍රියාත්මක කරනවා. අපේක්ෂාව බිල්ලක්. මළමිනී මතින් එදා සිටම තම දේශපාලනයේ පැවැත්ම ගෙන ගිය මේ අයගෙන් තම දරුවන් රැක ගැනීම සියලු දෙමව්පියන්ගේ වග කීමක්. (නදී)
ලංකා තිලක්, ලලිත්, විමුක්ති ..සිංහ ..ගොඩක් ස්තුතියි යතාර්ථය දැක්කට. මට මේ අත්දැකීම තියෙනවා හොදින්ම දන්නවා අන්තරේ කෙරුවාවල්. (නදී)
ලංකා තිලක්, සහතික ඇත්ත. ඡන්දෙත් ළඟ නිසා කට්ටිය සෑහෙන උත්සායක් දරනවා බිල්ලක් හොයාගන්න. උත්සාහය නවත්වන එකක් නැහැ. (නි)
ඉහත අදහස් දමපු අය මම හිතන්නේ ලංකාවේ විශ්ව විද්‍යාලවල තීන්ත ගාන්න විතරයි සුදුසු. (නදී)
ජේ.වී.පී අය නිදහස් අධයාපනය නැතිවෙනතුරු ඔය විනාශකාරී දේ වලට ළමයි පොලඹවාවි. .එතකොට විප්ලවය කරන්න ලෙහෙසියි නුගතුන් සමග. (නදී)