ප්‍රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානය විසින් එහි මරණාධාර ඒකකයට ආධාර පිණිස 18 වැනි වරටත් පවත්වන ආධුනික ගී තරගය මෙවර ද නොවැම්බර 10 වැනි ඉරිදා සවස 02 ට පැරීසියේ කළාප අංක 12 හි රූ අන්තුවාන් ජුලියන් හෙනාර්ඩ් පාරේ අංක 24 හි මොන්ගැලේ උමං දුම්රිය පොළට නුදුරින් පිහිටි ලෙ සොන්ටියෙර් ශාලාවේදි පැවැත්වීමට නියමිතය. මෙවර ආධුනික ගී තරගයේ විනිශ්චය සදහා 90 දශකයේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් වූ නාමල් උඩුගම සහභාගී වෙයි.
ගී තරගයෙන් පසු දිපාල් සිල්වා හා නාමල් උඩුගම සහභාගි වන සංගීත ප්‍රසංගයට පැරීසියේ චමින්ද ලිවේරා ප්‍රමුඛ ඡායා වෛයිබ්‍රේෂන් සංගීත කන්ඩායම වාදනයෙන් සහාය වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක් අපි අගය කරනවා (දී)
ශා..... නියම වැඩක් නේ (දී)
කාලයකට පෙර ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ගොඩක් වැඩ කල ශාක්‍ය ජයවර්ධන මහතාගේ නම දැන් දැන් දකින්නත් නැහැ වගේ. එතුමා පැරිසියේ ලාංකිකයන්ට පමණක් නොව ඉතාලියේ සිට පැරිසියට සංචාරය කළ අයටද ආගන්තුක සත්කාර කළ කෙනෙක්. (නි)
මමත් හොද බැසගිය නැග එන ආධුනිකයෙක් තමයි (නි)
ශාක්‍ය ජයවර්ධන දැන මේවායේ නැහැ. එයා වෙනම සමිති දෙකක් ගෙන වෙනම වැඩ. එකක් ක්‍රිකට් සංගමයක්. අනික් එක ක්‍රිස්තියානි සංවිධානයක්. (ස)
බැලුවම පිටිගල මිලානෝ ගිය ගිය තැන පිනට කාල ඇවිත් ඉන්නේ මෙහෙ වාගේම. ඉතින් කාපු තැනට කඩේ යනවා.හොඳ ප්‍රතිපත්තියක්. (ස)
සේරම්, ඔහු ඕවායේ නැති හින්ද තමයි මම හිතන්නේ සෙනග අඩු. පැරිසියේ සිංහල සංවිධාන වල මුලික පදනම් ගොඩක් දැම්මේ ඔහු. මම දන්නා විදියට දශක කීපයකට පෙරත් පැරිසිය හරහා 'ජගුවර්' රථයක ගිය සිංහලයෙක් ඔහු. (අ)
අර මේ දවස් වල ලංකාවේ නිලියක් ඉන්නේ, පොඩිකාලේ ඉදලා පැරිස්වල හිටියා කියන.එයා පැරිසියේ සින්දුත් කියන්නවලුනේ. එයා යන්නේ නැද්ද ඕකට? (නි)