ප්‍රංශයේ ප්‍රංශ ලංකා සංවිධානය හා ප්‍රංශයේ ශ්‍රී ලංකා සුබ සාධක සංගමය එකතුව එළිදැක්වු අසිරිමත් නත්තල් සැඳෑව පැරිසියේ දී පැවැත්වීය.
පැරිස් ධම්ම චක්ක විහාරයේ විහාරාධිපති කෝ ආනන්ද හිමි, ප්‍රංශයේ අධිකරණ සංඝ නායක මුරුංගාගස්යායේ ඥානිස්සර හිමි , පැරීසියේ සිංහල කතෝලික සභාවේ රෝයි කැලැරන්ස් උපාධ්‍ය පියතුමා, තානාපති කාර්යාලයේ දෙවැන නිලධාරිනී ස්වර්ණා පෙරේරා මහත්මිය ඇතුළු ප්‍රභූවරුන්ගේ සහභාගිත්වයෙන් නත්තල් සැදැව ආරම්භ විය. නැටුම්,ගැයුම්,වැයුම් වලින් පිරි නත්තල් සැදැව ‘ඡායා වයිබ්‍රේෂන්‘ සංගීත කණ්ඩායමේ සංගීතයෙන් වර්ණවත් වුයේය. ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන්ට උපකාර කිරීම හා වියළි කලාපයේ දුෂ්කර ගම්මානවල ආසනික් අම්ල සාන්ද්‍රනය අධික බීමට භාවිතා කරන ජලය භාවිතයෙන් වකුගඩු රෝගීන්ගේ සුබසෙත සදහා ජල පෙරන ලබා දීමට දායකවීම නත්තල් සැදැවේ අරමුණ වූ බව එහි සංවිධායකයෝ කියති.

















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඒ හාමුදුරුවෝ හිටගෙන දේශනා කරන්නේ? ඒ රටේ එහෙමද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
අයියෝ පොඩි බබාලත් ලංකාදීප කියවනවාද? මේක කියවන්න පෙර මොන්ටිසෝරි ගියානම් හරි පාලි මහත්මිය..!(නු)
හාමුදුරුවෝ හිටගෙන දේශනා කරන එක ගැන කලබල වෙන්න එපා. අපිට වැදගත් වන්නේ මෙවැනි නත්තල් උත්සවයකට ප්‍රංශයේ සිටින සියලුම ගරු සංඝරත්නයම වැඩ සිටින එක. මම ලංකාවේත් දැකලා තිබෙනවා හාමුදුරුවෝ හිටගෙන දේශනා කරනවා. ඒවාගේම හිටගෙන දේශනා කරන හාමුදුරුවෝ නොවරදවාම සැම නත්තල් උත්සවයකට සහාභගි වෙනවා. ඒ සැමවිටම හිටගෙන දේශනාකරන්නේ. මගේ හැගීමේ හැටියට නම් එය අපේ ගරු සංඝරත්නයට කරන අවමානයක් නොවේ. (නි)
පාලි, මේක නත්තල් උළෙලක්. ඔයා එච්චර කලබල වෙන්න එපා. (නි)
බුදුදහම දර්ශණයකි..!(නු)
හොද වැඩක්. සූභ පතනවා....!! (නි)
ආගමික සහජීවනය කියන දේ දකිනකොට ඉරිසියාව කියන පහත් ගතිය එළියට පනින අයට මේ වගේ දේවල් වල හොඳ නෙමෙයි පෙනෙන්නේ. නරක. මං හිතන්නේ මේකේ ගරු ස්වාමින් වහන්සේ හිටගෙන දේශනා කරන එකට, වඩා ලොකු ප්‍රශ්න තියෙනවා පාලි මහත්මිය. (නි)
වදුරාගෙ සිරිත දුටු දෙ අත ගානචා මෙන් සිංහලයාගෙ සිරිත අනුන්ගෙ වැරදි සෙවීමයි. පාලි මහත්මියත් ඵවැනි කෙනෙකි. කිතුනුවන්ගෙ නත්තල් උත්සවයට ගරු ස්වාමින් වහන්සේලාගේ පැමිණීම ඉතාමත් යහපත් දෙයකි. ඵය අවතක්සේරුවට ලක් කරන්න ඵපා. (නි)
හොද දේ අගය කළ යුතුයි.. මගේ හැගීම හාමුදුරුවො දායක වෙලා තියෙන්නේි ලාංකිකයෙක් හැටියට.. ආගම් ප්‍රශ්ණයක් කරගන්න එපා.. (නු)
මෙහේ මිනිස්සු දියුණුයි. ඉහල නිලධාරීන්ගේ සිටම හැමෝම ගතකරන්නේ සරල ජීවිත (ස)
පැරිසියේ ලාංකිකයන්ගේ හොද උත්සාහයක්. (නි)