පැරීසියේ විල්නෙව් සෙන්ට් ජෝර්ජ්හි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පිංකම පසුගිය දා පැවැත්විණි.
එහි විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම පිංකමට ඩෙන්මාක් හී කොපන්හේගන් විහාරස්ථානයේ විහාරාධිපති මාරතුගොඩ උපරතන, ජර්මනියේ බර්ලින් සම්බෝධි විහාරාධිපති ගම්පහ දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරාධිපති රඹුක්වැල්ලේ දේවානන්ද , ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බෞද්ධ විහාරාධිපති පුජ්‍ය හල්යාලේ විමලරතන, එහි විහාරවාසි අනුරාධපුරයේ සුමණරතන, ස්විට්සර්ලන්තයේ සුරිච් නුවර බෞද්ධ විහාරවාසි සුදස්සි , පේරාදෙනිය විශ්ව විද්‍යායාලයේ කථීකාචාර්ය වෑතර මහින්ද, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කථීකාචාර්ය උඩුගම සුදස්සි , වැල්ලව පුදනාපිටිය රජමහ විහාරාධිපති කුරුනෑගල චන්ද්‍රවංශ, ජර්මනියේ සෙන්ට්ගාලන් හී ශ්‍රී ලංකා මහා විහාරාධිපති ලේඩියන්ගල සුදස්සී , ගම්පහ විජයවංශ මහා පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති විලච්චියේ කස්සප, දළුපිටිය සාක්‍යසිංහාරාමාධිපති කිරිමැටියාගාරේ සිරිධම්ම සහ හුරීකඩුවේ විමල යන හිමිවරු ද පිංකමට සහභාගි වූහ.
දහවල් දන්සැලෙන් හා කඨින පෙරහැරෙන් පසු කඨින චීවර පුජාවද, අනතුරුව සවස පවත්වන ලද අටවිසි බුද්ධ පූජාව හා ධර්ම දේශනා වලින් පසු පිංකමේ කටයුතු අවසන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලියන මහත්තයා පැරිසියේ සහ එංගලන්තෙයේ දෙකේම එකවර ඉන්නා කෙනෙක්ද ? වරක ලන්ඩන් වල කියා එකක් දමනවා . වරක පැරිසියේ කියා දමනවා . ඔහු ළඟ පියාඹන පිරිසියක් වත් තියෙනවද ? (නදී)
පැරිස් ගැන ඔය තරම් දන්නා ඔයා දන්නේ නැද්ද පැරිස් වල බෞද්ධ පන්සලක් තියෙනවා කියලා. ඉරිදා උදේට ෆ්‍රාන්ස් 2 යන බෞද්ධ වැඩ සටහන් බලන්න.(නදී)
මමත්. සුසිල්කා ගුණසේකර මහත්මියගේ අදහස කියෙව්වා මගේ වටහා ගැනීම නම් එය එක සික්ෂා පදයක් ලෙස ලියා ඇති බවයි. ප්‍රංසයේ පන්සල් බිහිවීමේ මුලික පදනම් , ඇතුලත ගැටළු පිපිරිමයි. අර්මන් ඔබන් විහාරයේ සිටම එය එසේමයි. මේවා නිසා සංඝයා මෙන්ම මිනිසුන්ද බෙදී ඇත. ප්‍රදර්ශනය නොකළ යුතු දෙය ප්‍රදර්ශනය කිරීමද අලුතෙන් පන්සලක් බිහිවීමට හේතු පාදක වී ඇත.(නදී)
රිච්ක්වින් ඇතුලු පවුලේ සැමට තෙරුවන් සරණි..සාදු..සාදු ..(නදී)
සුසිලා ගුණසේකර නමින් ඉන්නේ බෞධයකු නොවෙන්නට පුළුවන . පලවෙනි පන්සිල් පදය ( පානාතිපාතා වේරමණී සික්කා පාදන් සමාදියාමි ) එයත් සමග මොකක්ද තිබෙන සම්බන්දය පැරිස් නුවර පන්සල් තිබීම ? සුසිලා පළමුව පන්සිල් පද ඉගෙන ගන්න පසුව ප්‍රතිචාර දමන්න . තරහ ගන්න එපා (අ)
සුසිලා ගුණසේකර පැරිස් නගරය තුල පන්සල් නැහැ . එහෙත් පැරිස් නගරයේ සිට විනාඩි 20 ක් තුල ඕනෙම කෙනෙකුට යාහෙකි පන්සල් 3 ක් තිබෙනවා ලංකාවේ භික්ෂුන් සිටිනා . එය හේර තවත් පන්සල් තියෙනවා කාම්බෝජ වියට්නාම් තායිලන්තයේ අයගේ . ඔවුනුත් ලංකාවේ පන්සල් වලට එනවා යනවා . එමෙම්ම ලාංකිකයන් ඔවුන්ගේ පන්සල්වලටද සහබාගි වනවා . දැනුවත් කිරීමක් කරේ (අ)
මෙන්න මේ සුසිලා කියන කෙනාට පන්සිල් පද 5 හරියට කියල දෙන්නකෝ! (නදී)
සත්‍ය බුදු දහම ප්‍රචාරයට ,මහනායක හෝ සඟ නායක කියා තනතුරක් අවශ්‍යද? නිර්මල බුදු දහම සියලු සත්වයින්ටම අවබෝධ වේවා! (නදී)
පැරිස් නගරයේ පන්සලක් තිබෙනම් දන්නා කෙනෙකු ඇතොත් මෙහි ලිපිනය සදහන් කොරන්න මෙතනම් 1 ශික්ෂා පදයක් කඩලානේ (අ)
නිමල්, සංඝනායක හිමිවරුන් නැතුව අපිට කඨින පින්කමක් කරන්න බැරිද?. උපසම්පදා හිමිවරුන් හතර නමක් හිටියත් ඇති කියලයි මම නම් අහල තියෙන්නේ. (නදී)
නිමල්, ඒකට ලොකු හේතුවක් තියේනවා. මේවගේ ඇත්ත පත්තරවල අය දන්නේ නැහැ. ඒක නිසා මිනිස්සු පැරිස් නුවර සංඝනායක හිමිවරුන් ගැන වැරදී විදියට හිතනවා. (නදී)
සාදු.සාදු.සාදු. මේවා අට මහා කුසල් වේ.එමෙන්ම සඟ රත්නය එකමුතු කිරීමද ඇති මහත් පිනකි.සියලු සත්වයෝ නිදුක් වෙත්වා.නීරෝගී වෙත්වා,සුවපත් වෙත්වා,දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා.සාදු.සාදු.සාදු.(අ)
සුමංගල නායක හාමුදුරුවෝ හරියට පේන්නේ නැහැනේ.(නදී)
පෑරීස් වල සියලුම බෞද්ධයන්ට තෙරුවන් සරණයි .(නදී)
මෙවැනි දෙයක් දැකීමමත් සතුටක් (නි)
සාධු සාධු සාධූ!!! (නි)
පැරිස් නුවර සංඝනායක හිමිවරුන් මෙහි දකින්නට නැහැනේ (නි)
සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා දුකින් මිදේවා සැපතට පත් වේවා . අවසානයේ අමා මහ බුදුන් දැක නිවන් දකිත්වායි පතමි. (නදී)
සියළු පැරිස් බෞද්ධයන්ට තෙරුවන් සරණයි ! (නි)
වෛරී සිත් සහ සිතුවිලි, මෙවන් පින්කම් දැකීමෙන් හෝ අවෛරීව පහන් වේවා! ක්‍රෝධය ඊර්ෂ්‍යාව දුරු වේවා! (නි)
මේ අටමහා පින්කම් වලින් එකක්. (නි)