IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


පරිසරය හානි කරන එකම පුද්ගලයා බවට සමාජ මාධ්‍ය මට ඇඟිල්ල දිගු කරනවා-ජනපති

(සුජිත් හේවාජුලිගේ)

පරිසරය විනාශ කරන හා පරිසරයට හානි කරන එකම පුද්ගලයා තමා බවට සමාජ මාධ්‍ය අද වන විට  හදුන්වා දෙන බවත් විලාසිතාවක් වශයෙන් පරිසරය ගැන අදහස් පළ නොකොට ඒ සම්බන්ධයෙන් තම වගකීම් ඉටු කරන්නැයි එසේ කතා කරන උදවියගෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපති ගෝඨාභය රාජපකෂ මහතා පැවැසීය.

මෙරට ගංගා 103ක් සංරකෂණය කෙරෙන ‘සුරකිමු ගංගා‘ ජාතික වැඩසටහන ආරම්භ කරමින් කතරගම ‍ඓතිහාසික පුජා භූමියේ මැණික් නදිය අසළදී ජනාධිපති ගෝඨාභය රාජපකෂ මහතා එසේ පැවසීය.

පරිසර දුෂණය ගැන අද න විට සියලු දෙනාගේ සාකච්ඡාවට භාජනය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විවිධ මතවාද ඉදිරිපත් වී ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (15)

පරිසරය හානි කරන එකම පුද්ගලයා බවට සමාජ මාධ්‍ය මට ඇඟිල්ල දිගු කරනවා-ජනපති

අතුල Monday, 22 March 2021 02:39 PM

රටක සිද්ද වෙන හොඳ හෝ නරක දෙකටම හිමිකරුවා "රටේ නායකයා" මේ පරිසර විනාශ සිදුකරන්නේ නායකයාගේ පාක්ෂිකයින්, ඇමති, මන්ත්‍රීවරුන්, හිතවතුන්... සමහර ඒවා නායකයාගේ අනුදැනුම ඇතිවම විවිධ දේශීය, විදේශීය බහු ජාතික සමාගම්වලට විකුණා බද්දට ලබාදී ඇත. ඉතින් ඒවාට "රටට යහපත් තීරණයක් ගන්න තරම් රටේ නායකයාට කොන්දක් නැත්නම්", එහි වගකීම අනිවාර්‍යයෙන්ම ඔහු බාර ගතයුතුයි.

:       0       1

සමන්ත Monday, 22 March 2021 02:41 PM

එය ඔබතුමාට තේරුම් ගිය එකම ලොකු දෙයක්. ඒක තමයි ඇත්ත...

:       0       0

Demuni Uduwara Monday, 22 March 2021 05:18 PM

ඔබට නැවත වරක් කියන්න පුළුවන්..!!! 

:       0       0

Perera Monday, 22 March 2021 05:39 PM

ගංගාවල් ආරක්ෂා කරලා වනාන්තර කපලා දැම්මට කමක් නැද්ද? 

:       0       0

Keppetipola Tuesday, 23 March 2021 03:00 AM

ගංගා සංරක්‍ෂණයට පෙර ජල උල්පත් ආරක්‍ෂා කළ යුතුයි යන වග දෙකේ පංතියේ ළමයෙකුට පවා තේරෙනවා. ගස් කපා පරිසරය විනාශ කරනකොට ජල උල්පත් වැනසී ගොස් ගංගා හිඳී යනු අැත...

:       0       0

sharm warn Tuesday, 23 March 2021 03:15 AM

නැහැ.. නැහැ.. තව ඉන්නවා කැලෑ පාලුවෝ රංචුවක්ම.. ඔක්කොම ඉන්නේ ඔහේගේ හෙවනැල්ල යට. ඔහෙලා ඔක්කෝටම මේ අපරාධ පටිසන් දෙන්න වැඩි කාලයක් යන එකක් නැහැ. හැබැයි එතකොට රටට වෙන්න තියෙන අපරාධ සේරම වෙලා ඉවරයි.

:       1       9

suga Tuesday, 23 March 2021 03:45 AM

ජනාධිපතිතුමනි, ඔබතුමා යන්ත්‍රයක් අරගෙන ගස් කපනවා කියන්නේ නෑනේ... වන විනාශයක් සිදුවන විටත් ජනාධිපති හැටියට එය වැළැක්වීමට පියවරක් නොගන්නා එක ගැනයි හැමෝම කතාකරන්නේ...

:       2       22

Senarath Tuesday, 23 March 2021 06:17 AM

ජනාධිපතිතුමනි, ඔබගේ ජනතාවට ඉදිරිපත් කළ නිවැරැදි වැඩ පිළිවෙළ කරගෙන යන්න. විරුද්ධවාදියෝ සහ මිතුරු වෙසින් ඉන්න හතුරෝ 2015දී වගේ යටිකූට්ටු වැඩ කරාවි. ඒවායෙන් බේරිලා ඔබගේ ගමන යන්න වගබලාගන්න. ඒ වගේම රටේ නීතිය නවන්න කිසි කෙනෙකුට ඉඩදෙන්න එපා.. ඔබට අපේ ආශීර්වාදය..!

:       15       40

sharm warnTuesday, 23 March 2021 08:36 AM

ඔයා මෙයාට ආශීර්වාද කර කර උඩ බලාගෙන ඉන්න. ඔයාගේ දරුවෝ ඔයාට ශාප කරාවි. එතකොටවත් ඔයාට තේරෙයිද දන්නේ නැහැ.. අද මොනවද වෙන්නේ කියලා..?

:       0       2

NuwanWednesday, 24 March 2021 07:11 AM

ඉස්සර හාමු ගෙදරට ආවම ගෑනිව දීලා සරම පොරවාගෙන සිතලේ බඩගින්නේ පිලේ නිදාගත්තු නෝන්ජල් පරම්පරාවල මිනිසුන්ගේ දරුවන් තමයි මේ.. මක් කරන්නද නෝන්ජල්කම ජානවලටම කිඳා බැහැලා...?

:       0       0

Raveendra Tuesday, 23 March 2021 06:57 AM

යුද ජයග්‍රහණය කළේ තනිකරම ඔබ නිසා කියලා කියනවා. කොළඹ ඇතුළු නගර සංවර්ධනය අලංකරණය කළේත් ඔබතුමා කියලා කියනවා.. ඉතින් ඒ දේවල් වගේම මේ වන විනාශයත් තනිකරම ඔබතුමාගේ වැඩක් කියලා ඔබතුමාගේ රට වැසියන් විශ්වාස කරනවා ඇති..

:       0       0

fairoos Tuesday, 23 March 2021 07:09 AM

එහෙන් කැලේ කපලා මෙහෙන් ගංගාවන් සුරකින්න යනවා. සිරිසේන හොඳයි වගේ.. සර්ගේ ඩබල් පී.එච්.ඩී...

:       0       0

Suranjith Tuesday, 23 March 2021 07:35 AM

ඡන්දේ දීලා රටේ නායකයා හැටියට පත්කළේ වගකීම් ඉටුකිරීමට මිස වගකීම් වලින් පැනයාමට නොවන බවයි.

:       0       0

Raveendra Tuesday, 23 March 2021 08:17 AM

තමන් නිවැරදි නම් හා තමන් එසේ නොකරන්නේ නම් "අර මක්කටෙයි කලබල" වෙන්නේ. අප අපට අවංක වෙමු. එවිට ස්වභාව ධර්මයා විසින් අපව ආරක්ෂා කරනු ඇත. එය රටේ මුල්පුරවැසියාට මෙන්ම අපටද පොදු ධර්මතාවයකි. එලෙසම කිසිවෙකුට විරුද්ධව බොරු ප්‍රචාර ගෙන යන්නේ නම් එම තැනැත්තාට නීතිය මගින් ඒ සඳහා පිළිතුරු ලබාගත යුතු නොවේද..?

:       1       0

banda Tuesday, 23 March 2021 08:37 AM

කැලෑපාලුවෝ ඔක්කොම ඔබතුමා ගාව.. ඔබතුමා බබා වෙන්න එපා.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගැබිනි මව සමඟ ලොරිය අඩි 20ක් පහළට
2024 නොවැම්බර් මස 05 1 0

නතර කර තිබු ලොරි රථයක් ගැබිනි මවක් සමඟ මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිනි මව තුවාල ලබා දික්ඔය මුලි


’’සැමියා මැරූ අයුරින් මාත් මරන්න හදනවාද?’’
2024 නොවැම්බර් මස 05 361 0

තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපති


අයිස්ලන්තයෙන් සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 05 761 1

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .


ආනයන සුදු සීනි බද්ද දීර්ඝ කරයි
2024 නොවැම්බර් මස 05 373 2

ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.


රිය අනතුරින් තරුණිය මරුට
2024 නොවැම්බර් මස 05 1706 0

බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි


කමලාගේ ජය වෙනුවෙන් ඉන්දියාවේ ගමක පුද ජූජා
2024 නොවැම්බර් මස 05 997 1

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 407 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site