ප්රංශයේ දී අත් අඩංගුවට ගත් කොටි නායකයකු වන ජෙයන්තන් ධර්මලිංගම් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම සඳහා උසාවි නියෝගයක් අපේක්ෂාවෙන් එරට රඳවාගනු ලැබ සිටියි. ශ්‍රී ලංකාවේ බෙදුම්වාදි කොටි සංවිධානයේ ප‍්‍රධානියක් ලෙස සැලකෙන ජාත්‍යන්තර ඉන්ටර්පෝල් ආයතනයේ වරෙන්තු ගත ලැයිස්තුවේ ප‍්‍රමුඛයකු වූ ජෙයන්තන් තර්මලිංගම් (36) පැරීසියට කි:මි: 32ක් ඈතින් පිහිටි චෙසී නගරයේ පොලීසිය විසින් අත් අඬංගුවට ගනු ලැබීය. ඔහු ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට තැත් කිරීම ඇතුළු බෝම්බ පිපිරවීමට සම්බන්ධ ත‍්‍රස්තවාදි කන්ඩායමක් මෙහෙයවා ඇතැයි කියති.
මොහු ලංකාවෙන් පැන ගොස් ප‍්‍රංශයේ අග නගරයට නුදුරු චෙසී නගරයේ වාසය කරමින් නීත්‍යානුකූල බලපත් නොමැතිව සේවය කරමින් සිටියදී පොලිසිය කළ කැඳවීමකට පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවකදී අත් අඬංගුවට පත්වූ බව පැරීසියේ පළවන ප‍්‍රසිද්ධ පුවත් පතක් වන පැරීසියන් පුවත් පතට පොලිස් ප‍්‍රකාශක කළ ප‍්‍රකාශයක සදහන්වේ. ශ්‍රී ලංකවේ ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියමවී ඇති මොහු දුටු තැන අල්ලා ශ්‍රී ලංකාවේ රජයට බාරදිය යුතුබවට වරෙන්තුවක් ඇත්තෙකි.
පසුගිය 17 වෙනි සිකුරාදා රටින් පිටුවහල් කිරීමට අවශ්‍යය අවසර ලබා ගැනීමට ඉහල උසාවියකට යොමු කර ප‍්‍රංශයේ දේශසීමා ආරක්ෂක විශේෂ පොලිස් ඒකකයක අත් අඩංගුවේ පසුවේ. ජාත්‍යන්තර වරෙන්තුවට අනුව ඉදිරි දිනයකදී ඔහු ශ්‍රී ලංකාවේ රජයට භාර දෙතියි අපේක්ෂා කැරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහුට තදබල ලෙස දඩුවම් කල යුතුයි, (අ)
මොහුට නීතියෙන් දියයුතු ඉහළම දඩුවම දිය යුතුයි (දිල්)
ලංකාවට ආවාම ඇප මත නිදහස්,වැඩිය කලබල වෙන්න එපා (දිල්)
වැරදියට තේරුම් ගන්න එපා,මම හිතන්නේ මේකට කියන්නේ උදර්පන නිතිය (දී)
උදර්පන නිතිය ඕකට කියන්නේ (දී)
බයවෙන්න එපා බෝගම්බර ගියාම අපේ කොල්ලෝ හොදට සලකයි මෙයාට ! (දී)
සුනිල් ආනන්ද ජාත්‍යන්තර ඉන්ටර්පෝල් ආයතනයේ වරෙන්තු ගත ලැයිස්තුවේ නැද්ද? (දී)
මමයි අපේ අයියයි මෙම ජාතිවාදී ක්‍රියාවට එරෙහිව දිවිහිමියෙන් සටන් කරනවා. පරණ දේවල් අමතක කරලා අපිත් එක්ක එකතු වෙනවල (අ)
මේ අය තමා මානව හිමිකම් ඔලුව උඩ තියාගෙන මිනි මරන්නේ මෙයාලට උඩ ගෙඩි දෙන අය තමා ඔය හිමිකම් කොඩිය උස්සන දගලන්නේ (අ)
ලංකාවට දුන්නට පස්සේ පාර්ලිමේන්තුවේ රැකියාවක් සමගින්ම ඇප දෙයි...!! ආයේ කතා දෙකක් නැහැ.(නදී)
ඔය අතුරුදහන් උනයි කියන අයගෙන් 90%ක් ඉන්නේ ඉන්නේ ප්‍රංශය ,කැනඩාව . ඉතාලිය බ්‍රිතාන්‍ය වගේ රට වල හැංගිලා.(නදී).
ඔය ගැන පුලුවන් නම් තව ගැඹුරින් සොයා බලන්න. (නි)
මේකට නිසි දඬුවන් දෙන්න ඕන රටට සහ ජාතියට කරපු විනාශසයට (අ)
ඔන්න තවත් එක අතුරුදන් උන කෙනෙක් මතක් කරලා දැන් ලිස්ට් එකෙන් නම කපල දාන්න.(නදී)
මේකාගේ හොඳ කාලේ ඇවිල්ලා. කේ පී ගේ දඬුවම ලැබෙන්න වාගේ යන්නේ. (අ)
ආයිත් බෝම්බ පුපුරවයිද දන්නැ.ලංකාවෙ ඉන්න දෙන්නවත් වටින්නැ (අ)
එල්ලලා මරා දාන්න.(නදී)
අනේ වැඳලා කියන්නම්. . එයාව මහජනයාට බාර දෙන්ටකෝ... (අ)
මමත් ඉන්නේ පැරිස් තමා ,මෙයාල තමා අපේ සිංහල කොල්ලන්ගේ ඔලු පැලුවේ කඩේට බඩු ගන්න ගියාම (අ)
ඔය ගොඩක් අතුරුදහන් වෙලා කියලා ජිනීවා අයට ලිස්ට් දෙන්නේ එල්.ටී.ටී එකේ ඉදලා යුද්ද කරපු කට්ටිය වෙන්න ඇති. දැන් කියන්නේ අපේ හමුදාව බලෙන් මැරුවා වගේ. එල්.ටී.ටී එකේ බදවා ගත්ත පඩි ගෙවපු ලිස්ට් හොයා ගත්තා නම් අතුරු දහන් උන අයගෙන් 95% හොයාගන්න පුළුවන් වෙයි.(නදී)
පැමිණි පසු මොහුට නිසි දඩුවම දිය ලබා දෙන්න.(නදී)
ඇමති මණ්ඩලය තවත් ලොකු වෙවිද? (නදී)
ඉදිරියේදී දේශපාලනයට ඇතුළු වෙන්න වරම්.(නදී)
ලංකාවට කොටි ගෙන්න එපා මුහුදට දාන්න (අ)
මෙයාටත් සමාව දීලා පුනරුත්ථාපනය කරයිද දන්නේ නැහැ. (අ)