IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


පැරිෂුටයෙන් දස්කම් පෑ විශ්‍රාමික මේජර්වරිය සසුන්ගත වේ

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර්වරියක වන මනිෂා ඉන්දීවරී වික්‍රමසිංහ මෙනවිය මොනරාගල, වැල්ලවාය බුලුගල ආරණ්‍ය සේනාසනයේදී කරන්දෙණියේ, ධම්ම නිරෝධා යන නමින් හෙට (27) වෙනිදා උදෑසන 9.00 යෙදී ඇති සුබ මොහොතින් සසුන් ගතවීමට නියමිතය.

වැල්ලවාය, බුලුගල ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘ රතුපස්කැටියේ විමුක්ති රත්න ගලඋඩ හේනේ විශුද්ධි රතන සහ බද්දේගම ජිනසාර යන හිමිවරුන්ගේ උපාධ්‍යාත්වයෙන් යුතුව මනීෂා මෙනවිය සසුන්ගත වීමට නියමිතව ඇත.

මේ වන විට තිස් පස් හැවිරිදි වියේ පසුවන කාංචනා මෙනවිය ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි නිදහස් ආර පැරිෂුට් පැනීමේ ප්‍රථම කාන්තා නිලධාරිනිය ද වූවාය.

යුද හමුදාවේ රාජකාරි කරන සමයේ විවිධ අවස්ථාවලදී ඉහළ අහසේ සිට වාර හාරසිය අනූවක් පැරිෂුට් ආධාරයෙන් බිමට පැන ඇති බව විශ්‍රාමික මේජර් මනීෂා මෙනවිය ලංකාදීපයට පැවසුවාය.

එංගලන්තය, ජර්මනිය සහ දෝහකටාර්වල පැවති ලෝක පැරිසුට් තරග වලට සහභාගි වී ඉහළ අහසේ සිට බිමට පැන දස්කම් දක්වා ඇය ශ්‍රී ලංකා මාතාවට ගෞරවයක් හා අභිමානයක් ලබාදී ඇති නිලධාරිනියක ද වන්නීය.

 



අදහස් (16)

පැරිෂුටයෙන් දස්කම් පෑ විශ්‍රාමික මේජර්වරිය සසුන්ගත වේ

මැක්ස් Wednesday, 26 July 2023 10:29 PM

සාදු සාදු!! විශිෂ්ටයි සොයුරිය

:       5       46

කිරිපුකා Wednesday, 26 July 2023 11:35 PM

ජීවිතේ සත්‍ය තේරුම් ගත් මෙතුමියට භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී සද්ධර්මය අභිමුව සසර කෙටිකර ගැනීමට හැකිවේවා !

:       5       58

C.K.Lankaputhra Thursday, 27 July 2023 07:51 AM

සාදු..සාදු..සාදු.

:       3       37

පැරකුම් Thursday, 27 July 2023 08:11 AM

පෙර පින්ඇති පුණ්‍යවන්තියක් බව දකින්නට ඇත…!

:       2       42

උපාසක Thursday, 27 July 2023 03:37 PM

පැරකුම් කියනවා වගේ පෙර පිං ඇත්තියක් බව ඉතාමත් හොදින්ම පැහැදිලියි ඇත්තටම මට තියෙන ප්‍රශ්නය කාන්තාවක් ආරන්‍යයක භික්ෂුන් වහන්සේසේලා යටතේ පැවිදිබව ලබන්නේ කොහොමද කියලා තමයි නොතේරුම් කමට ඇහුවෙ ශ්‍රද්ධාවෙන් පහදා දෙන්න

:       0       7

ප්‍රසන්න දිසානායක Saturday, 29 July 2023 10:44 AM

මම හරියටම මේ ගැන දන්නේ නෑ.. මම හිතන්නේ ඔය ආරන්‍යවල භික්ෂුණී අයට වෙනම තැනක භාවනා කරන්න තැන් තියෙනවා. සමහරවිට 3 km වගේ දුරින් තියෙන්නේ ..එහෙම දෙයක් මම හිතෙන්නේ...

:       0       1

අනුර මාරසිංහ Thursday, 27 July 2023 04:19 PM

ඒ උතුම් වූ ධර්මාවබෝධය ලැබේවා...! භික්ෂුණී සසුන බැබළේවා.. නොනිමි රාග දෝස මෝහයෙන් පෙළී , තැවී මං මුලාවූ පුහුදුනන් ගෙන් මිදුනු බුදු දියණියනි ඔබට තෙරුවන් සරණ වේවා..! නමෝ බුද්ධාය ...

:       3       7

Deepika... Thursday, 27 July 2023 08:06 PM

බුදු සරණයි .හොඳම සිතුවිල්ලක් නැගණියනි

:       1       8

Jayawardena Liyanage Thursday, 27 July 2023 08:31 PM

අහසින් වඩින්න ලේසි වේවි

:       10       4

Anura pereraFriday, 28 July 2023 12:31 PM

විහිළුවට ගන්න එපා...!

:       4       4

P. Ratnayake Thursday, 27 July 2023 08:47 PM

එපා

:       1       1

kaveesh j fernandoz Friday, 28 July 2023 09:05 AM

අද වැනි කාලයක මෙවන් පිංබර පුවත් අහන්නට, දකින්නට ලැබීමත් භාග්‍යයක්..ඔබ සොයනා නිවන් මාර්ගය බොහෝ දුර නොවේවා..තෙරුවන් සරණයි පිංවත් සොයුරිය/මෙහෙණින් වහන්ස..

:       1       18

මංගලිකා Saturday, 29 July 2023 03:48 PM

ජීවිතයේ යථාර්ථය තේරුම් ගත් සහෝදරියක්. මෙහෙනින් වහන්ස, සසර ගමන කෙටි කරගෙන උතුම් නිර්වානය අවබෝධයම වේවා...!

:       1       4

Samantha Sunday, 30 July 2023 02:58 PM

දැනට වර්ෂ දහසකට පමණ පෙර භික්ෂුණී ශාසනය ලෝකයෙන් අතුරුදහන් වූවා. භික්ෂුණියක් මහණ කරන්නට ධර්ම විනය අනුකූලව උපසම්පදා භික්ෂුණීන් වහන්සේලා 4 නමක් අවශ්‍යයි.

:       1       5

Samantha Sunday, 30 July 2023 02:58 PM

දැනට වර්ෂ දහසකට පමණ පෙර භික්ෂුනී ශාසනය ලෝකයෙන් අතුරුදහන් වූවා. භික්ෂුණියක් මහණ කරන්නට ධර්ම, විනය අනුකූලව උපසම්පදා භික්ෂුණීන් වහන්සේලා 4 නමක් අවශ්‍යයි. නමුත් ගැහැණු අයට තමන්ට තනිවම ඍෂි ප්‍රවෘජාවෙන් පැවිදි වීම කළ හැකියි. සිල් මෑණිවරු කියන්නේ එබඳු අයට...!

:       1       6

සෙනෙවිරත්න Thursday, 10 August 2023 08:06 PM

මානසික වෛද්‍යවරයෙක් හමුවෙලා ප්‍රතිකාරයක් ගත්තා නම් ඔය අදහස වෙනස් වෙන්න තිබුණා. සියල්ල එපාවීම රෝගයක්... ඇත්තටම තරුණ වයසට මෙහෙම හිතෙන්නේ නැහැ... සාමාන්‍ය කෙනෙකුට.. හැබැයි ආගමික අන්ධයන්ට මම කියපු දෙය අපාගත වන පවක් වෙයි. තමන් බලාපොරොත්තු තබාගත් දියණියක් මෙහෙම කළොත් මෙතන සාදුකාර දෙන කී දෙනෙකුට හිත හදාගන්න හැකි වෙයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නඩු භාණ්ඩ භාරකරුගේ දුරකථන - බැංකු වාර්ථා කැඳවයි
2024 ඔක්තෝබර් මස 15 14 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත නඩු භ


වැස්ස ක්‍රමයෙන් අඩු වෙයි
2024 ඔක්තෝබර් මස 15 226 0

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය අද (15) දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


නිදහස් උළෙල සංවිධානයට මෙහෙයුම් කමිටුවක්
2024 ඔක්තෝබර් මස 15 860 0

77 වන නිදහස් දින සමරු උත්සවය සංවිධාන කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


IMF වැඩපිළිවෙල නිසා සුබ වාදී වෙමු
2024 ඔක්තෝබර් මස 15 123 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රනිල්ගේ ආණ්ඩුව එකඟ කරගත් ක්‍රියාදාමය වත්මන් ආණ්ඩුව එලෙසම පවත්වාගෙන යෑම යනු රනිල්ගේ ප්‍රතිපත්ති මාලාව තවදුරටත් ලංකාව


ඩෙංගු හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 15 65 0

පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.


මාලු මිල ඉහළට
2024 ඔක්තෝබර් මස 15 1238 0

වෙළඳපොළේ මාලු මිල ගණන් යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 472 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 463 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1456 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site