IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ප්‍රසන්න මිණිපුර රැළියට මහ පිරිස් රැස්කරයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  අගමැති අපේක්ෂකයා ලෙස පත් කරන ලෙස බලකරමින් අද රත්නපුරයේ පැවැත්වෙන  තුන්වන ජනරැළියට බස්නාහිර පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් 190 ක්  සමග   සහභාගී වන බව  බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද අළුයම කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී පැවසුවේය.

රාජකාරී කටයුත්තක් සඳහා විදෙස්ගත වී සිට පැමිණි ප්‍රධාන අමාත්‍යවරයා ඊයේ මෙරටට පැමිණියේ   හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  අගමැති අපේක්ෂකයා ලෙස  පත් කරන ලෙස බලකරමින් රත්නපුරයේ පැවැත්වෙන  තුන්වන ජනරැළියට සහභාගී වීමේ අරමුණිනි. බස්නාහිර පළාත් සභා සහ පළාත් පාලන  ආයතන මන්ත්‍රීවරුන් 190 ක්  සමග එම රැළියට  සහභාගී වීම ඔහුගේ අරමුණ විය.

ඔහුට සහය පල කිරීම සඳහා බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන්,  ප්‍රාදේශීය සභා සහ  නගර සභා නියෝජිතයෝ රැසක්  සමග දහසකට ආසන්න ජනතාවක්  ඊයේ මධ්‍යම රාත්‍රියේ  සිට ගුවන්තොටුපලට  පැමිණ  ප්‍රභූ පර්යන්තය ඉදිරිපිට රැදී සිටියහ.

ප්‍රසන්න රණතුංග මහතා ගුවන්තොටුපල ප්‍රභූ  පර්යන්තයේදී   විශේෂ ප්‍රකාශයක්  නිකුත් කරන බව පවසා  මාධ්‍ය කැඳවා තිබු  මුත් මාධ්‍යවේදීන්ට පභූ  පර්යන්තය තහනම් විය.
ඔහුට සෙත් පිරිත් සජ්ඡායනා  කිරීම  සඳහා පැමිණි ස්වාමීන් වහන්සේලා  සහ ඔහු පිළිගැනීම සඳහා පැමිණි අමාත්‍යංශ නිලධාරීන්ටද ප්‍රභූ  පර්යන්තය  තහනම් වීම නිසා තරමක උනුසුම් කාරී තත්වයක් මතුවිය. 

මහ පිරිසක් ප්‍රභූ පර්යන්තයට ඇතුළුවන ප්‍රධාන දොරටුව ඉදිරිපස ප්‍රධාන අමාත්‍යවරයා එනතුරු රැකවල්ලා සිටි අතර ප්‍රභූ පර්යන්තයට ඇතුළුවන සහ පිටවන වාහන ගමනා ගමනයටද අවහිර  විය.

පිිරිස පාලනය කර ගැනීම සඳහා  පොලිස් නිලධාරීන් සහ ගුවන්තොටුපල ආරක්ෂක භටයෝද ඇතුලූ වීමේ දොරටුව  ඉදිරිපිට සහ තැන ස්ථාන ගත කර සිටි අයුරු  දක්නට ලැබිණි.

ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම් ප්‍රදීප් අනුර කුමාර මහතා පැවසුවේ මහා සංඝරත්නයටද, මාධ්‍ය වේදීන්ටද, පිළිගැනීමට සඳහා සීමිත පිරිසකට ප්‍රභූ  පර්යන්තයට ඇතුළු වීම සඳහා පෙර දින තමන් ලිඛිතව අවසර ඉල්ලු බවත් ඒ අනුව ඊයේ උදෑසන විට අවසර ලබා දුන් මුත් ඉහළින් ආ නියෝගයක් අනුව අවසන් මොහොතේ අනුමැතිය අවලංගු කර  ඇති බවයි.

වෙනදාට අමාත්‍යවරයාගේ රථය ඇතුළු ආරක්ෂක රථ දෙකටද (බැක් අප් රථ),   ඔහුගේ ආරක්ෂක භටයන්ට ඇතුළු පස් දෙනෙකුට හො දස දෙනෙකුට ප්‍රභූ පර්යන්තයට ඇතුළු වීමට අවසර දෙනු ලැබුවත් ඊයේ අවසර ලැබුනේ එක් රථයකට පමණක් බවද ඔහු කීවේය.

කෙසේ උවද අළුයම 1.54 ට පමණ ප්‍රසන්න රණතුංග මහතා සාමාන්‍ය මගීන්ගේ පැමිණීමේ පර්යන්තය ඔස්සේ  ගුවන්තොටුපළෙන් පිටතට පැමිණියේය.  එහි වැඩම කර සිටි මහා සංඝ රත්නය   ඔහුට ආශිර්වාද කළහ.  අනතුරුව ප්‍රධාන අමාත්‍යවරයා  මාධ්‍ය ඇමතු අතර එම අවස්ථාව ඔහුට සහය ඵලකිරීමට සහ ඔහු පිළිගැනීමට පැමිණි පිරිස්  ඉතා උද්යෝගයෙන්  ඉහළ ප්‍රථීචාර දැක්වුහ.

ප්‍රධාන අමාත්‍යවරයාට සාමාන්‍ය මගීන්ගේ පර්යන්තය ඔස්සේ පැමිණීමට සිදුවීම පිළිබඳව ඔවුහු සිය අප්‍රසාදය පල කළහ.

මාධ්‍ය ඇමතූ ප්‍රධාන අමාත්‍යවරයා මෙසේ පැවසුවේය

‘‘ජාතික ආණ්ඩුවක් කියන්නේ රටක අර්බුදකාරී තත්වයක් ඇති විට සියළු දෙනා එකතු වී ඒ අර්බුද යෙන් ගොඩ එන්න කරන  දෙයක්. අපේ රටේ යුද්ධ කාලෙදි උනත් ජාතික ආණ්ඩු පිහිටෙව්වේ  නැහැ.  අද වෙලා  තියෙන්නේ ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවය රටට තියනවද කියන ගැටලූවයි.

මේ  රටේ සියළු දේශපාලන පක්ෂ එකතු වෙලා ජාතක ආන්ඩුවක් හදන එක  හොඳයි. පහුගිය ජනාධිපතිවරණ කාලෙදි ජනාධිපතිතුමාට සහයෝගය දුන්න  දේශපාලන පක්ෂ පවා මේ  ක්‍රමය විවේචනය කරනවා මම දැක්කා.

මෙතන තියෙන්නේ දේශපාලන පක්ෂ දෙක තුනක් විතරයි. ඒ නිසා මේක ජාතික ආණ්ඩුවක් නෙමෙයි  සභාග ආණ්ඩුවක්. මෙතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති මත මේ එකතු  වීම   සිදු උනත් අපේ මොන මොන මති මතාන්තර තිබුනත් ඒ කටයුතු කරගෙන යනවා. ජනතාව තීන්දු කරාවි මෙය රටට අවශ්‍යද, නැද්ද කියා. ජනතාව ඉන්න තැන මේ වැඩපිළිවෙල සාර්ථකයි. ජනතාව නැති තැන එය අසාර්ථකයි.
 

අපිට ඡන්දය දෙන්නේ ඡන්ද දායකයෝ. ඡන්ද දායකයාගේ අවශ්‍යතාවය අනුව  කටයුතු කරන්නයි අපි ආයතන නියෝජිතයෝ හැටියට ඉන්නේ. ඡන්ද දායකයා අකමැති දේවල් අපි කරන්න, කියන්න ගියොත් ඊලග මැතිවරණයේදී ඒ කරන කියන අයට ජනතාව කුමක්ද කළ යුත්තේ කියා තීන්දු කරයි.

පහුගිය මැතිවරණයෙන් පස්සේ මම ප්‍රධාන අමාත්‍ය දුරයේ ඉදගෙන තමයි මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා කළ යුතුයි කියන මේ වැඩ පිලිවෙලට ආවේ. අපි ආව් තනතුරු අත ඇරලා. සමහර අය තනතුරු රැකගන්න, තනතුරු ආපසු ගන්න යම් යම් කටයුතු කරනවා. නමුත් පළාත් සභාවේ සහ පළාත් පාලන ආයතන නියෝජිතයෝ තනතුරුවලට වඩා තමන්ගේ හෘද සාක්ෂියට අනුව කටයුතු කරනවා.

මම රාජකාරී කටයුත්තක් සඳහායි විදේශ ගත උනේ. ඒත් සමහර අය විවිධ මත පල කළා විතරක් නෙමෙයි කාටුන් පවා ඇන්දා. සමහරු පහුගිය කාලේ ඇති උන දේශපාලන වාතාවරණය තුළ අපි පළාත් සභාවේ නායකත්වය තුළ  මේ  කටයුතු කරනවා කියා කිවා.

නමුත් දැන් පිළිඅරගෙන තියෙනවා අපි හිටියත් නැතත් පළාත් සභා මන්ත්‍රීවරු  සභාපතිවරු නැවත වතාවක් මහින්ද රාජපක්ෂව  අගමැති අපෙක්ෂකයා කළ යුතුයි කියන මතයේ සිටින බව. ඒකෙන්ම පේනවා මේකට නායකත්වය දෙන්න කව්රුත් අවශ්‍ය නැහැ  ඒ නායකත්වය ගම් මට්ටමින් අරගෙන තියෙනවා කියා. ඒක තමයි මම දැක්ක වෙනස.
නුවර තිබුන රැස්වීම මම මග ඇරියා කියා සමහර ඇමතිවරු දෝෂාරෝපනය කර තිබුනා. ඒවායින් මම සැලෙන්නේ නැහැ නමුත් ජනතාවගේ බලාපොරොත්තුව, ජනතාවගේ අවශ්‍යතාවය ඉටුකරන්න අපි කැප වී සිටිනවා.‘‘

මෙහිදී ප්‍රධාන අමාත්‍යවරයාට සාමාන්‍ය මගීන්ගේ පර්යන්තය ඔස්සේ පිටතට ඒමට සිදුවීම පිළිබඳව මාධ්‍යවේදියෙකු ප්‍රශ්ණයක් නැගීය.
 මාධ්‍යවේදියා - ‘‘ඔබතුමාගේ මාධ්‍ය ඒකකයෙන් මාධ්‍යවේදීන්ට ආරාධනා කළා ඔබ ප්‍රභූ පර්යන්තයේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිතුත් කරනවා කියා. ඒ අනුව අපිත්,  ඔබට ආශිර්වාද කරන්න මහ සංඝරත්යත් මෙතනට ආවා. ඒත් ප්‍රභූ පර්යන්තයටවත් සාමාන්‍ය මගීන්ගේ පර්යන්තයටවත් මාධ්‍යවේදීන්ට යන්න අවසර දුන්නේ නැහැ. මහා සංඝරත්නයවත්, ඔබ පිළිගැනීමට කිසිවෙකුටවත් ප්‍රභූ පර්යන්තයට යන්න අවසර දුන්නේ නැහැ.  ඇයි එහෙම උනේ ? ‘‘

ප්‍රධාන අමාත්‍යවරයා -  ‘‘ ගුවන්තොටුපලේ ඛෙහෝ දෙනෙක් ඉන්නවා මගේ පියා රැකියාවලට දාපු අය. ඒ අය සියලූ දෙනා පහසුකම් දීලා  සාමාන්‍ය පුරවැසියෙක් වගේ මාව එව්වා. ඒක ගොඩක් හොඳයි මටත් සාමාන්‍ය විදිහට එන්න ලැබුනා.

මෙතන යම් යම් ප්‍රශ්ණ තියෙනවා. අපි දේශපාලනමය වශයෙන් කටයුතු කරන විදිහ සමහර අයට හොඳ නැතුව ඇති. ඒ අයට කරන්න පුලූවන් දේ ඒ අය කළා. ඕවා කළැයි  කියා අපේ ගමන නවතින්නේ නැහැ‘‘

 

 

9 10 71 3 5 6   

 

 



අදහස් (0)

ප්‍රසන්න මිණිපුර රැළියට මහ පිරිස් රැස්කරයි

චන්දන රණසිංහ Thursday, 26 March 2015 05:07 AM

ජනතාව කඩු මුවහත් කරගෙන ඉන්නේ මැතිවරණය එනකන් ප්‍රසන්න ඔබට ජය (අ)

:       0       0

දහම් Thursday, 26 March 2015 05:31 AM

යහපාලනයද මේ. ලබන ඡන්දෙදි නියම උත්තර ලැබෙනවා. (ස)

:       0       0

නුවන් Thursday, 26 March 2015 05:32 AM

ප්‍රසන්න වගේ කෙනෙක් රට ඉඳන් එන එක ඇයි මෙච්චර මීඩියා එකට එන්න කියල කරන්න ඕන. මේ සෙනග ගෙන්න ගත්තු ටිකක් කියල මටනම් හොඳටම විස්වාසයි. මට තේරෙන්නෙ නෑ මොකක්ද මේකෙ තේරුම කියල. (ස)

:       0       0

චාමර Thursday, 26 March 2015 05:41 AM

පඩි වෙඩි වෙලා... බදු අඩු වෙලා.... නීතිය රියාත්මක වෙන මේ ආණ්ඩුව එලවන්න අපිට පිස්සු නැහැ.(හේ)

:       0       0

දුමින්ද Thursday, 26 March 2015 05:46 AM

වීරයෙක් ද්‍රෝහියකු වන්න යන්නේ සුළු කාලයකි.(හේ)

:       0       0

කමල් Thursday, 26 March 2015 05:55 AM

"මම ජීවත් වෙන්නේ අල්ලපු ගමේ. මේ පළාතේ ගොඩ දෙනෙක්ව මගේ පියා මෙහි රැකියාවට දා තිබෙනවා. ඔවුන් මට ගොඩක් සමීපයි" - දේශපාලනය කෙසේ වෙතත් මේවා කැත වැඩ‍‍. මමත් ඇතුලු අපිත් ගුවන් තොටුපල රැකියාවට ඉල්ලුම් කරනවා, මේතුමා පමණක් නොව සියලු දේශපාලකයින් තමන්ගේ අය ඔබනවා. මේ පලාතේ හැමෝටම මේ ලියන මට වඩා සුදුසුකම් තිබ්බා කියලාම කියන්නත් බැහැ නේද? මේ ක්‍රමය නැති කල යුතුයි. කොයි දේශපාලකයටත් රැකියා අල්ලස් දීලා ගොඩක් සමීප කර ගත්තහම ගොට්ටටෝ ටිකක් හදාගන්න පුලුවන් නේද? ගම්පහ නොවන මගේ රැකියාව අහිමිවීමට හේතු වන්නට ඇතැයි සිතන ඔහුගේ පියාට මාගේ විරෝධය. (ස)

:       0       0

රෝයි Thursday, 26 March 2015 06:00 AM

නැවත ගේන්න හදනවද? (ස)

:       0       0

දිනේෂ් Thursday, 26 March 2015 06:09 AM

අනේ චාමර, කොහෙද කියනවද බදු අඩු වුනේ? බඩු මිල අඩු වුනේ? ඔය ඉන්න රටේ එහෙම වුනාට ලංකාවේ නම් තාමත් තිබ්බ වගේමයි! (ම)

:       0       0

නාරද Thursday, 26 March 2015 06:57 AM

කමල් දුක්වන්න එපා, දින සියයේ වැඩපිළිවෙළ අනුව තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත වූ පසු මේ ගැන ඔබට විමසීමක් කල හැකි වේවා.(හේ)

:       0       0

කුෂාන් Thursday, 26 March 2015 07:24 AM

චාමර ඔබ තුමා ඉන්නේ ශ්‍රී ලංකාවේද එහෙම නැත්නම් අඟහරු ලෝකෙද? යන්න මහත්තය යන්න. (ස)

:       0       0

රණසිංහ Thursday, 26 March 2015 07:42 AM

චාමර දැන් එළිවෙලා නැගිටලා කොත්තමල්ලි ටික බොන්න. ඕක ඉක්මනට සනීප වෙලා යයි (ම)

:       0       0

සම්පත් Thursday, 26 March 2015 08:16 AM

ලොකුම වීරයා...හිනායන වැඩ.දැන් කොමිස් නැතුව ඇති.එ්කයි දගලන්නේ.නැතිනම් පිස්සුද රට කාලා මහජන මුදල් නාස්ති කරපු කෙනෙක්ව අාපහු ගේන්න හදන්නේ .අගමැති කම දෙනකන් බලාගෙන ඉන්න...පව් (බ)

:       0       0

රොෂාන් Thursday, 26 March 2015 08:16 AM

ඈයි ඔහෙලට ඕනේ කම්බ හොරෙක්ද? (බ)

:       0       0

වසන්ත Thursday, 26 March 2015 10:32 PM

ප්‍රසන්න මහතාණෙනි, කරුණාකර  සත්‍යය අවබෝධ කරගන්න (නි)

:       0       0

සුමුදු හේවා Thursday, 26 March 2015 09:19 AM

හිතට එකඟව නිර්භයව හරි දේ කරන ඔබට ජය. (ම)

:       0       0

රිචි බාලසුරිය Thursday, 26 March 2015 09:21 AM

මේ කට්ටිය ටිකක් දඟලනවා වැඩියි. රට අස්ථාවර කරමින් , තම අභිමතය පමණක් සිතන කොටසක් (ම)

:       0       0

එස් ජයසිරි Thursday, 26 March 2015 09:37 AM

මේ අයගේ කාලය අපරාදේ මහින්ද පොඩි මිනිහට කල දෙයක් තියෙනවද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 149 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 103 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 104 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 512 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1013 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 1077 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site