(නිහාල් වෙත්තසිංහ)
කොළඹට පානීය ජලය සපයන ලබුගම කලටුවාව ජලාශ ආසන්නයේම තුම්මෝදර ගම පිහිටියත්, එම ජල නල දෙස සුසුම් හෙලමින් බලා සිටිමින්, රන්මුදු ඇල්ලෙන් ගලා එන අපිරිසිදු ජලය තමන්ටත්, තම පවුල්වලටත් පානය කිරීමට සිදුවී ඇතැයි, තුම්මෝදර ඉහළ ප්‍රදේශයේ පවුල් රැසක් දැඩි කිරීමකින් යුතුව කියති.
මීට වසර 40 කට පමණ ඉහත සිට උල්පත් ජලයෙන් පෝෂණයවූ රන්මුදු ඇල්ලෙන් ගලා ගිය පිරිසිදු ජලය ප්‍රදේශයේ ජනතාව පානය කළත්, මේ වනවිට එම ජල සම්පත දිනෙන් දින අපිරිසිදු වීම නිසා, ජල සම්පාදන මණ්ඩලයෙන් ලබාදෙන පිරිසිදු ජලය පානය කිරීමේ අවස්ථාව තමන්ට අහිමිවී තිබීම නිසා, තවදුරටත් එම අපරිසුදු ජලය පානය කිරීමට සිදුවී ඇතැයි ඔවුහු පවසති.
මෑතකදී තුම්මෝදර ප්‍රදේශය සංචාරක පුරවරයක් ලෙසට පත්වීමත් සමඟම, රන්මුදු ඇල්ල, කුමාරි ඇල්ල යන සුන්දර ජල පෝෂිත ඇල මාර්ග වලින් දිය නෑම සඳහා සති අන්තයේ පැමිණෙන සංචාරකයින් මෙම ජල සම්පත අපිරිසිදු කිරීමත්, ප්‍රදේශයේ ජනතාව රැල්ලෙන් පානීය ජලය ලබා ගැනීමට සවිකර ඇති ජල නල පවා සමහර පුද්ගලයින් වෙරිමතින් කඩා දමන බවත් ඔවුහු පවසති.
ප්‍රජා ජල ව්‍යාපෘතියක්වත් ක්‍රියාත්මක නොවන මෙම ප්‍රදේශයේ, එවැනි ජලනල කැඩීමක් සිදුවුවහොත්, ප්‍රදේශයේ පවුල් රැසකට පානීය ජලය හිමිවීමත්, සමගම අවට ජනතාවගෙන් මුදල් එකතු කර එම ජලනල පැය ගණනක් නඩත්තු කර ජලය ලබා ගැනීමට සිදුවී ඇති බව ඔවුහු පවසති.
මේ සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ පාදුක්ක ගලගෙදර කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී ජයන්ත සේනාරත්න මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසීය.
‘දැන් තියෙන ජල නලවල පීඩනය අඩු නිසා එම ප්‍රදේශයට ජලය ලබාදීමට අපහසුයි. පොල්වත්ත දඹෝර, තුම්මෝදර යන ප්‍රදේශවලින් ජලය ඉල්ලා ඉල්ලීම් කර තිබෙනවා. නමුත් ජල නලවල පීඩනය මදි නිසා ජලය ලබාදීම අපහසුව තිබෙනවා. මෙම ඉල්ලීම පාදුක්ක සම්බන්ධීකරණ කමිටුවට ත් යොමු කර තිබුණා. එතනදීත් මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කලා‘
දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ඇල්ල පස්සර මාර්ගයේ 17 වෙනි කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේදී මාර්ගයට තැනින් තැන විශාල ගස් රැසක් කඩා වැටීම හේතුවෙන් අද (28) දහ
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රටවල් කිහිපයක තානාපතිවරු අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත්විණි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි,
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලයට කිලෝ මිටර් 100ක් ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය
සුලිකුණාටු සහිත අධික වර්ෂාව මේ වනවිට මුලතිව් දෙසට වර්ධනය වී ඇති අතර මුලතිව් වට්ටුවාක්කල් පාලම සහිත ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු ද තාවකාලිකව නැවති
රුපියල් මිලියන දෙලක්ෂ පන් දහසක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක් අද (28) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පිරිසිදු පානීය ජලය නැති වීමෙන් තුම්මෝදර ජනයා පීඩාවට