IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


පාර්ලිමේන්තුවෙන් ජෑම් පන්නන වැඩේ ජෑම් වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජෑම් බෝතලයක් සහ ටින්කිරි අඩංගු බෝතලයක් පාර්ලිමේන්තුවෙන් පිට කිරිමට උත්සහ දැරූ බව පැවසෙන එහි අරක්කැමියෙක් පාර්ලිමේන්තු පොලීසියේ නිලධාරීන් විසින් අද (4) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකාර අරක්කැමියා සිය රැකියාව නිමවා  යමින් සිටියදී පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුමේ පොලිස් නිලධාරීන් ඔහු ගමන් ගත්  යතුරුපැදිය නවතා  එහි එල්ලා  ගෙන යමින් තිබූ බෑගය පරික්ෂා කර ඇති අවස්ථාවේදී මෙම ජෑම් බෝතලය සහ ටින් කිරි බෝතලය සොයාගන්නා  ලදැයි පොලිසිය පවසයි.

ජෑම් බෝතලය සහ ටින් කිරි බෝතලය පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙයින් සොරකම් කර ගෙන ඇතැයි දැනට කරන ලද පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවී ඇත.

සැකකරුවැඩිදුර විමර්ශන සඳහා වැලිකඩ පොලීසියට බාරදී ඇත.

පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙහි ආහාර ද්‍රව්‍ය පිට කළ සේවකයෝ රැසක් මීට පෙරද පාර්ලිමේන්තු පොලීසිය විසින්  අත්අඩංගුවට ගනු ලැබූහ.

සිද්ධිය පිළිබඳව වැලිකඩ පොලීසියේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.



අදහස් (12)

පාර්ලිමේන්තුවෙන් ජෑම් පන්නන වැඩේ ජෑම් වෙයි

කරුප්පුඅයියා Friday, 04 August 2023 07:29 PM

සිංහල මුනියා යනයන තැන හොරකම් කරනවා අප්පා. ඔවුන්ට හරියන්නේ නැත්තේ යේක තමයි...

:       6       30

කරුප්පුඅයියා Saturday, 05 August 2023 12:54 AM

පල් හොරු ඩිස්ලයික් දාලා නේද මාත්තිය? හොරාට හොරා සපෝට් මාත්තිය.

:       0       0

ගමේ එකාලා Friday, 04 August 2023 07:31 PM

පාර්ලිමේන්තුවේ ඉන්නේ වැඩිපුරම රටම හොරාකාලා කාබාසිනියා කරපු දූෂිත දේශපාලුවන් නිසා පොඩි දෙයක් හොරකම් කෙරුවා කියලා අවුලක් වෙන එකක් නැහැ කියලා හිතන්න ඇති. හාල්මැස්සන්, කූනිස්සන් තමා දැළට අහුවෙන්නේ... තෝරු, මෝරු නිකම්ම ලිස්සලා යනවා...

:       3       46

Bamunuarachchi Saturday, 05 August 2023 11:02 AM

එහෙම හිතන්නේ කොහොමද ගොයියෝ? මීට කලින් බඩු පන්නපු එවුන් පොලිසියෙන් අල්ලපු බව දැන දැන...!

:       0       1

සිල්වා Friday, 04 August 2023 07:46 PM

ඔය විදියටම පාර්ලිමේන්තුවෙන් මහජන මුදල් පන්නන වැඩෙත් ඇල්ලුවා නම් ඔබතුමන්ලාගෙත් අපේත් දරුවන්ට හොඳ රටක් හැදෙයි

:       0       0

Nimal Friday, 04 August 2023 07:51 PM

හොරකම පෙිඩි වැඩියි. කෝටියක් වගේ හොරකම් කළා නම්, අදාළ පුද්ගලයාට බෙදලා, බෙදලා දීලා, ගෙදරත් කොටසක් ගෙනියන්න තිබ්බා.

:       0       0

Roshan Friday, 04 August 2023 08:31 PM

ඔතන කොහොමත් ඉන්නේ පට්ට කම්බ හොරු ...

:       2       31

Piyal weerasinghe Friday, 04 August 2023 09:06 PM

ඕතැන ඉන්න ඔක්කොම අය ලයිසන් හොරු. පොඩි එකෙක් හොරකම් කෙරුවොත් මහා ගහටම අරිනවා.

:       0       0

Nadadawa withanage sisira kumara Saturday, 05 August 2023 06:38 AM

ලොක්කගෙ ඉඳල හොරු අහුවෙන්නෙ පොඩි එවුන්.

:       0       0

Gamini Saturday, 05 August 2023 09:24 AM

කොමිටියක් පත්කරමු

:       0       0

චන්දිම ෆොන්සේකා Saturday, 05 August 2023 12:54 PM

ඒ මනුස්සයාගේ ගෙදර පොඩි එවුන් ඉන්නවා ඇති. සමහර විට නැති බැරිකමට ගෙනිච්චා වෙන්නත් ඇති. ඔන්න මිනිහා හැමදාම ගෙනියලා නම් තමයි වැරැදි. දඬුවමට කලින් එයාගේ ගෙදර තත්වේ හොයලා බලන්න ඕනෑ.

:       2       4

Rata Perata Saturday, 05 August 2023 01:19 PM

රටේ මහබැංකුව කඩන්න අනුබල දීලා, ඒකේ චූදිතයින් බේරාගන්න පාර්ලිමේන්තුවේ කෑ ගහපු කෙනෙක් නායකයා වෙලා ඉන්න රටක මේවා මොන කතාද?

:       4       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග ඇමෙරිකන් විද්‍යාඥයන්ට
2024 ඔක්තෝබර් මස 15 12 0

2024 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම


නාසා යානය රහස් සොයන්න යයි
2024 ඔක්තෝබර් මස 15 31 0

අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය.


අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන යළි සලකා බලනවා
2024 ඔක්තෝබර් මස 14 590 0

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය


තෙල්දෙණිය පොලිසිය වෙනුවෙන් නීතිපති පෙනී නොසිටි
2024 ඔක්තෝබර් මස 14 666 0

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්


උපාධි දියණිය උඩුමහලින් වැටී මරුට
2024 ඔක්තෝබර් මස 14 1397 0

අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.


විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 2637 2

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 414 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 455 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1419 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site