ප‍්‍රංශයේ පැරිස් නුවර, ප‍්‍රංශ ශ්‍රී ලංකා සුභසාධන සංගමය සංවිධානය කළ ශ්‍රී ලාංකික සහජ කුසලතා සංගීත සැදැවෙන් ලද ලාභ මුදලින් රුපියල් ලක්ෂ 6 ක් වටිනා බෙහෙත් ද්‍රව්‍ය ප‍්‍රමාණයක් මහරගම පිළිකා රෝහලට පසුගියදා පරිත්‍යාග කැරිණි.
ප‍්‍රංශ ශ්‍රී ලංකා සුභසාධන සංගමයේ සංවිධායක මැක්සි සිල්වා, භාණ්ඩාගාරික ප‍්‍රසංග සිල්වා, උප සභාපති හේමින්ද විජේරත්න, කාරක සභික රොෂාන් කිරිඇල්දෙනිය සහ නිමල් අතුකෝරල මහත්වරු විසින් ශල්‍ය වෛද්‍ය කණිෂ්ක ද සිල්වා මහතාට එම බෙහෙත් ද්‍රව්‍ය ප‍්‍රමාණය භාර දෙන ලදි.
ඉදිරියටත් ශ්‍රී ලංකාවේ පිලිකා රෝගීන්ට ඇප උපස්ථාන කිරීම තම සංවිධානයේ අරමුණ බවත් ඒ සදහා මහරගම පිලිකා රොහලේ වෛද්‍ය කණිශ්ක ද සිල්වා මහතාගේ උපදෙස් සමග කටයුතු කරන බවත් සංගමයේ සභාපති සනත් මුතුනමගොන්නගේ මහතා එසැණට පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුනේ අගය කරන්න මේ වැඩේ (දී)
මොකාක් හෝ යටි අරමුණක් තියෙනවද (දී)
මම සමත්ත රට වෙනුවෙන් අගය කරනවා (දී)
ඉතා හොද වැඩක් (දී)
ඉතා හොද වැඩක්, ඔබ සැමෙට ජය වේවා (දී)
හොද වැඩක් (දී)
පැරිසිය ලාංකික පින්වන්තයන්ගේ බිමක්! (නි)
ඉතාමත් පින් අතේ වැඩක්. අපේ ලංකාවේ ඉන්න අසරණ ජනයා ගැන සිතීම. (නි)
ලංකාවේ අසරණ මිනිසුන් හට පිහිට වීම පින් ඇති වැඩක්. එහෙත් ලංකාවේ සිටින යම් ඇත්තෝ එය දකින්නේ යටි අදහස් ඇතුව කරනවා වගේ. එහෙත් එසේ සිතන අය පරිත්‍යාගයක් ලෙස දුක් විදින ලෙඩෙක් හට පාන් කාලක් පරිත්‍යාග කර තියෙනවද? බොහෝ දෙනෙක් නොදන්නවා ඇති, මේ සංගමය කරන සේවාව. ඔවුන් කරන්නේ ඔවුන්ගේ එක සිතින් බව. ඔවුන්ගේ ජීවිතයට මේ කුරිරු රෝගයෙන් බොහෝ බලපෑම් ඇති බව එක විනාඩියකටවත් ඔබ සිතුවද? ඔබ සියලු දෙනාහට සියලු දෙවිවරුන්ගේ පිහිට ලැබේවා. අපි සැමවිටම ඔබ සමග සිටිනවා. (නි)
බොහොමත්ම පින් ඔයාලට (නි)
ඔබ සියලුදෙනාට බොහොම පින්. තව තවත් වැඩි වැඩියෙන් ලැබේවා ! තව තවත් මේ වගේ පින් කරගැනීමට වාසනාව උදාවේවා ! (නි)
යහපත් වැඩක්. ඔබලට ලොකයෙන් යහපත් ප්‍රතිචාර ලැබෙනවා. (ස)
වසන්ත මහත්මයා ඔය වැඩ කරන්නෙ යටි අරමුණක් තියාගෙනද? හොඳ වැඩක් කලාම අරමුණ ගැන හිතනවට වඩා පෙරමුණ අරගෙන කරපු හොඳ දේ අගයලා ඔයත් දෙයක් කලොත් නරකද? මේවගේ හොඳ කටයුත්තකට සහභාගී වුණ සැමටම පින් වගේම දීර්ඝායුෂ පතමු. (ස)