ඔක්තෝබර දෙවැනිදාට පෙර උසස් පෙළ ඇගයීම් කරන ගුරුවරුනට අත්තිකාරම් නොගෙව්වොත් තුන් වැනි දා සිට ඇගයීම් කටයුතුවලින් ඉවත් වන බව ලංකා ගුරු සංගමය කියයි.
උසස් පෙළ ඇගයීම් කටයුතු ආරම්භවීමෙන් දින පහක් ඇතුළත ඇගයීම් කටයුතුවල නිරත වන ගුරුවරුන්ට රුපියල් 5000 ක අත්තිකාරම් ගෙවිය වුවත් තෙවෙනි අදියරේ ඇගයීම් කටයුතු ඇරඹී දින හතකට වැඩි කාලයක් ගත වී තිබියදීත් ඇගයීම් කටයුතුවල නිරත අත්තිකාරම් මුදල ලබාදී නැති බව ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
මේ නිසා දිවයිනේ ඈත ප්‍රදේශවල සිට ඇගයීම් සදහා ගොස් සිටින ගුරුවරු දැඩි අපහසුතාවකට පත්වී ඇති බව ච, ඇගයීම් කටයුතු කිරීමේදී නිදහස් මානසිකවයක් අවශ්‍ය වටපිටාවක මේ ආකාරයෙන් කටයුතු සිදුවීම බරපතල තත්වයක් බව ද කියන ස්ටාලින් මහතා අද පස්වරු කොළඹ නාලන්දා විද්‍යාලයයේ ඇගයීම් කටයුතුවල නිරත ගුරුවරුන් පිරිසක් ඇගයීම්වලින් ඉවත්ව විරෝධතාවක් පැවැත්වූ බවද කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩවර්ජන කරලා ඇතිවෙලා ද? (නි)
උසස් පෙළ ළමයින්ගේ විබාග ප්‍රතිපල ඇපේට අරන් ළමයින්ගේ අයතිවාසිකම් මෙන්ම ගුරු කමේ ගෞරවයත් සදාචාරයත් අමු අමුවේ කෙලසන මේ ස්ටර්ලින් ප්‍රමුක ගුරු සංගම් නඩේ මාධයට ප්‍රකාශයක් කරලා විරෝදය දක්වල පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිපල ළමා දිනේදී දීල ළමයින්ව අඩවල කියල. ස්ටර්ලින් ගොය්ය හිතන් ඇති මේ රටේ ඉන්නේ මී හරක් කියල...මෙයාට නමනම් දාපු එකා හරියටම ගැලපෙන්න දාල තියෙනවා ලෝක ඉතිහාසේ ගැන හොදට හොයල බලලම ...(දී)
බන්දුල පෙරේරා මහත්මයා රට ජාතිය ගැන හිතලා අදහස් දාන බව පේනවා (නි)
ගුරුවරුන්ට අතිකාල නැත. බටා නැත. සතිගණනක් පිට නවතින්න මුදල් වුවමනායි (නි)
ගොන් බන්දුල පෙරේරා ඕන එකකට හොඳට අල්ලනවා නේද? පෙරේරලටත් අවනම්බුවක් මේ වගේ උන්. (ස)
අධ්‍යාපනයේ හැම දෙයක්ම පුද්ගලික අංශයෙන් කරනවා වගේ විභාග පැවැත්වීමත් පුද්ගලික කරණය කොලොත් ඒ වැඩේ වඩාත් කාර්යක්ෂමව සිද්ධ වෙයි. (ස)
අසාධාරණය කොහොමටත් ගුරු බවතුනි ඔබ තුමනන්ලා කරන ඔය ව්‍යාපාරයෙන් දුක් විදින්නේ අසරණ දුප්පත් ශිෂ්‍ය දරු පරම්පරාව නේද . කාලයකට ඉහතදී විශ්ව විද්‍යාල ආචාර්යවරයන් මෙවැනි අන්දමට කියලා උපාධි ලබාගන්න ඉන්න දරුවන්ව පස්සට දැම්මා. ඔබතුමාලගේ කල මෙවැනි දේවල් අපේ උත්තම ගුරු බවතුන් ඔයාලා ඔය තත්වයේ ඉන්නවද. කල්පනා කරන්න හදවතට අත තියලා. සමහර දෙමව්පියන් තමන්ගේ දරුවන්ට උගන්නලා සමාජයේ අතනොපා ජීවත් කරන්න ජීවන යුද්දයක් කරනවද. මෙවැනි දේවලින් ඇතැම් දරුවන් නොමඟ ගිහිල්ලා අයාලේ යනවා. මේවා වලට ඔබලා හෝ කිසිම කෙනෙක් වග කියනවද. (ස)
සදුනි හරි ආයතන සංග්‍රහය අනුව මුදල් දුස්කරතා ඉදිරිපත්කිරීම විනය විරෝදී ක්‍රියාවක් (නදී)
අපි දෙවන වටය ඉවර කළා ඔහොම ගෙවීමක් තියෙනවද කියලවත් බලන්නේ නැතුව. වහපු පාසල් ඉක්මනට ඇරගන්න තියෙනවා. දෙපැත්තම සාධාරණය ඉෂ්ට කරගන්න වැඩ අනාගන්නේ නැතුව (නි)
ගුරුවරුන් ඔවුන්ගේ ගෞරවය ඔවුන් විසින්ම නැතිකර ගන්න තැනට ඔවුන්ව ඇද දමන පාලකයනි සහ ඔවුන්ට ඡන්දය දෙන හරකුනි, මේ රට කන්නේ නුඹලායි!! (නි)
අනිවාර්යයෙන්ම ගෙවනවා කියලා කිව්ව නිසයි ඇහුවේ. මේ වගේ දේශප්‍රේමි ජනතාවක් ඉන්නකම් අපේ රට පෙරටම යනවා (නි)
ගුරුකම ඉස්සරහට දාගත්තම කන්න ජීවත් වෙන්න පුලුවන්ද? මේ රට ගැන හිතන්න ඕන ගුරුවරු විතරද? . කොහොමත් දැන් අපේ රටගැන කතාකරන්න දෙයක් නැහැ. (නදී)
විභාග රාජකාරි දීමනා අනිවාර්යයෙන් ගෙවනවා.පොඩ්ඩක් ප්‍රමාද වුනා කියලා සල්ලිම ඉස්සරහට දාලා කෑගහන එක ගැළපෙනවද ගුරුකමට? (නි)
ගුරු සංගමයේ සත්ව කරුණාවන් ගැන කට්ටියට පැහැදිලි නැත්නම් දැන්වත් පැහැදිලි කරගන්න.සිසුන්ගේ විබාග ඇපයට තියලා තමන්ගේ වෘත්තීය හා දේශපාලනික අවශ්‍යතා ඉටුකරගන්න හදන අයම තමයි වාර විබාගයක ප්‍රශ්නයක් වැරදුනත් රෙදි ගලවාගෙන දගලන්නේ.. (නි)
ඔය විභාගය ලියු සහ ඉදිරියේදී විභාග වලට ලියන්න ඉන්න දරුවන්ට මොනවා හිතෙනවා ඇත්ද මේවා දැක්කම (නි)
මේවට ගුරුවරු ටිකදෙනෙක් බලෙන්ම සම්බන්ධ කරගන්නේ යම් යම් බලවේග විසින්.බොහෝ ගුරුබවතුන් අත්තිකාරම් ඉල්ලා විරෝධතා පලනොකර මේ ජාතික වගකීම සතුටින් ඉටුකරනවා.වසර ගණනක් විභාග රාජකාරි කළ මගේ අත්දැකීමක් ඒ. (නි)
මේ රට කන්නේ මෝඩ ඡන්දදායකයන් (නි)
ඔන්න ඔහේ ඕකත් දීලා දාන්න කේවල් නොකර (නි)