නොවැම්බර් 01 වැනිදා මළගිය ඇත්තන් සිහිපත් කරන ප‍්‍රංශයේ විශේෂිත නිවාඩු දිනයකි.
මුළු ප‍්‍රංශයේම ඇති සුසාන භූමි විවිධ මල් මිටි වලින් එදිනට වර්ණවත් වෙයි. සුසාන භූමියට මල් යායක සිරි ගනී.
එදිනට පැරීසියේදි මියගිය ශ්‍රී ලාංකිකයන් සිහිපත් කර පවත්වන විශේෂ පිංකම 25 වැනි වරටත් සිකුරාදා පැරිසියේ කලාප අංක 20 හී පිහිටි අංක 124 රූ බැනියොලේ ශාලාවේදි උදේ 10 ට ආරම්භවේ. පැරීසියේ ජීවත් වෙමින් මියගිය සියල්ලන්ගේ ඡායාරූප ඉදිරියේ පහනක් දල්වා අනුස්මරණය කොට ආගමානුකූලව ඔවුන්ට පිං පමුණුවා දන්සැලක්ද ඉන් අනතුරුව පැරීසියේ විසිරී සිටින යාචකයන්ට කෑම පාර්සල් බෙදා දීමෙන් පසු පිංකමේ කටයුතු අවසන්වේ.
වසර 25ක් මුළුල්ලේ මෙම පිංකමට පෙරමුණ ගත් පැරීසියේ ශ්‍රී ලාංකිකයන්ගේ ක‍්‍රිස්තියානි එකමුතුව හා ඊට අනුබද්ධිත උස්කා ක‍්‍රිකට් ක‍්‍රීඩා සමාජය ඉහත පිංකම සංවිධානය කරන අතර මෙම මහඟු පිංකමට සහභාගි වන ලෙස එහි ප‍්‍රධාන සංවිධායක ශාකි ජයවර්ධන මහතා සියලූ දෙනාට ඇරයුම් කරන්නේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටෙත් මිනි පිට්ටනි මේ වගේ හදමු. ඉතා ලස්සනයි.(දිල්)
මළගිය ඇත්තන්ට කරන ගෞරවයක්, (නි)
ස්තූතියි ලංකාදීප! (නි)
බලන්න මොනතරම් ලස්සනද කියලා, පිරිසිදුකමත් ඒ වගේමයිනේ.මියගිය සැමට පින් අනුමෝදන් වෙත්වා! (නි)
අපේ රටේ මිනි පිට්ටනි ලස්සනට හදලා වැඩක් නැහැ. ඒවායේ වළලන මින්සුන්ව මැරෙන්න පෙර ලස්සන හදවත් ඇති හොද නිහතමානි අවංක මිනිසුන් කරමු (නි)
මියැදුනු අයට පින් පෑමිණවීමට පින් වෑඩ කිරීම ඉතාම අගනා දෙයක්. ඒත් සැරසිලි කිරීමට මෙතරම් වියදම් කිරීම හරිම අපරාධයක්. (නි)
මෙය සංවිධානය කරන මහතා කරන්නේ ප්‍රංශයේ මියගිය ශ්‍රී ලාංකිකයින් මතක් කර කරන යම් දානමය පින්කමකි. නමුත් මෙයට වියදම් වන මුදල් එකතු කර එමගින් ලංකාවේ නැති බැරි පවුල කීපයකට බෙදා දුන්නා නම් එය මීට වඩා මහඟු පින්කමක් නොවන්නේද? (නි)
පිටිගල, ඔයාගේ ලිපිනයත් එවන්න. අපි ඔයාටත් කෑම පාර්සලයක් එවන්නම්. (නි)
ලංකාවේ මිනිස්සුන්ට පරිසරය ලස්සනට තියාගෙන පුරුද්දක් නැහැ.කුණුගොඩේම ඉඳලා තමා පුරුදු.ලංකාව මේ වගේ ලස්සනට තියාගන්න නම් වෙන රටකින් මිනිස්සු ගෙනවිල්ලා දාන්න වෙයි (නි)
නන්ද පැරිස් ,පිටිගල මහත්මයගේ අදහස මා කිහිප වරක්ම කියෙවුවා. ඒ මහතා නන්දලාගේ සංවිධානයට කිසිම දොසක් කියලා නැහැ,පුංචි අදහසක් දීලා විතරයි.ටිකක් හිතලා බලන්න එහි වරදක් තිබෙනවද කියලා. (නි)
පිටිගල මහත්තයෝ මේකත් තේරුම් ගන්න. හුඟක් විදේශ ගත උනාම ලංකාව අමතක කරනවා. ඒ උනාට ඒ ගොල්ලන්ට එම රටවල පිලිගැනිමකුත් නැහැ. (ස)
මිය ගිය අය සිහිකර කරන කළගුණ සැලකීම අගනා පින්කමක්... නැති බැරි අයට දන් දීම තව පින්කමක්..තම කැමැත්තේ හැටියට සත් බවින් හොඳ වැඩ කිරීම ගැන අපෙනුත් සුබ පැතුම්..විවේචන විරේක බෙහෙත් අනවශ්‍ය දෙයකි.. (ස)
පිටිගලට මිලානොට බත් පාර්සලයක් යැවීමට අපි කටයුතු කරමු. (නි)
කෙසේවෙතත් මෙය ඉතාමත් යහපත් දෙයක් පිටිගල මහත්තයා. අපි ලංකාවෙදී අසරණ අයට තමයි දානය දෙන්නෙ. (නි)