පරිසරය සම්බන්ධ සියළු විෂයයන් හා රාජ්‍ය ආයතන සියල්ල එකම අමාත්‍යාංශයකට ගන්නැයි රජයට බලකරන බව පරිසර සංවිධාන එකමුතුව පවසයි. ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එම සංවිධාන කියා සිටියේ වනජීවී දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙන වෙනම අමාත්‍යාංශ ලෙස පැවතීමෙන් ගැටළු රැසක් ඇතිවන බවත් ඔවුන් පෙන්වාදෙයි.
දින සියයේ පාලන කාලයේ දී ද මේ වරද ඒ ආකරයෙන් ම පැවති බවත් පාර්ලිමේන්තුව විසුරුවාහරින අවස්ථාව වනවිට පරිසර අමාත්‍යවරයා ජනාධිපතිවරයා වුව ද වනජීවී දෙපාර්තමේන්තුව සංචාරක අමාත්‍යාංශය යටතේ තිබූ බවත් පරිසරවේදීන් පවසයි.
පරිසර සංවිධාන එකමුතුවේ සාමාජිකයන් පෙන්වාදෙන්නේ වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වෙරළ ආරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය, මැණික් හා පතල් කාාර්යාංශය සහ වනජීවී දෙපාර්තමේන්තුව එකම අමාත්‍යංශයක් යටතේ තිබිය යුතු බවයි. ඒවා බෙදා වෙන්කැර පාලනය කිරිමෙන් මෙරට පරිසරයේ සුරක්ෂිතතාව තහවුරු කළ නොහැකි බව ද ගැටළු රැසක් ඇතිවන බව ද ඔවුහු කියති. ච්ඡාවක් කැඳවමින් එම සංවිධාන කියා සිටියේ වනජීවී දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව.
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
‘‘පරිසර විෂය බෙදුවොත් සිදුවන්නේ විනාශයක්“
උපුල් Friday, 04 September 2015 04:30 AM
අනිවාර්යෙන් සිදුවියයුතු දෙයක් (අ)
දුමින්ද Friday, 04 September 2015 05:41 AM
එකට එක්ක්වීම හොද විසදුමකි (අ)
වයිකෝ Friday, 04 September 2015 06:22 AM
කඩා වෙන්කරන්නේ නැතුව අමාත්‍යංශ වැඩි කරන්නේ කොහොමද? (අ)
දුමින්ද Friday, 04 September 2015 06:37 AM
සමාන දෙය එකතු කිරීම වැදගත් (අ)
දිනේෂ් සුබසිංහ Friday, 04 September 2015 07:44 AM
දැන් මේ අය කියන දේ අහල එකතු කරලා දෙවි (අ)
යසිරු Friday, 04 September 2015 01:27 AM
හොඳ යෝජනාවක් (නි)
චාන්දනී Friday, 04 September 2015 08:42 AM
පරිසර අමාත්‍යවරයා ජනාධිපති තුමායි මෑතදී එතුමා පරිසරය වෙනුවෙන් වැදගත් තීරණ කිහිපයක් ගත්තා මෙ ගැන අවධානය යොමු කරලා එතුමා වැදගත් තීරණයක් ගනු අැතැයි බලාපොරාත්තුවෙනවා (අ)
මහනාම Friday, 04 September 2015 03:03 AM
ඇත්ත වශයන් ම අමාතයංශ 30ට සීමාචුනා නම් රටට පැහැදිලි ගමනක් යන්නට තිබුනා. ඒත් ඒක 45 කළ නිසා දැන් ආයතන දෙපාර්තමේන්තු කිසිම පදනමක් නැතුව බෙදන්නට වෙනවා. (අ)
අබය Friday, 04 September 2015 03:19 AM
බොහොම හොද දෙයක් නමුත් දේශපාලුවන්ට ඕක තේරෙයි ද දන්නේ නැහැ (අ)
පුෂ්පා Friday, 04 September 2015 03:28 AM
ඔන්න යහ පාලනයට හොඳ අවස්තාවක්. මෙය ඉතා කාලෝචිත අදහසක්. බලමු යහ පාලනයද ජහ පාලනයද පත් වුනු කට්ටිය කරන්න හදන්නේ කියල. (අ)
කැළණි Friday, 04 September 2015 09:55 AM
දැන් බොරුවට කැගහන්න එපා , හොඳින් විසඳයි හැම දෙයක්ම වෙන් කළාම හොඳ නෑ වෙන්නේ කොහොමද. (අ)