IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පැරිස් තානාපති සේවයේ වැඩ මෙහෙමයි

ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුනාරත්න හඟවත්ත පැරීසියේ ශ්‍රී ලාංකික සංවිධාන හා විවිධ ක‍්‍රියාධරයන් රැස්කොට රැස්වීමක් පවත්වා; තානාපති කාර්යාලය හා මහජනයා අතර සිදුවෙන දෛනික කටයුතු විධිමත් ලෙස පිළිසකර පවත්වාගෙන යෑමටපියවර ගත්තේය.

ඒ සදහා වැඩ පිළිවෙළක්ද ඔහු විසින් සභා ගත කැරිණි. කාර්යක්ෂමව වැඩ කටයුතු කිරීමට සුදුසු ඉඩ පහසුකම් ඇති නව තානාපති ගොඩනැගිල්ලක අවශ්‍යයතාවය හා ඒ සදහා සුදුසු ගොඩනැගිල්ලක ඇති වටිනාකමද එතුමා පැහැදිලි කළේය.

මේ වනතුරු එවැනි ගොඩනැගිලි වෙනසක් සිදු නොවුනද; මහජන කටයුතු ප‍්‍රමාදයක් ඇති නොවන ලෙසට සිදුකර දීමට සුදුසු කාල සටහනක් මහජන දැන ගැනීම පිණිස තානාපති කාර්යාලය විසින් පසුගියදා එළි දැක්විණි.

මහජන කටයුතු සිදුකර දෙන වේලාවන් පහත දැක්වෙන ලෙස වෙනස්වී ඇති බව ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

තානාපති කාර්යාලයයේ නව කාල සටහන පහත දැක්වේ.

 

 

 



අදහස් (0)

පැරිස් තානාපති සේවයේ වැඩ මෙහෙමයි

ඇන්ටක් Sunday, 15 September 2013 08:51 PM

අනේ රෝමේත් මේ විදියට කාර්යක්ෂමව වැඩ කරනවානම් අපි හරි වාසනාවන්තයි නේද?(නදී)

:       0       0

දිසානායක Sunday, 15 September 2013 09:29 PM

සුනිල් මහත්තයෝ, සෞදි තානාපති කර්යාලෙට හැමදාම පත් කලේ දේසපාලන අතකොලු නේද?  ඒ නිලදාරීන් හරිම අසත්පුරුෂයි. ඒකේ වෙනස ඒකයි. ඒ නිසා උත්සහ කළාට වැඩක් වෙන්නේ නැහැ.(නදී)

:       0       0

කුමාරිහාමි Sunday, 15 September 2013 10:13 PM

මහාචාර්ය කරුනාරත්න හඟවත්ත මහතා හිටපු කඩවසම් සිනමා නළුවෙකි. ආශා දෑසින්, තිලක් හා තිලකා ඔහු රගපෑ චිත්‍රපටයි. ඔහු මාළනී පොන්සේකා මන්ත්‍රී තුමියගේ නංගිගේ සැමියාය. මොන රටට වුනත් තානාපතිවරු පත්කරන්නේ දේශපාලන හිතවත් කම් මැදයි. වැදගත් වන්න් එම තනතුරේ වැඩ ඉතා හොදින් අවංකව කිරීමයි. ඉතාලියේ හිටපු හේමන්ත වර්ණකුලසූරිය මහතා හරියට වැඩ කළ බව ඉතාලියේ පදිංචිකරුවෝ කියති. හැම රටටම යැවිය යුත්තේ මෙවැනි තානාපතිවරුවය.(නදී)

:       0       0

අෂේන් Sunday, 15 September 2013 03:19 PM

පමා වී හෝ මෙවැනි වැඩපිළිවෙලක් සකස් කිරීම අගය කල යුතුයි. නමුත් වඩා වැදගත් වෙන්නේ මෙම දැන්වීමට අනුව කාර්යක්ෂමව සහ වඩාත් පහසු අන්දමට ජනතාවට සේවාවන් සැපයීමයි.(නදී)

:       0       0

සේපාල Sunday, 15 September 2013 04:17 PM

තානාපති සේවාව ගැන අපි කතා නොකර ඉමුද (දී)

:       0       0

සේරම්-කින්ග්ස්බුරි ලන්ඩන් Sunday, 15 September 2013 11:26 PM

ලන්ඩනයටත් ඕනෑ මේ වගේ වුවමනාවෙන් අවංකවම වැඩ කරන්න පුළුවන් කෙනෙක්. මේ වගේ රටට ආදරේ කරන කෙනෙක් ගෙන්න ගන්න පුලුවන්ද? (නි)

:       0       0

මංජු Sunday, 15 September 2013 04:34 PM

වටින වැඩක්නේ මහත්තයෝ (දී)

:       0       0

කමල් Sunday, 15 September 2013 05:04 PM

පැරිස් කාර්යාලය ගැන නම් දන්නේ නැහැ, මේක හොද වැඩක් වාගේ පෙනෙනවා. සමහර තානාපති කාර්යාල වල නිලධාරීන් ඇවිත් ඉන්නේ වැඩ කරන්නද නැත්නම් තමන්ගේ වැඩ කරගන්නද කියලත් හිතෙනවා, මේ ගැන හොයා බලන්න කවුරුත් නැහැ නේද? දේශපාලන බලයෙන් එන අය කොහොමත් ඔහොමයි බේරගන්න අය ඉන්න නිසා බය නැහැ. නිසි විභාග වලින් සුදුසුකම් අනුව පත් කරන්නේ නම් හොදයි නේද?(නදී)

:       0       0

ලලිත් රණවක පැරිසිය Monday, 16 September 2013 12:48 AM

කුමාරිහාමි නංගී, තානාපතිතුමා හොඳ වෙන්න පුළුවන්. නමුත් අන්තවාදියෝ තමයි ඔය ආයතන කුණු කරන්නේ. (නි)

:       0       0

බිමල් Monday, 16 September 2013 01:02 AM

සෞදියේ තානාපති කාර්යාලයෙන් සංගම් තහනම් කරලා නැහැ. සෞදි රජයෙන් තමයි සියළුම සංගම් තහනම් කරලා තියෙන්නේ.අපේ තානාපති කාර්යාල අදාල රටේ නීතියට ගරු කරන්න වෙනවා (නි)

:       0       0

රත්න Monday, 16 September 2013 01:10 AM

මෙතුමාට එඩිතරව යහපත් සේවයක් කරන්න ,කාර්‍යාල සේවයේ නියුතු සැමගේ සහයෝගය දියයුතුය. (නි)

:       0       0

සේරම් පැරිස් Monday, 16 September 2013 01:37 AM

මේවා අනිවාර්ය සේවයන් තානාපති කාර්යාලවලින් සිදුවන. තානාපති කාර්යාලයක් පවත්වන්නේ එයටය. නමුත් සමහර තානාපති වරුන් දේශපාලන මිතුරු කම හෝ පවුල් සම්බන්ද කමට පැමිණ මහජන මුදලින් යෙපෙමින්. මහජන මුදල් කාබාසිනියා කරති. පැමිණ දිනයේ සිට වෛද්‍ය වරුන් සොයා යමින් .දු පුතුන් රජයේ මුදලින් තිබෙන ඉහලම මුදල් ගෙවන පුද්ගලික පාසල් වලට යවති. කෙසේ හෝ අපට මෙම තානාපති තුමා අපට සේවයක් කරනා බව වැටහේ. ඔබට ඔබගේ සේවය කරගෙන යාමට ත්‍රිවිධ රත්නයේ පිහිට සහ අපගේ නොමසුරු ආදාරය ලැබෙනවා.(නදී)

:       0       0

අනුර Monday, 16 September 2013 01:56 AM

අනේ ලන්ඩනයත් තානාපති කාර්යාලයත් මේ වගේ වැඩ කරනවා නම් අපිත් වාසනාවන්තයි නේද?(නදී)

:       0       0

ප්‍රියන්ති Monday, 16 September 2013 03:28 AM

සුභ අනාගතයක්! (නි)

:       0       0

රන්ජන් Monday, 16 September 2013 03:46 AM

අපේ තානාපති සේවයට දෙයියන්ගේම පිහිටයි (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 16 September 2013 04:56 AM

රෝමෙටත් බොහොම උගත් හොඳින් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් තානාපති කෙනෙක් එවල ඉන්නවා.(නදී)

:       0       0

ධම්ම Sunday, 15 September 2013 06:13 PM

උදේ නවයට බාර දුන් ඉල්ලුම් පත්‍රයට එදාම හවස තුනට පිළිතුරු ලැබෙනවාද? නැත්නම් ලංකාවේ ආණ්ඩුවේ කන්තෝරුවල වගේ හෙට හවස එන්න කියනවාද?(නදී)

:       0       0

සුනිල් අබේරත්න Sunday, 15 September 2013 06:18 PM

ප්‍රංසයේ ශ්‍රී ලාංකික සංවිදාන සමග තානාපති සේවය එකමුතුව කටයුතු කිරීම පැසසිය යුතුයි. නමුත් සෞදි අරාබියේ තියෙන එකම සංවිදානය වන ශ්‍රී ලංකා විදේශ ගත වූවන්ගේ සංගමයට අපේ තානාපති කාර්යාලයෙන් එය පවත්වාගෙන යන්න අවශ්‍ය පහසුකම් (නීතිමය) ලබාදෙන්නේ නැහැ .අපි තවමත් උත්සහ කරනවා. එක එක නිලදාරින් පිල් වලට අදිනවා.(නදී)

:       0       0

ගාමිණී යාපා Sunday, 15 September 2013 06:23 PM

හොඳ පියවරක්. අගයකරනවා. තානාපතිවරු ඒ රටවල ජීවත්වෙන ශ්‍රී ලාංකිකයෝ එක්ක සමගියෙන් සහයෝගයෙන් සේවය කරනවා දැකීමත් සතුටක්. ඒත් අවාසනාවකට ලන්ඩනයේ නම් එහෙම නැහැ කියලයි ආරංචි. තානාපති එයාගේ හොර, බොරු අහුවෙන නිසා කාටවත් එන්නවත් දෙන්නේ නැහැලු. ඔත්තුකාරයොත් ඉන්නවලු එන යන අය බලන්න. අන්දයෝ මෝඩයෝ වගේ කඩේ යන යට විතරලු එන්න දෙන්නේ. (නදී)

:       0       0

අරුණ ද සිල්වා Monday, 16 September 2013 01:04 PM

සේරම් පැරිස් තානාපතිවරු ගැන පමණක්ම කථා කරන්න එපා, ඇයි දේශපාලන බලයෙන් පැමිණි තානාපති කාර්යාලයේ සේවකයින් කරන දේවල් කැතයි නේද? කිසිම හැගීමක් රට ගැන නැහැ නේද එහෙම අයට, ඇවිත් කරන්නෙත් මොනවාද කියලා හෙව්වොත් සුදුසුකමින් ආව නිලධාරීන්ට වෙච්ච දේවල් හොයන්නවත් බැහැ නේද? (දී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 16 September 2013 01:29 PM

ලෝකයේ දියුනුරටවල තානාපති වරුන් වශයෙන් පත්කර යවන්නේ , අඩුම තරමේ අවරුදු 10-15 විදේශ තානාපති සේවයේ පළපුරුදු දක්ෂ නිලධාරීන් , අපේ රටේ යවන්නේ දෙසපලකයන්ගේ හිතවතුන් , ඔවුන්ගෙන් එවැනි පුද්ගලයන්ගෙන් හොද සේවයක් බලාපොරොතු විය නොහැක , ඔවුන් අවංකවම මහන්සිවී වැඩ කලද තානාපති නිලධාරියකු ට අවශ්‍ය පලපුරුධ ඔවුන්ට නොමැත නිසා , වඩු බාස් ගේ කාර්යය මේසන් බාස් කෙනෙකුට කල නොහැක (දී)

:       0       0

ලලිත් රණවක පැරිසිය Monday, 16 September 2013 02:02 PM

පැරිසියේ තානාපති කාර්යාලයේ වැඩ ගැන හෙලි කලොත් උඩ බලාගෙන කෙල ගහ ගත්තා වගේ වෙනවා .අත යට මුදල් අරගෙන සේවයෙන් අස් කරපු සමහර අය නැවත ගන්න කියලා කොළඹින් නියෝග එනවා . අවුරුදු දෙක ඉවරවෙලා ලංකාවට වාර්තා කළයුතු අය දරුවෝ මල්ලො මෙහෙ ගෙන්නා ගෙන කසාද බන්දලා මෙහේ පැලපදියම් වෙන්න කටයුතු කරනවා .තව තව කතා ඕනෑ තරම් තියෙනවා . අරුණ මල්ලී පිස්සු ඩබල් වෙනවා ඒවා ලිව්වොත් .පැරිසියේ ඉන්න අපිනේ දන්නේ ඕක ඇතුලේ මොනවද වෙන්නේ කියලා . බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා . (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 988 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6107 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3412 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 290 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1482 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1595 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28507 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23598 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site