(ඩයනා උදයංගනී)
රටේ වායු දූෂණය අවම කිරීමේ පියවරක් ලෙස විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෝටර් රථ ආනයනය සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට රජය තීරණය කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඒ අනුව යළි වාහන ආනයනය කිරීමට තීරණය කළ පසු මෙම තීරණය ක්‍රියාත්මක වනු ඇතැයි ඇමතිවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඒ සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ද මේ වන විට අනුමැතිය ලැබි ඇතැයි කී අමාත්‍යවරයා මගී ප්රවාහණය සඳහා විදුලිබලයෙන් ක්‍රියාකරන පහත් පතුල් සහිත බස් රථ (Electric Low Floor Busses) යොදා ගැනීම කෙරෙහි ද රජය අවධානය යොමු කර ඇතැයි ද සඳහන් කළේය.
පරිසර අමාත්යරවරයා මේ බව පැවසුවේ තමා සභාපතිත්වය දරන දේශගුණික විපර්යාස සදහා විසඳුම් ලබා දෙන හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ රාජ්‍ය අමාත්‍ය අනුකමිටුව අමතමිනි.
එමෙන්ම දැනට විදුලිබලයෙන් ක්‍රියාකරන වාහනයක් විද්‍යුත් ආරෝපණයෙන් පසු ගමන් කළ හැකි උපරිම දුර කිලෝමීටර් 300-350ක් පමණ වන නිසා කිලෝ මීටර් 550ක් පමණ ධාවනය කළ හැකි මෝටර් රථ ආනයනය කිරීමටත්, විදුලි ආරෝපණ මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි කිරීමටත් අවධානය යොමු කර ඇති බව ද මහින්ද අමරවීර මහතා පැවසීය.
දැනට පුද්ගලික අංශය මගින් විවිධ ස්ථානවල ස්ථාපික කළ විදුලි ආරෝපණ මධ්‍යස්ථාන 400ක් පමණ ඇතැයි කී ඇමතිවරයා එවැනි මධ්‍යස්ථාන තවත් 350ක්වත් පිහිටුවිය යුතු බව ද කීවේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පරිසර හිතකාමී වාහන ආනයනයට පියවර
gagana Friday, 08 October 2021 01:05 PM
ඔව්... පස්සේ තමයි වාහනේ වටිනාකම වගේ 4 ගුණයක වගේ අාදායම් බද්දෙන් වැඩේ දෙන්නේ... මේක කලිනුත් කළානේ..?
lankaputha Friday, 08 October 2021 03:20 PM
මෙම වාහන ආරෝපණය කිරීම සඳහා අපි විදුලිය උත්පාදනය කිරීමට යන්නේ කොතැනින්ද?
Don Friday, 08 October 2021 03:44 PM
කොහොමද සන්තෝසේ... බැටරි චාර්ජ් කරන්න දවසක් විතර වාහන පෝලිමේ ඉන්නකොට.. කසාගන්න නියපොත්ත දිග නැති වුණාට කරන්න හදන්නේ ලෝකයේ අතිදියුණු රටවල ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න.
Bamunuarachchi Saturday, 09 October 2021 05:25 PM
ඒකත් හරියට කාබනික පොහොර දාන්න කියලා රසායනික පොහොර නැවැත්තුවා වගේ හිටියි...
Dissanayakr Saturday, 16 October 2021 05:21 PM
හොඳ තීරණයක්... නියමයි...