පැරීසියේ ලාකුරනව් ධම්ම චක්ක පැරිස් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පරිවේණාධිපති රාජකීය පණ්ඩිත ආචාර්ය බලන්ගොඩ සෝභිත නාහිමි, පුවක්ගහහේනේ වජිරඥාන හිමි, මාපලගම බුද්ධසිරි නාහිමි, කොළඹ සම්බුද්ධාලෝක විහාරයේ විතාරන්දෙණියේ මේධානන්ද හිමි මුරුංගාගස්යායේ ඤාණිස්සර හිමි ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පරවාහැර චන්ද්‍රරතන හිමි ඇතුළු ප්‍රංශයේ වාසය කරන ශ්‍රී ලාංකික, තායි හා වියට්නාම භික්ෂූන් වහන්සේලා මෙම පිංකම් මාලාවට සහාභාගි වූහ.
විහාරස්ථානයේ ශ්‍රී ලාංකික බෞද්ධ දායක දායිකාවන්ගේ හා කාම්බෝජ, වියට්නාම්, ලාඕස් , බංගලදේශ බෞද්ධ පිංවතුන්ගේ ප්‍රමුඛත්වයෙන් කඨින පිංකම විය. පැරිස් බෞද්ධ විහාර දහම් පාසලේ සිසු දරුවන්ගේ කඨින පෙරහරක් ද ඒ අතරට එක්වුයේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ප්‍රංශේ වැඩක් කර ගන්න ප්‍රංශ භාෂාව කතා කරන්න ඕනි අනිවාර්යෙන් ...මේ රටේ ලංකාවේ වගේ ඉංග්ලිෂ් වලට තැනක් නෑ...තමන්ගේ භාෂාව විතරයි .යුරෝපයේ හැම රටක්ම මේ වගේ තමයි, තමාගේ මව් භාෂාවෙන් පමණියි ...... (ස)
මෙතන ගොඩක් ඉන්නවා ඉරිදාට පල්ලියේත් පුජාව කරන කට්ටිය. මේක ලොකු ආගමික සහජීවනයක්. හැම ආගමකම අය මෙසේ එකමුතුව වැඩ කිරීම. මෙවැනිම දේ ලංකාවෙත් සිදුවනවා නම් ජාතිවාදය ආගම බේද අපිට තුරන් කළ හැකිය. සුවපත් වේවා ඔබ සැම (නි)
පිටිගල අයියේ මොනවද මේ කියන බොරු කතා . මෙවෙනි බොරු කීමෙන් වැලකි සිටින්න . එය ඔබටද අපටද ඉමහත් සැනසිමකි සතුටකි . බොරුවෙන් ජය ගැනීමෙන් දිනා ගන්නට කිසිවක් මෙතන නැහැ. ඔබ නැවත අපේ අයියා මුන ගැහුනොත් ඇවිත් යන්න එන්න කෑම වේලක් කාල කතා කරන්න පුළුවන් එවිට (නදී)
පිළිතුරු දුන් සැමට තුති. (නි)
ඉංග්‍රීසි භාෂාව ලෝක භාෂාවක් කීම නුගත්කමකි. ලෝකයේ පිළිගත් ජාත්‍යන්තර භාෂා හයක් තිබේ.පිටිගල, ඔබ ඉන්න රටේ භාෂාව ජාත්‍යන්තර භාෂාවට වැටෙන්නේ නැහැ. මිනිසත්කමින් ජිවත් වීමට උත්සාහ කරන්න. පිටිගල මහතාට මෙත් සුව පතමි (නි)
කලකට ඉහතදී සුනේත්‍රා දේවි පිරිවෙනේ වැඩ විසු අපේ ආනන්ද හමුදුරුවෝ , කවදත් රටට ජාතියට ආදරය කළ හිමිනමක්. චිරාත් ජයතු! අපේ ලොකු හාමුදුරුවනේ (නි)
මම සිතන්නේ පිටිගල මිලානෝ ප්‍රංශයේ වීසා ගන්න නොහැකිව මෙහෙන් පන්නපු කෙනෙක් (නි)
ඉංග්‍රිසි ලෝක භාෂාවක් වුණාට මෙහෙට වැඩක් නැහැ.මම ඉන්නේ ප්‍රංශයේ.ඔයා කොහොමද මට වඩා දන්නේ ඒවා ? (නි)
සේරම් පැරිස්, නිලුපුලි, මගලි, ප්‍රංශ රටේ රාජ්‍ය භාෂාව ප්‍රංශ වුනාට ඉංග්‍රිසි ලෝක භාෂාවක්. නමුත් ඉතාලිය ප්‍රංශය සහ ජර්මනිය වැනි රටවල ඉංග්‍රිසි බොහෝ ලෙස භාවිතා වෙනවා. ප්‍රංශේ ඉන්න සිංහල අය නම් ප්‍රංශ භාෂාව හරියට දන්නේත් නැහැ, ඉංගිරිසි දන්නෙත් නැහැ. ඒත් ප්‍රංශ කාරයෝ නම් ඉංග්‍රිසි දන්නවා. (ස)
නිලුපුලි‍්, මේ රටේ ඉංග්‍රිසි බස පාවිච්චියක් ඇත්තේම නඇහැ . සියලුම දෙනා ප්‍රංස බාෂාව කතා කල යුතුයි ඉගෙන ගත යුතුයි . යුරෝපයේ එංගලන්තයේ පමණක් ඉංග්‍රිසි බාෂාව කතා කරන්නේ. වෙනත් කිසිම රටක යුරෝපයේ ඉංග්‍රිසි බස කතා කරන්නේ නෑ . ඔබට ඉතාලි බස හෝ ප්‍රංස බස හෝ ස්පෙනිෂ් බස පුළුවන් නම් මෙහි ගොඩක් රටවල ශේප් එකේ කතා කර ගන්නට පුළුවන්. (ස)
දහම් විල ෴ "අප්පමාදෙන සම්පාදෙථ" අප්‍රමාදයෙන් නිර්වානය පිණිස කටයුතු කරගනිවු ! http://dahamvila.blogspot.com/ (ස)
බලන්න ලස්සනලු.කෝ ඉතින්,අපිට බලන්න බැහැනේ
මේ රටේ කට්ටියට ඉංග්‍රීසි භාෂාව තේරෙනවද? එහෙම නැත්නම් හම්මෝම ප්‍රංශ භාෂාව කතාකරන්න ඕනෑද? දන්නා කෙනෙක් කියන්න. (නි)
කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ට බුදු බව ලැබේවායි පතමි . මේ කරනා අවංක නිහඬ සේවාවන්ට . ඔබට තෙරුවන් සරණ සහ 33 කෝටියක් දෙවි රැකවරණ පතමි හිමියනි (නදී)
අපේ පත්මා අක්කට බොහොම පින් ලැබෙනවා . පන්සලට පල්ලියට දෙකටම සහබාගිවී කරනා වැඩ වලට (නදී)
මාගේ සිංහල ගුරු ආචාර්යෝත්තමයානන් වන පුජ්‍යපාද කොන්ගස්දෙනියේ ආනන්ද හිමිපානන් වහන්සේට චිරජීවනය ලැබේවායි ගෞරව සම්ප්‍රයුක්තව සුභාසිංසනය කරමි.(නදී)
ලස්සන සැම දේ මොහතට සුව දේ එහි කෙළවර දුක දේ.මේ වට වැඳ වැඳ නොසිට පංච සීලයේ අගය වටහා ගෙන ස්ධිර වශයෙන්ම පංච සීලය ආරක්ෂා කර සිල්වතකු වීමට අධිෂ්ඨාන කරගන්න .ධම්මෝ බවේ රක්ක්ති-ධම්ම චාරී. (ස)
සාදු..සාදු..සාදු..හඬ දසතම පැතිරේවා.! (නි)
ධම්මචක්ක විහාරාධිපති පුජ්‍ය ආනන්ද හිමියන් මෙන්ම ජේතවන විහාරාධිපති පුජ්‍ය ඥානිස්සර හිමියන්ද අද දවසේ ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා බොහෝ නමකට මෙන්ම යුරෝපාකරයට පැමිණ සිටින සමහර ( සියල්ලම නොවේ ) භික්ෂුන් වහන්සේලාටද පරමාදර්ශයක් ගත හැකි අන්දමේ ඉතාමත් සන්සුන්,ධර්මිෂ්ඨ, ගුණගරුක ප්‍රඥාවන්ත මහා තෙරුන් වහන්සේලා දෙනමක් බව අපි දන්නෙමු. උන්වහන්සේලා සිදුකරන ශාසන මෙහෙය අනුපමේය වෙයි.උන්වහන්සේලාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. (නි)
ලස්සනයි ලස්සනයි.දැන්නේ දැක්කේ ෆොටෝ (නි)
බුදු සසුන මුළුලොව බැබළේවා! සාදු සාදු සාදු! (නි)
සිල්වත්, ගුණගරුක ආනන්ද හිමියන්ට මාගේ ප්‍රණාමය! (නි)