ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශිය බලවතුන් වූ ගම්පහින් බස්නාහිර හිටපු මහ ඇමැති හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, දෙහිවල - ගල්කිස්ස ධනසිරි අමරතුංග, මහනුවර දිළුම් අමුණුගම, කොළොන්නාව හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා, මහරගම කාන්ති කොඩිකාර ඉවත් කර අලුතින් ආසන සංවිධායකවරුද දිස්ත්‍රික් සංවිධායකවරුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ සිටිති.
නව සංවිධායකවරු පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක සහ ජනපති ලේකම් පී.බී.අබේකෝන් මහත්වරුන් ඉදිරියේ දී ජනපති අතින් පත්වීම් ලැබූහ.
ආසන සංවිධායකවරු
කොළඹ දිස්ත‍්‍රික්කය
මහරගම - පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය පෙරේරා
දෙහිවල - නීතිඥ කීර්ති උඩවත්ත
බටහිර කොළඹ - පළාත් සභා මන්ත‍්‍රී හෙක්ටර් බෙත්මගේ
කොළොන්නාව - කොටිකාවත්ත මුල්ලේරියා ප‍්‍රා.සභාවේ සභාපති ප‍්‍රසන්න ගුණසිංහ සෝලංගආරච්චි
අවිස්සාවේල්ල - සුමිත් විජයමුණි සොයිසා
ගම්පහ දිස්ත‍්‍රික්කය
මිනුවන්ගොඩ - රුවන් රණතුංග
මීරිගම(සම) - සංජය සිරිවර්ධන
කළුතර දිස්ත‍්‍රික්කය
පානදුර - මහින්ද සමරසිංහ
අගලවත්ත - බස්නාහිර පළාත් සභා අමාත්‍ය රංජිත් සෝමවංශ
ක`එතර (සම* - බස්නාහිර පළාත් සභා අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස්
මාතර දිස්ත‍්‍රික්කය
මාතර - දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම පෙම්සිත් රාසපුත‍්‍ර
මහනුවර දිස්ත‍්‍රික්කය
හේවාහැට - අමාත්‍ය එස්.බී දිසානායක
සෙංකඩගල - පළාත් සභා මන්ත‍්‍රී තිළිණ බණ්ඩාර තෙන්නකෝන්
උඩුනුවර - මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී මානෙල් බණ්ඩාර අබේරත්න
මහනුවර - මහින්ද අබේකෝන්
අකුරණ - මොහොමඞ් සම්සාන්
ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කය
සේරුවිල - නලින් ගුණවර්ධන
දිස්ත‍්‍රික් සංවිධායකධූර පත්කිරීම්
කොළඹ - සුජීවා චන්ද්‍රසිරි
ගම්පහ - අංජු ශ‍්‍රී ෂාම් පෙරේරා
කළුතර - අසංක එදිරිවීර
ගාල්ල - පළාත් සභා මන්ත‍්‍රී චන්න සාලිය මෙන්ඩිස් / තිසර ගුණසිංහ
මාතර - පසඳ යාපා අබේවර්ධන / නලින් රණවීර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති තුමාට හා මහ ලේකමි තුමාට ජයවේවා. (ර)
දේශපාලනයේදී සහෝදරකමටත් සැලකීමක් නැහැ. අපේ පාරම්පරික වටිනාකම් වලට ඉඩක් නැහැ (බ)
සෝලංග අපේ ගමේ කෙනා. එයා අපිට හොඳයි. ජයවේවා! (නි)
සෝලංගට ජය නියතයි (නි)
සෝලංග තරුණ දක්ෂ සංවිධායකවරයෙක්. එකම සුදුස්සා එයාමයි. ජයවේවා! (නි)
නායකතුමාට ජයවේවා! අපිට හරි සතුටුයි (නි)
ඉතා හොඳ තීරණයක්. ඉතුරු ටිකත් සුද්දකරන්න (නි)
සෝලංග ට ජයවේවා.! (ර)
කොලොන්නාවට එකම සුදුස්සා සෝලංග තමයි. (ර)
නායකයා ශක්තිමත් කරන්න ගත් හොද පියවරක් නියමයි. (ර)
කොලොන්නාවනම් සෝලංග ආරච්චිට හරියන්නේ නැහැ. කොලොන්නාවට අවශ්‍ය අවංක දේශපාලකයෙක්. (ර)
ජයවේවා ! (ර)
දැන්වත් ඇස් ඇරුණු එක අපිට හරි සතුටුයි. (ර)
මිට කලින් මෙය කළයුතුව තිබුනා දැනුත් පමා වැඩි නැත ජයවේවා .. (ර)
හරි සතුටුයි ජයවේවා. (ර)
ජය වේවා !!! (අ)
අපිනම් මේගොල්ලන්ට ඡන්දෙ තියා පැත්ත පළාතකට ගන්නේ නැහැ. (ර)
ජය වේවා මහින්ද මැතිතුමාට.! (ර)
අපි ඔබ තුමා සමගයි .ජයවේවා ..ජයවේවා ..ජයවේවා ..! (ර)
ජයවේවා ....ජයවේවා.....ජයවේවා .....(ම)
මටත් කයන්න තියෙන්නේ ජයවේවා. පක්ෂේ කන අයට කනේ පහර...(බ)
ජය වේවා ! මේක මීට බොහොම කාලෙකට කලින් කල යුතුව තිබුන දෙයක්. (ර)
පත් කිරීම ඇත්ත. ඡන්දේ නැත. (ර)
මේ කව්ද ? (ර)
අන්ත පරාජයක පෙර සලකුණු. (ර)
මෛත්‍රීපාල මැතිතුමනි, අපේ ආශිර්වාදය! (ර)
සංවිධායක වරු නම් ඕන තරම් පත් කර ගන්න බැරියැයි. පුලුවන්නම් ඔය මහත්තුරු ඡන්දෙ ඉල්ලගෙන අපි ලගට එන්නකෝ. (ර)
ප්රසන්න මහත්තය හොඳ දේශපාලන අනාගතයක් තියෙන පුද්ගලයෙක්, පොඩිකාලේ යාලුවෝ පස්සේ යනවා වගේ එක එක පුද්ගලයෝ පස්සේ යන්නේ නැතුව දැනට සිටින පක්ෂ නායකත්වයේත් ඉන්න ඕන. (ර)
සංවිධායකවරු නම් ඕන තරම් පත් කර ගන්න බැරියයි...සංවිධානය කරන්න ඉතින් මිනිස්සුනම් ඉතින් ඔය විධායක බලයම යොදල අගහරු ලෝකෙන් ගෙන්න වේවි.,,පුලුවන්නම් ඔය මහත්තුරු චන්දෙ ඉල්ලගෙන අපි ලගට එන්නකෝ..බත් ගොට්ටන්ටන්ගේ දේශපාලන ජිවිතේ මරණ සහතිකෙත් ඔය පත් වීම් එක්කම ඉල්ලගෙන රාමු කරලා තියා ගන්න.(අ)